හබරන දිගම්පතහ රක්ෂිතයෙන් හොරෙන් කපා ඉරූ දැව තොගයක් සීගිරියේ සංචාරක හෝටලයකට ගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ නිලධරයෝ කියති. කොළඹ ව්‍යාපාරිකයන්ට අයත් හෝටලයකට මේ දැව ගෙන ගිය බව කියන දෙදෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ.