ශ්රී ලංකන් ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් වල දී පියාසර උපදෙස් සඳහා ගුවන් නියමුවන් මෙතෙක් රැගෙන ගිය කිලෝ 84ක් බර අත්පොත් කට්ටලය වෙනුවට එම තොරතුරු ඇතුළත් අයිපෑඩ් විද්‍යුත් පියාසර මෙවලමක් හඳුන්වා දෙයි. එහි බර ග්රෑම් 586කි. මෙම ඉලෙක්ට්‍රොනික් අයිපෑඩය යූ.එල්. 205 ගුවන් යානයේ නියමුවන් බදාදා මස්කට් බලා පියාසර කරද්දී මුලින්ම පාවිච්චි කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා කියයි.
මෙහෙයුම් පටිපාටි, කාර්‍ය සාදන සටහන්, සිතියම්, පියාසර උපදෙස්, සන්නිවේදන හා හදිසි අවස්ථා ක්‍රියාපටිපාටි අන්තරායකාරී භාණ්ඩ හා ගුවන් ගමන් සුරක්ෂිතතාව ආදි සියල්ල එහි ඇත. අයිපෑඩ් පරිහරණය සඳහා නියාමන අධිකාරිය ලැබූ ආසියාවේ පළමු ගුවන් සේවය ශ්‍රී ලංකන් බව ද වික්‍රමසිංහ මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
මෝඩ අදහසක්....(ස)
අපි කොහොමත් හැමදේම කලින් කරනවනේ. ආසියාවේ පළමු !!!!!!. කොහොමද ඔය කිලෝ 84 බර පොත උස්සන් ඉන්නේ ..(ස)
රිස්වාන් හරි. (නි)
ඇත්ත වශයෙන්ම නම් තොරතුරු තියෙන්න ඕනෑ ඔලුවේ. (නි)
සුබ පැතුම් ශ්‍රි ලංකාවට මේය මගේ රටේ ආභිමානයයි (වි)
සුභ පැතුම්! (නි)
කිලෝ 84 නම් පයිලට් අයෝමය පුර්ෂයෙක් වෙන්න ඕන....(ස)
අන්න හොදයි
මෙච්චර බරක් කියන්නේ සිමෙන්ති කොට්ට 11/2 ත් වැඩිය බර එකක්. එතකොට කොහොමද අත් දෙකෙන් අර අල්ලන් ඉන්නේ. (නි)
ආසියාවේ ආශ්චර්යය! (නි)
ඔය කිලෝ 84 මගීන්ට බෙදලා දෙන්න බඩු ගෙනියන්න (ස)(ස)
කිලෝ 84 තනි පොතක් නෙවෙයි කියලා දන්නේ ඒකේ වැඩ කරන අය විතරයිනේ (වි)
මේ අපේ කපිතාන්තුමානේ. (නි)
කිලෝ ග්‍රෑම් 84ක් කියන්නේ එක පොතකට නෙමෙයි කියලා දන්නේ ඒකේ වැඩ කරන අයයි. අනෙක් අය නිකන් නොදන්න දේවල් වලට කට දාන්නේ නැතුව හිටියා නම් නේද හොද? (නි)
හෝ....හෝ..බලාගෙනයි..ෆොටෝ එකට මූණ පෙන්නන්න ගිහින් ඉස්සරහ යන වාහනේක හැප්පෙයි ..කෝ සීට් බෙල්ට්....(ස)
වටිනා වැඩක් තමයි ඒ
සුභපැතුම්
