ගම්පහ ඉඹුල්ගොඩදී රිය අනතුරින් මිය ගිය සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සැක සහිත බවට ඇතැමුන් කළ ප්‍රකාශ අසත්‍යයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවුණැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ ගම්පහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එස් පී ඒ හේවගේ මහතා විසින් මේ මරණවලට හේතුව රිය අනතුරකින් හිස්කබලට සිදුවූ තුවාල බව සනාථ කර ඇති බව ද ඒ මහතා කියයි. අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියනුයේ අහිංසක සිසුන් දෙදෙනෙකුගේ මරණයත් සමග ඇතැම් පාර්ශ්ව සහ ඇතැම් මාධ්‍ය ගෙන ගිය පදනම් විරහිත ප්‍රකාශ ගැන කණගාටු වන බවයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහණ මහත්තයෝ.. ඒ අය කිව්වේ රිය නඅතුර සිවුව හැටි සැක බව මිස අනතුරක් සිදුවුණේ නැහැ කියලා නෙමෙයි නේද?(නු)
මරණ පරීක්ෂණයෙන් පෙන්නන්නේ වෙඩි තිබ්බොත්, පහර දුන්නොත් ඒ වගේ ශාරීරික හානියක් තිබ්බොත් විතරයි. කවුරු හරි ඇවිල්ලා අනතුර කෙරෙව්වානම් ඒක ඕකෙන් පේන්නේ නෑනේ. එම නිසා නිකන් මෝඩ කතා නොකියා ඉන්න.නමුත් ඕවා විශ්වාස කරන මෝඩ මිනිස්සුත් ඉන්නවා ඕනෑතරම්. (නි)
ඒක ඇත්ත කානි.. මේවා ලංකාවෙ අයට නම් ඇත්ත..!(නු)
මේක ඇත්තටම හදිසි අනතුරක් වෙනන්ත් පුළුවං.. දවල් පාගමන ගිහිල්ලා මහන්සියට නින්ද ගියාද දන්නෙ නැහැ..!(නු)
සම්පූර්ණ ඇත්ත.. ලංකාවෙ මින්ස්සු වගේ මිනිසුන් ඉන්න රටක් තවත් නැහැ.. මේ අය දේශපාලනයෙන් අන්ධ වෙලා..!(නු)
පස්චාත් මරන පරික්ශන වල දොස්තරල ලියන්නේ නෑ "රිය අනතුරක් නිසා සිදු වූ.." ලෙස.. ඔවුන් ලියන්නේ හිසට සිදුවු තුවාල (තුවාලය විද්‍යානුකූලව විස්තර කරනවා මිසක්) තුවාලය රිය අනතුරක් හෝ පහර දීම නිසා හෝ යනාදී ලෙස විස්තර කරන්නේ නැත. ඒ තුවාලයට හේතුව විග්‍රහ කරන්නේ අධිකරනය යි..(නු)
මරණ පරීක්ෂණයෙන් පෙන්නන්නේ වෙඩි තිබ්බොත්, පහර දුන්නොත් ඒ වගේ ශාරීරික හානියක් තිබ්බොත් විතරයි. කවුරු හරි ඇවිල්ලා අනතුර කෙරෙව්වානම් ඒක ඕකෙන් පේන්නේ නෑනේ. එම නිසා නිකන්මේ වගේ කතා කිවීමෙන් තේරුමක් නැත..නමුත් ඕවා විශ්වාස කරන මිනිස්සුත් ඉන්නවා ඕනෑතරම්..(නු)
