තමන්ට එරෙහිව අල්ලස් කොමිසමේ ඇති චෝදනා විමසීම අවසන් නොකිරීම හේතුවෙන් තමන්ට හිමි උසස්වීම සහ විශ්‍රාම වැටුප් නොලැබීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව කියමින් කැස්බෑව හිටපු මහේස්ත්‍රාත් බී.ආර්.සෝමසිංහ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) කල් ලබා දුන්නේය.
මෙම පෙත්සම ලබන 23 වැනිදා යළි සලකා බැලීමට නියෝග කෙරිණ. මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ සිසිර ද ආබෲ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ,විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු පිරිසක් පිරිසක් නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් දැන් දැන් අහන්න ලැබෙන දේවල් ගැන ඇහුවාම මම ලංකාව දාලා පිටරටක පදිංචියට ආ එක ගැන පොඩ්ඩක්වත් දුක්වෙන්නේ නැහැ. (නි)
නඩු විසදීමේ ප්‍රමාදය වෙනත් පාර්ශව වලටත් බලපාන්නේ මෙහෙමම තමයි. මේ නඩුකාර උන්නාන්සේ වගේම අනිත් අයත් ඒක හිතට ගත්තොත් තමයි වැඩියෙන් හොඳ. (නි)
ඕක ඉවරයක් කරලා වැරදිකරු නම් එතුමාව ගෙදර යවන්න! (බ)
මේ කඩුවෙල හෝටලයකින් නඩුවක් නිමකරදෙන්න පගාවක් ගන්න ගිහින් අහුවුණු සිද්දිය නේද ? (බ)
මොනවද මේ රටට වෙන්න යන්නේ? අනාගන්න එකෙත් සීමාවක් නැහැ වගේ. (නි)
හිරකාරයෝ තමන්ගේ මරණ දඬුවම ඉක්මන් කරපල්ලා කියලා ළඟදී උපවාස කළා. මෙතන මහේස්ත්‍රාත් කෙනෙක් තමන්ගේ අල්ලස් චෝදනාව ඉක්මන් කරන්න කියනවා. පොලිසිය අර ලොක්කන්ගේ චෝදනා ගැන පරීක්ෂණ පරක්කු කරනවා කියලා එහෙන් චෝදනා. නීතියට සම්බන්ධ මේ කවුරුවත් අහලවත් නැද්ද මන්දා 'යුක්තිය ප්‍රමාදවීම යනු යුක්තිය ඉටු නොවීමයි' කියන ප්‍රසිද්ධ සම්මතය. යුක්තිය ප්‍රමාද වෙනකොට මිනිස්සු නීතිය අතට ගන්නවා කියන එකට හැම දවසකම උදාහරණ දකින්න ලැබෙනවා (නි)
ඉඩම් නඩු විසඳන්නෙත් අපි අමරණීයයි කියලා හිතලා. (නි)
මෙතරම් නඩුව කල් යන්නේ මොකද දන්නවද (නි)
අල්ලස් ගන්නකොට පොදු ජනතාවගේ මානව හිමිකම් වලට මොකද වුණේ? කොහේහරි නීතියේ තියන හිඩැසකින් රිංගන්නයි මේ හදන්නේ. (නි)