(මනෝප‍්‍රිය ගුණසේකර)
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීහු අද (14) තෙවැනි දිනටත් පැය හතකට ආසන්න කාලයක් පුරා ප‍්‍රකාශ ලබා ගත්හ.
සිය නීතීඥවරුන් පිරිසක්ද සමඟ එහි පැමිණි අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර ගණුදෙණුවට අදාළ තොරතුරු කොමිසමේ විමර්ශන නිලධාරීන් හමුවේ හෙළි කොට ඇතැයි දැනගන්නට තිබේ.
පසුගිය සිකුරාදා (10) පැය පහකට අධික කාලයක් ද ඉන් පසු සඳුදා (13) පැය නවයකට ආසන්න කාලයක් පුරා ද කොමිසමේ නිලධාරීහු ඔහුගෙන් ප්‍රකාශ ලබාගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු අවංක නම් මොකටද නීති නිලදරුවන්