100%ක් කෙනී ගෙ ප්‍රතිචාරයට එකගයි. කොහොම වුණත් නැතිවුණ තරුණ කොල්ලො දෙන්නා ගැනනම් හරිම දුකයි. උන් ජීවිත පිදුවේ තමන් වෙනුවෙන් නෙවෙයි. අනාගත පරම්පරාව වෙනුවෙන් කියලා සමහර මිනිස්සුන්ට නොතේරෙන එකයි පුදුමෙ. අපේ රටේ දේශපාලනය පාරම්පරිකයි. තමන්ගෙ පරපුරේ ආරට තමයි ඡන්දය දෙන්නෙ. නැතුව සිදුවිය යුත්තට නෙවෙයි. ඉතින් පාලකයො නූල අදින විදියට ජනතා රූකඩ නටනවා. පාරම්පරික අදහසින් මිදිලා වෙනසක් දකින්න හදන මිනිස්සුන්ව මෝඩයන් නිකමුන් විදියට තමයි ඒ අයට පේන්නෙ. මේ ටික තේරුම් අරන් අපිත් මේ සමහර අය දාන අදහස් කියවමු. (නි)
බොහොම ලෙහෙසියෙන්ම පරීක්ෂණත් කරලා තීන්දුවත් දීලා ඉවරයි..! බලන්නකො ආශ්චර්ය..!(නු)
මරණය ගැන සැකයි කිව්වට කවුරුත් ඇහින් දුටු සාක්ෂි නැහැනේ..? තියෙනවානම් ඉදිරිපත් කරන්න මේ කතන්දර ඔක්කොම ඉවරයි..! මට නම් හිතෙන්නේ මේ අයගේ අධික වෙහෙසීම නිසා සිදුවූ මරණයක් කියලයි..!(නු)
පොලිස් ප්‍රකාශක තුමනි.. එතකොට ඇයි අර පාරෙ තිබුණ වාහන තිරිංග සටහන් මකන්න උත්සාහ කරලා තියෙන්නේ.. මේකෙ මොකක් හරි සිදුවෙලා තියෙනවා..!(නු)
සුසාන්, හේරත්, ශාන්ත වාගේ අය බලාපොරොත්තුවෙන් සිටිය මරණයක් වෙන්න ඇති මේක. මිනී විකුණන් කන්න හදන්නේ එයාලා. නැතිවුණේ අපේ ශිෂ්‍ය සහෝදරයන් දෙන්නෙක්. නමුත් එයාලා පෙනීහිටින හෝ ආරක්ෂා කරන පක්ෂයට පාරක් වදී කියලා කට එළියට පනිනවා. අපිට ඔයාලා කවුරු වුණත් කමක් නැහැ. අපිට හරි වැරැද්ද බල ලෝබයකින් තොරව දකින්න පුළුවන්. ඔයාලා වාගේ එක එක පාලකයන්ට කත් අදින අය නිසා තමයි මේ රට තවමත් අනතුරේ. ඉතින් ඒ ගැන සතුටු වෙයල්ලා. රට දිනෙන් දින පිරිහෙන එක බලලා සුඛිත මුදිත වෙයල්ලා. හැබැයි නුඹලාගේ දරුවන් හෝ උසස් අධ්‍යාපනයක් නොලබයි කියලා ෂුවර්නම්. පවතින වාතාවරණය අනුව අපි පැරදුණොත් නිදහස් අධ්‍යාපනය තවත් වලපල්ලට යන බව ඕනෑම බුද්ධිමත් කෙනෙකුට තේරෙන නිසා. එවැන්නක් සිදුවූවොත්, අනාගතයේ දරුවන්ට අධ්‍යාපනය අහිමිවීමේ සාපය නුඹලාටමයි. (නි)
කොටකතන මිනී මරැම් අල්ලපු මහත්තයට මොකද උනේ.. ? අපරාධකාරයෝ මොනතරම් බලවත්ද?(නු)
ඕවා එච්චර ගණන් ගන්න එපා මහත්තයෝ. ඔය විප්ලවකාරයින්ට මිනී විකුණගෙන කාලා හොඳට පුරුදුයි. (නි)
