රටවල් 33 ක් සඳහා නව මහ කොමසාරිස්වරුන් හා තානාපතිවරුන් නම් කිරීමට විදේශ අමාත්‍යංශය සැරසෙයි.
විදේශ සේවයේ නිලධරයෝ 17 දෙනෙක් ඒ අතර සිටිති.
සෙසු පිරිස අතර විවිධ වෘත්තිකයෝද හමුදාවේ ඉහළ නිලධරයෝද සිටිති.
හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක ද පකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කිරීමට යයි.
ඉහළ නිලතල සඳහා වන පාර්ලිමේන්තු කමිටුවේ අනුමැතිය ලැබුණු පසු පත් කිරීම් සිදු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පැතුම්! (නි)
මා දන්නා තරමින් ඔහු ඉතාම හොඳ මහත්මා ගතිගුණ වලින් යුතු කෙනෙක්. (බ)
බුදු අම්මෝ , ෆොන්සේකාට වගේ වෙන් නැතුව , පකිස්තාන් යවන එක ලොකු දෙයක්. මලියදේව මාතාවටත් ගෞරවයක්. (බ)
ඕස්ට්‍රේලියාවේ හිටපු තිසර සමරසිංහ මහත්තයත් හොඳ වැඩ ගොඩක් කළ කෙනෙක්.ඔහු මොකටද ඉවත් කෙරුවේ ? (බ)
සරත් මයා අද්මිරාල් තිසර සමරසිංහ මහතා අවුරුදු 4 විතර ම මෙහෙ. දැන් කාළේ හරි තව කෙනෙකුට අවස්ථාව දෙන්න.(ම)
ලැයිස්තුව අවම බලමුකෝ ගොට්ටෝ කී දෙනෙක් ඉඳීද කියල. (බ)
දහම් ,,, ඔව් අපි බලමුකෝ ,(හේ)
අනේ මෙහාට එවන එක්කෙනා කවුරු උනත් කමක් නැහැ .හොද උගත් බුද්දිමත් අහංකාර නැති, තානාපති සේවය ගැන පුළුල් අවබෝදයක් තියන.ඉතාලියේ සිටින අපේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න අවබෝධ කරගත හැකි තානාධිපති කෙනෙක් තෝරලම කරුණාකර එවන්න.? (කේ)
තානාපති කාර්යාල වල සේවය සදහ පහල නිලධාරීන් පත් කිරීමේදී පිලිගත් ක්‍රමය වූයේ තරග විභාගයක් පවත්වා සුදුසුකම් අනුව පත්කිරීම් කිරීමයි. මෙම ක්‍රමය විනාශ කරමින් විවිධ පුද්ගලයින් විනිවිද භාවයකින් තොරව ඥාති සංග්‍රහ හිත මිත්‍ර කම් යනාදි විවිධ ක්‍රම ඔස්සේ හොර පත්වීම් ලබාගෙන තිබෙනවා. විදේශ සේවයට ඉහල නිලධාරීන් පත්කිරීම විනිවිද භාවයක් ලබාදීමට ක්‍රියා කිරීම ගැන සතුටු වන අතර පහල නිලධරීන් පත්කිරීමත් සාධාරණව සිදුකිරීමට අදාල ඇමැතිතුමා සහ රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. එමෙන්ම පහල මට්ටමේ නිලධාරීන් පත්කල ආකාරය ගැන කිසිම සෙවීමක් මේ දක්වා නොකල් අැයිද යන්නත් ගැටළුවක් (කේ)
මේවා දේශපාලන පත්වීම් නෙවෙය් වෙන්න ඇති. හිටපු දේශපාලන පත්වීම් ලබපු අය ඉවත් කලේ සුදුස්සන්ට තැන දෙනවා කියල.(කේ)
ඔබට සුබ පැතුම්! (කේ)