අපි ගූගල්, කේ.එෆ්.සී., අයි පෑඩ්, මැක්ඩොනල්ඩ් අයින් කරන්න කියලා බොරු සමාජවාදය කරපින්නා ගෙන ඉන්න බව අපේ කට්ටියට අමතකද? දන්නේ නැද්ද අයි පෑඩ් හැදුවේ ඇමරිකාව කියලා.මම හැමදාම ඇමරිකාව අගය කරනවා. මොකද කොච්චර කෑ ගැහුවත් ඇමරිකාව තමා ලෝකයට මුලින්ම නව තාක්ෂණය හදුන්වා දෙන්නේ. ඇමරිකාවට මගෙන් සුභ පැතුම්! (නි)
මේකේ ඔච්චර උදම් අනන්න තරම් දෙයක් නැහැ. (නි)
අහක බලාගෙන පදවන්න ගියොත් නම් ට්‍රැක් එක මාරු වෙන්නත් පුලුවන්. (නි)
සුභ පැතුම්.....(ස)
සුභ පැතුම්! (නි)
කිලෝ 84ක් කොහොමද අච්චර සැහැල්ලුවෙන් අත් දෙකේ තියාගෙන ඉන්නෙ? ඒත් පොත් කට්ටලයත් අරගෙන යන එක හොදයි. (නි)
අප්පෝ! අපේ ඇමතිතුමාට එහෙම කියන්න එපා. ඕව ඇමරිකන් බඩු නිසා..... (නි)
දිගු කාලයක් පාවිච්චි කිරීමට හැකිවේවා! (නි)
වෙනස ඉතා හොදයි. ඒ වගේම මෙච්චර කාලයක් පාවිච්චි කරපු පොතට හණමිටි කියන්න එපා. එයට කළගුණ සළකන්න. (නි)
අයිපෑඩ් දුන්නට වැඩක් නෑ ගුවන් සේවිකාවෝ කුඩු ගහනවානම්. ඒ ගැනත් පොඩ්ඩක් හොයල බලන්න. (ත)
බලන්න මේ මහත්වරුන්ගේ අව්‍යජ හිනාව. ලොව කිසිම කෙනෙකුට මේ වගේ හිනා වෙන්න පුළුවන්ද? ඒකයි අපිට තියන ලොකුම පොත. (ත)
ඉතාමත් හොද වැඩක්
ඇත්තටම හොදයි. (නි)
ගොඩක් සතුටුයි. (නි)
සුභ පැතුම්! හොද පිම්මක්. (නි)
ලෙස්ටර් මහතාගේ කතාව හරියටම හරි. බොරු කයිවාරු නැතුව ලෝකෙත් එක්ක ඉදිරියට යමු. (නි)
ඔය අයි පෑඩ් වල බැටරි බහින්න පුළුවන. ඔපරේටින් සිස්ටම් එක ස්ට්‍රක් වෙන්න පුළුවන. බැරිවෙලා බිම වැටිලා ස්ක්‍රීන් එක බිඳෙන්න පුළුවන. ඒ නිසා අනේ අර පරණ කිලෝ 84 පොත් සෙට් එකකුත් ඔය කොහෙන් හරි තියාගෙන යන එක හොඳයි කොල්ලෝ. (නි)
අයි පෑඩ් හදුන්වාදීම ඉතාම හොදයි.. නමුත් අපි විදුලිය භාවිතයක් නොමැතිව භාවිතයට ගත හැකි පොත් අමතක නොකල යුතුය.. විදුලිය සෑම තැනම නැති අතර හදිසි අවස්ථාවකදී විදුලිය ලබා ගැනීමට නොහැකි විය හැකිය..!(නු)
ශ්රී ලංකන් එකේ ඉන්න හණමිටි කාරයො ටිකත් තෝරලා එළියට දාන්න ඕනෑ. (නි)
අම්මෝ! ලංකාවේ දියුණුව. (නි)
මෙච්චර බර වෙන්න නම් විදියක් නැහැ. (නි)
අපිට හරිම ආඩම්බරයි. බබළවන්න ශ්‍රී ලංකා. (නි)
