ගාලූ දිසාවේ හිටපු ප‍්‍රධාන සංඝනායක ඉඳුරුව බණ්ඩාරිගොඩ සුනන්දාරාමාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි ගිනි අවියක් මිලට ගත් බවට ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකුගෙන් ගත් සාක්කි ඇතුළත් වාර්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද බලපිටිය මහේස්ත‍්‍රාත් අසංග බෝදරගම මහතාට ඉදිරිපත් කළෝය. ගිනි අවි ලඟ තබා ගැනීම, අපරාධකරුවනට නවාතැන් දීම, අසැබි සංයුත්ත තැටි ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් සුමිත්ත හිමි සහ සැකකරුවන් අට දෙනෙක් රිමාන්ඞ් කර සිටිති. සුමිත්ත හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාරද මෙන්ඩිස් මහතා කීවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන සාක්කි හා ගිනි අවි ඉදිරිපත් කර නැති බවයි. සැකකරුවන් ලබන 7 වැනිදා තෙක් රිමාන්ඞ් කෙරිණි. උසාවිය කල් තැබූ පසු බන්ධනාගාර රියට යන ගමන් සුමිත්ත හිමි ප‍්‍රථම වරට වාර්තාකරුවන් සමග කතා කෙළේය. එක් වාර්තාකරුවකු හැර සෙසු අයගේ වාර්තා හොඳ බව ඒ හිමි ඔවුනට කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිධන් හොරුන්ගෙන් පන්සල රැක ගන්නද දන්නේ නෑනේ. (නි)
සාදු... සාදු... සාදු....!!! (නි)
වැරදියට තේරුම් ගන්න අවශ්‍ය නැහැ. බලහත්කාරයෙන් පන්සල් වලට ඇතුලු වන පුද්ගලයින්ගෙන් ආරක්ෂා වෙන්න මේ ගිනි අවිය තියා ගත්තා වෙන්න පුලුවන්. (නි)
හිමි - අහිමි......(ස)
උන්වහන්සේට ගිනිඅවි පාවිච්චි කරන්න තරමට මිළ මුදල් තිබුණද? (නි)
ශාශනය රැක ගැනීමට නම් මින්පසු වැදගත් ප්‍රභූ පවුල් වල දරුවන් පමණක් පැවිදි කළ යුතුයි. (නි)
ඒක නිශ්ක්‍රීය කරන්න අර ගත්තාද දන්නේ නෑනේ. (නි)
මේ වගේ ගිනි අවි ළඟ තියාගෙන ඉන්න පැවිදි අය තව මේ ලංකාවේ ඉන්නවා......(ස)
හැමදේම හොදින් සිදු වේවි. (නි)
ඉතින් ආරක්ෂාවට එකක් තියාගත්ත වෙන්න ඇති. සල්ලි වලට අරගෙන මිසක් මංකොල්ල කාලා නැහැනේ. (නි)
ඇයි ඉතිං තවත් 'හිමි' කියලා පාවිච්චි කරන්නේ? (නි)
දේශපාලකයන්ට දීල තියෙන ගිනි අවි නැවත ගන්න ගියානම් බලාගන්න තිබුණා...!!!! (නි)
පැවිදි උතුමන් ළඟත් ආයුධනම් තව මොන කතාද ???.(ස)
දැන් නිවනට යන්න පුළුවන් ද හාමුදුරුවනේ?.... දේෂපාලනය කරන භික්ෂුන් වහා එයින් ව ඉවත් ව ශාසනය රැකගත යුතුයි. (නි)
ඔක්කොම සැක කරනවා විතරයි. රහස් පොලිසිය කිසිම නඩු බණ්ඩායක් ඉදිරිපත් කරන නැහැ නේද? මොකස ඒ (අ)
මෙයාට තියෙන චෝදනා හරියට පාතාලෙ කෙනෙකුටවත් නැති එවනේ..(නු)
මට හිතෙන්නේ සිවුරක් දාගෙන මෙවන් ක්‍රියාකාරකම් වල යෙදිලා කර ගන්නේ අපාගත වෙන තරම් ලොකු පවක්. (නි)
අනේ මන්දා ශාශනේට මොකද වෙන්නේ කියලා? (නි)
දකුණු පළාතේ පාලකවරු වැඩි නිසා පාලනය හොදයි. (නි)
මේ පැත්තෙ ඉන්න ගිහි පැවිදි ඔක්කොම එකයිනෙ බලාගෙන ගියාම..(නු)
සාසනේ ආරක්ෂා කරන්න ගිහිං වගේ..(නු)
පැවිද්දන් ඝාතනය කරන සමයක ගිනි අවියක් ළග තබාගැනීම ආරක්ෂාවට කොහොමත් හොදයි. (නි)
ඕකනේ අපි කිවුවේ ඇස් ඇරපු බළල් පැටියකුවත් ගෙනියන්න එපා කියලා. (නි)
චමල් නම් සෝමාලියව ගැන දන්න පාටයි. (නි)
චමිල්, ඔයා ඔය කියන්න හදන්නේ ලංකාව දැන් ධර්ම රාජ්‍යක් කියලද ????.(ස)
මුළු දකුණම ඉවරයි....ගිහියෝ පැවිද්දෝ තකට තක.......(ස)
බුදුරජාණන් වහන්සේගේ අවිය වුණේ ධර්මය නම් ස්වාමින් වහන්සේලාට ගිනි අවි පාවිච්චි කිරීමට කිසිම බලයක් නැහැ. (නි)
හාමුදුරුවන්ට මොකටද තුවක්කු. පහන් පත්තු කරන්නද ?(දී)
දැන්නම් අපේ රට වැටිලා තියෙන්නේ නැවත ගොඩ ගන්න බැරි තරම් ලොකු ආගාධයකට. (නි)
ලුම්බිණි ඔයා සෝමාලියාවට ගිහිල්ලා තියනවද ??? එහේ තියන ගිනිඅවි ගණන දන්නේ.....????ගියානම් බලාගන්න තිබුණා........ඒවා මෙහෙට වඩා සුලබ බව අයියෝ දැනගෙන කතා කරන්න......(ස)
කළ වැරැද්ද ඔප්පු වුණොත් එයාට දැඩි දඩුවම් දෙන්න ඕනේ හොදද? (නි)
සංඝනායක....???
ඇයි මේ තරම් ලෙහෙසියෙන් ගිනි අවි ගන්න පුළුවන් කම? සියලුම දේශපාලකයන්ට දීල තියෙන ගිනි අවි ආපහු ගන්නේ නැත්තේ ඇයි ? මේ අය ගිනි අවි විකුණනවා ඇති. මීට කලිනුත් වාර්තා උනා ගිනි අවියක් විකුනන්න ගිය ඡන්දෙට තරඟ කරපු අයෙක් ගැන. සෝමාලියාවෙවත් නැහැ මේ වගේ ගිනි අවි සුලබ තත්වයක්. (ස)