නීති විරෝධී අන්දමින් රැස්කරගත් මුදල් විදේශ බැංකු ගිණුම්වල තැන්පත් කර සිටින බව කියන බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි කපිල ගාමිණී හෙන්දරවිතාන හා කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි ඩෑන් රූපවාහිනි ආයතනයේ විධායක අධ්‍යක්ෂ එස්.එච්.කුගන්දන් යන අයගේ නම් වලින් මූල්‍ය ආයතනවල ඇති ගිණුම් පිළිබඳ විස්තර මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ලංකාවේ සියලුම බැංකු හා මූල්‍ය ආයතනවල කළමනාකරුවන්ට අද (8) නියෝග කළේය.
දූෂණ මර්දන කමිටුව කළ පැමිණිල්ලකට අදාළව පරික්ෂණ සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබාදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් බලාගෙන තමයි ඉන්නේ (නි)
රාජපක්ෂ පවුල යටතේ වැඩ කලත් මොන පතාක යෝධයා වුණත් හොරෙක් නම් හොරකම් කරලා තියෙන්නේ රටේ මුදල් ඉතින් හොයන එක කොහොමද දේශපාලන පලිගැනීම් වෙන්නේ (ම)
ඔහොම යමු ඔහොම යමු (නි)
තවමත් පරණ දේවල් අවසන් නැහැ වගෙයි (නි)
මේවායේ ප්‍රතිඵල ළඟදීම බලාගන්න හැකිවේවි. (නි)
මේවා තමා ඔක්කොම ලොක්කෝ කළේ පහුගිය කාලේ කලේ අපිව රවට රවට. (ස)
හොයලා දෙන්නගෙන්ම ප්‍රකාශයක් සටහන් කර ගන්න ඕන.(ම)
කපිල ගාමිණී හෙන්දරවිතාන කියන්නේ යුද්දයේ පිටුපස ඉඳන් මෙහෙය වු පතක යොදයෙක්.. හමුදා බුද්ධි අංශ ප්‍රදානිය.. අපි බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියල ...(ම)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට . (ම)
හෙව්වයි කියලා ඇති වැඩේ මොකක්ද?දැන් කි දෙනෙක්ගේ ඔය වගේ හොයන්න ගත්තද.ඒවාට මොකද වුණේ. එයාල කියනවා අපි අහනවා.ඊට පස්සේ වෙන දෙයක් ගැන දෙයියෝ තමයි දන්නේ.(ම)
මේ ඔක්කොම චෝදනා රාජපක්ෂ පවුලට හරි ඔවුන් යටතේ වැඩකල උසස් නිළධාරීන්ට විතරයි. ඉතාම පැහැදිලියි. දේශපාලන පලිගැනීම් කියලා. (ස)
මේ වගේ කටයුතු වලදී වගකීමෙන් කටයුතු කිරීම අපි අධිකරණයෙන් බලාපොරොත්තු වෙනවා (නි)
ඔව් ඔව් හොඳට හොයලා බලන්න (නි)