මේක වැඩ කළේ නැත්නම් මොකද කරන්නෙ.. කරුණාකරලා පොතත් අරගෙනයන්න.. නැත්නම් කියන්න අපි වෙන එකක එන්නම්..!!(නු)
නියමයි..!!(නු)
නියමයි. සුභ පැතුම්! (නි)
ගොඩක් දේ පටන් ගන්නෙත් ලංකාවෙන්. අවසන් වෙන්නෙත් ලංකාවෙන්. (නි)
කිලෝ 84ක්? (නි)
කෝකටත් පොතත් අරන් යන්න ...ඒක ඇගට ගුණයි....(ස)
නියමයි ශ්‍රී ලංකා. දැවැන්ත ඉදිරි පිම්මක් මේක. (නි)
අහවලාගේ අර "අත් ඔරලෝසුවටත්" වඩා මෙම අයිපෑඩ් බර අඩු වගෙයි පෙනෙන්න. කොහොම වුණත් මේ අළුත් අයිපෑඩ් නිසා කිලෝ 84 හිඩැස පුරවන්න මටත් බඩු මළු ටිකක් වැඩියෙන් ගෙන යන්න පුළුවන් වගෙයි පෙනෙන්න. (නි)
මේවා නිසි ප්‍රමිතියෙන් තියෙනවද කියලා බැලුවොත් නේද හොද? (නි)
සුභ පැතුම්! (නි)
බටහිර රටවල පිහිටෙන්වත් දැන්වත් හොද දේ ගන්න බලමු, නිකන් බොරුවට බණින්නේ නැතුව. (නි)
හොද පියවරක් (නි)
අයි පෑඩ් එක පාවිච්චි කරන එක හොදයි.. ඒත් පොත් කට්ටයලයත් අරගෙන යන එක හොදයි.. මේකෙ මොකක් හරි ගැටලුවක් ආවොත් එහෙම.. ඒක නිසා කෝකටත් පොත් ගෙනයන්න.. (නු)
ඇත්තටම හොඳයි ...ජය වේවා ...තව තවත් දියුණු වේවා !!.(ස)
මෙච්චර බර අත්පොතක්? (නි)
කිලෝ 84 පොත කොහොමද පාවිච්චි කළේ.. මේක පෙරළලා බලනකොට යන්න ඔන රටට ගිහිල්ලා ඇති.. ලාංකික අපට ආඩම්බරයක්..!(නු)
මේවා පාවිච්චි කරද්දි පොලීසියෙන් අල්ලන්නේ නැද්ද . උඩු ගුවනෙදි මොන ට්‍රැෆික්ද නේද අනේ....(ස)
නියමයි .දියුණු වෙන තාක්ෂණය සමග අපිත් ඉදිරියට යා යුතුයි....(ස)
තාක්ෂනය
හොඳ පුවතක්, සුභ පැතුම්...(ස)
දෙයියෝ සාක්කි
ඉතාම ෙහාදයි!!(නු)
ඉතා හොදයි
ගුවන් යානයෙන් බිමට
ඉතාම හොදයි..!!(නු)
උඩට සිග්නල් තියෙනවද
ආසියාවේ ආශ්චාර්‍ය... ඉදිරියටම යන්න .(ස)
අයි පෑඩය එයි
කිලෝ ග්රෑම් 84 ද 8.4 ද ?.(ස)
මට නම් හරිම සතුටුයි.ආසියාවෙ හොඳම, ලොකුම, පලමුවෙන්ම මොකක්හරි කරන්නෙ ලංකාවනෙ.ඔහොම යං. (ස)
නියමයි. (නි)
මේ දෙවෙනි ෆොටෝ එකේ බෙල්ල තියෙන විදිය හරි අමුතුයි වගේ....(ස)
හොදයි. :) සතුටුයි. (නි)
හණමිටි කතාව හැදුන හැටි දන්න කෙනෙක් ඉන්නවාද (වි)
පාඩු ලබන එයා ලංකා එකට මොන අයි පෑඩ් ද අනේ....(ස)