ඕස්ට්‍රේලියා යන්නට ගොස් ත්‍රිකුණාමල මුහුදේදී අත්අඩංගුවට ගත් උතුරු නැගෙනහිර වැසියන්ගෙන් 61 දෙනාගෙන් හතර දෙනකු මැයි පස් වැනිදා තෙක් රිමාන්ඩ් කළ ත්‍රිකුණාමල ප්‍රධාන මහේස්ත්‍රාත් යූ එම් ඒ අස්හාර් මහතා 46 දෙනක් ශරීර ඇප මත ද, වයස 18 අඩු 11 දෙනෙක් ඇප රහිතව ද මුදා හරිනු ලැබූහ.
රිමාන්ඩ් කළ සිව් දෙනා ඕස්ට්‍රේලියා ගමනේ සංවිධායකයන් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් පුදුමයි. පලවෙනි වතාවට අහන්න ලැබුනේ සංවිධායකයින් රිමාන්ඩ් කල බව.(නදී)
යන සමහර මිනිස්සුන්ට ප්‍රශ්න ඇත්තටම තියෙන්නත් පුළුවන්. ඇත්තටම දෙමල ජනතාවට ලංකාවේ බොහෝ ගැටළු තියෙනවා.එම ගැටළු විසදා දිය යුතුයි. මේ රට සිංහලයට විතරක් උරුම රටක් විදිහට හිතන්න කවදාවත් හොඳ නැහැ. (නි)
දෙමවුපියෝ දරුවන්ට කෙළවරක් නැතුව වද හිංසා කරනවා නම්, නිවාස පාලකයින් ඒවායේ ළමයින්ට හිංසා කරනවා නම් ඒ දරුවෝ පැනලා යනවා. පොලිසියෙන් අල්ලලා ආපහු ඒ තැන්වලටම බාර දෙන්නේ නැහැ. උසාවිය මගින් සුදුස්සක් කරනවා. අපි අනුකම්පා කරන්නේ දරුවන්ට නේද? ආණ්ඩුවක් රටවැසියන් අධික පීඩනයකට පත්කරනවා නම් (බදු, බිල්, අධික මිලගණන්, අතුරුදහන් කිරීම්, පහර දීම්, කිසිම දුක් ගැනවිල්ලකට කන් නොදීම...ආදී) මිනිස්සු පැනලා යනවා. අපි කාටද අනුකම්පා කළ යුත්තේ? (නි)