නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු විදුලි බලා ගාරයේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් එම් එම් සී ෆර්ඩිනැන්ඩු පරීක්ෂණයට සහාය දීමට කැමැති හෙයින් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙන්නැයි ඔහුගේ නීතීඥවරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කියා සිටියේ ඔහු මෙම ගනුදෙනුවට සම්බන්ධ නැති නමුත් පරීක්ෂණයට සහාය දීමට කැමති බවයි.
ගල් අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි 153.6ක් විදුලිබල මණ්ඩලයට පාඩු සිදු කළැයි ලක් විජය ගල් අඟුරු බලාගාර සමාගමේ අධ්‍යක්ෂවරුන් වන කාන්චන රත්වත්තේ, රවී ජයවර්ධන, නිමල් බණ්ඩාර හා චූලානන්ද දෙල්ගොඩ රුපියල් දස ලක්ෂය බැගින් වූ ඇප දෙකක් මත මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
ෆර්නිනැන්ඩුගේ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මැයි 13 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් කතා ඇති කියන්න (නි)
දන්නා දේ කියන එක සුබවේ.... (ම)
ඔහු ලක් වැසියෙක් නම් එන්නට අවසර පතන්නේ කුමටද ? (බ)