ලස්සන වැඩේ කියන්නේ, කවුරු හරි හැපිලා මළත් ඒක මිනී මැරුමක් කියන්න හදන හැටියි. (නි)
හරි හරි මහත්තයෝ, හිතලු කතා කියන්නේ කවුද කියලා මිනිස්සු දන්නවා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් කීවත් නැතත් අපි දන්නවා මේක අනතුරින් වුණ මරණයක් කියලා. නමුත් අනතුර වෙන්න සැළැස්වීම හෝ අනතුර කිරීම යන කාරණා තමයි මෙතන සැකය තියෙන්නේ. අපි හොදටම දන්නවා ඔයා හොරු අල්ලන්න, වරෙන්තු රජාලා අල්ලන්න කොයිතරම් දක්ෂයි ද කියලා. ඒත් මේ සිද්ධිය ඔයාට කොහොම පෙනෙයිද කියලා හිතා ගන්නත් අපිට පුළුවන්. (නි)
අපේ රටේ තරම් භයානක මින්සුන් ලොව කොහෙවත් නැතිව ඇති..!(නු)
රිය අනතුරක් බව දන්නවා.. මේක මොන විදියේ රිය අනතුරක්ද?(නු)
ඔව් ඒක ඇත්ත.. සමහර අයට ඕන ඒකත් ගැටලුවක් බවට පත කරන්න.. අහිංසක කොල්ලන්ව පාරට ඇදලා දාලා... තමන්ගේ අරමුණු ඉටුකරගන්න හදනවා..!(නු)
එතුමාට කියන්න බැහැනේ, පිටි පස්සෙන් වාහනයකින් එළවාගෙන ඇවිල්ලා රිය අනතුර සිදු වුණා කියලා. ඒක හොයන්න ඕනෑ පොලිසියෙන්. එතුමට කියන්න පුළුවන් මේක රිය අනතුරකින් වුණා කියන එක තමයි. (නි)
අපි ඔයා කලින් තියලා තියෙන රෙකෝඩ් දන්නවා මහත්තයෝ.(නු)
මේවට මට හරිම කණගාටුයි.. පොලිසියත් මොනවා හරි යට ගහනවා.!(නු)
ඒ ප්‍රකාශය ගැන විතරනේ මෙයාලා කණගාටු වෙන්නේ. (නි)
පා ගමනට සම්බන්ධ නොවුන සිසුන් දෙදෙනෙකු මේ අනතුරට ලක් උනානම් මේකත් සාමාන්‍ය දෙයක් වේවි.. එහෙම නේද?(නු)
අනේ තව ලස්සන හිතලු කථාවක් කියන්නකෝ. (නි)
අහෝ! අපගේ පිනට පහළ වූ සටන් පාඨය ගිලිහුණු සේක! (නි)
හැබැයි මේ කතාව අර කටුගෙයි කතාව වගේ ලස්සන නැහැ මට නම්. (නි)
අදහස් දාලා ඒ දෙමවුපියන්ට දුක් දෙන්න මට හිතෙන්නේ නැහැ. (නි)
ඒ දරුවන් මියගිය ආකාරය ගැන සැකයක් තිබිය නොහැකිද? සැක සහිත අනතුරක් පශ්චාත් මරණ පරික්ෂණයකින් කෙසේ තහවුරු කර ගත හැකිද? මරණයට හේතුව රිය අනතුරකින් හිස්කබලට සිදුවූ තුවාල බව සනාථ වුවද, රිය අනතුර සැක නොමැති බව පැවසීම කොපමණ වගකිම් සහගතද? (නි)
අනේ ඉතිං, බිලි පූජාවත් ඉවර නිසා අපේ පඩි වැඩි කරන්නකෝ. (නි)
මේ පුවත ගැන මගේ අදහස; 1. මෙයාලව වෙනත් ස්තානෙකදි ගහල හරි කොටලා හරි මරලා මෙතනට ගෙනත් දාලා නෑ කියන එක මරණ පරීක්ශණෙන් කියවෙනවා. 2. එත කොට මේ ගොල්ලො මැරිලා තියෙන්නෙ ලයිට් කනුවෙ වැදිච්ච පාරට වෙන්න ඕනෙ නෙ? වෙනත් වාහනයක් මිනී මැරීමේ චේතනාවෙන් හප්පනවා නම් ඇයි ඒක කරන්න ලයිට් කණුවක් වගේ පොඩි දෙයක් තෝරගන්නේ? (හරියට ඒකෙ හැප්පෙන්න තියෙන ඉඩ අඩුයි නෙ) සුවර් එකට මරන්න ඕනෙ නම් තාප්පයකට නෙ අල්ලන්න තිබ්බනෙ????? ඒ නිසා මේක අහඹු අනතුරක් බව පැහැදිලියි(නු)
රිය අනතුර උනත් හප්පලා දාලා වෙන්නත් පුළුවං නේද? (නු)
නිරාන්, මමත් දැක්කේ එහෙම දෙයක් තමයි. (නි)
එතකොට මේ දෙන්නා පස්සෙන් පැන්නුවා කියලා කියන අය ගැන හොයන්නේ නැද්ද? (නි)
හක්කේ බුදුරැස් - බොක්කේ දඩමස්.... (නි)
සමහරුන්ට 88-89 ආයෙත් දකින්න ඕනෑ වෙලා. (නි)
දැන් රටේ තියෙන්නේ අවනිතිය රජකරන සමාජයක් (නි)
දේශපාලනයක් ගැන නම් අපි දන්නේ නැහැ.(නදී)
හැමදාම හැමදෙයක්ම සැකකරන පොලිසිය ඇයි මේක සැක නොකරන්නේ? (නි)
දැන් නම් ඇස් කන් පියාගෙන හිටියා ඇති (නි)
සිසු විරුවනි, ඔබට නිවන් සුව ! කෙසේ හෝ වටිනා ජීවිත දෙකක් දැයට අහිමි විය. (නි)
මරණයට හේතුව රිය අනතුර තමා.. ඒ උනාට රිය අනතුරට හේතුව මරණ පරීක්ෂණයේ නැහැ..!(නු)
මා සිතනුයේ මෙය වුවමනාවෙන් කරන ලද දෙයක් කියා. නමුත් කරවන ලද්දන් මරණයක්ම ඉලක්ක නොකර ගමන වළක්වන්න උස්සාහ කරන්න ඇති. එහෙත් සිදු වූයේ වෙනත් දෙයක්. මේ හේතුවෙන් ඔහුන් හැකි තරම් සාක්ෂි මකා දමා යන්න ඇති. කොහොමත් සැක සහිත ලක්ෂණ කිහිපයක්ම තවමත් එතන ඉතිරිව තියෙනවානේ. හෝටල්වල සි.ටී.අයි. කැමරාවල සටහන් වෙන දෙවලුත් බොරු වෙන කාලෙක, පාරේ තියෙන සාක්ෂි ඉක්මණින් මැකෙයි. එහෙම බලනකොට මේකත් තවත් විහිලු කතාවක් වෙයි. (නි)
මේක මරණ පරීක්ෂණය ඇත්ත.. හොයන්න ඕන අනතුර සිදුවුනේ කොහොමද කියලා.!(නු)
හොයන්න වගේම හංගන්නත් අපේ පොලිසිය හරි දක්ෂයි. (නි)
තමන්ගේ පවුලම නැති වුණයි කියලා අපි නිකමට හිතමුකෝ. එතකොටත් කියනවද කිසිම සැකයක් නැහැ කියලා? (නි)
අර අහිංසකයෝ දෙන්නගේ මිනි දෙක විකුණගෙන කන්න හිටපු කට්ටිය කෝ දැන්? (නි)
නියම විහිලුවක්.... (නි)
ඕවා ගණන් ගන්න එපා මෙයා. (නි)