ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුව සිටි කුමාර් අබේසිංහ මහතා අද (28) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 70 වැනි වියේ පසුවූ ඒ මහතා 1971 වසරේදී පරිපාලන සේවයට පිවිසියේය.
ශ්‍රී ලංකාවේ ලාබාලම දිසාපතිවරයා ලෙස වසර 7ක් නුවරඑළියේ කටයුතු කළ අබේසිංහ මහතා හම්බන්තොට ප්‍රාදේශීය ආදායම් නිලධාරිවරයා ලෙස සේවය කර ඇත.
1979 වසරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර ඇති ඒ මහතා 1993දී ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරයට පත්විය.
අබේසිංහ මහතා චිත්‍රපට සංස්ථාවේ, මිල්කෝ සංස්ථාවේ සභාපති ලෙසද කටයුතු කර ඇත.
1994 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ලේක් හවුස් යන ආයතන ත්‍රිත්වයේම සභාපති ධූරය ඉසිලූ ඒ මහතා 2001 වසරේ එජාප රජයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයද ඉසිලීය.
කුමාර් අබේසිංහ මහතාගේ දේහය තලවතුගොඩ, වැලි පාරේ පිහිටි නිවසට රැගෙන ඒමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1970 දශකයේ හම්බන්තොට ඉතාමත් දුෂ්කර පළාතක ඔහු මහගු සේවයක් ඉටුකළා. එවකට සිටිය දිස්ත්‍රික් වෛද්‍ය නිලදාරී රන්ජිත් (බ)
අත්දැකීම් වලින් පරිපූර්ණ මෙවන් වියතුන් රටට අහිමිවීම පාඩුවක් (නි)
අරුණි දුවටත්,පුතාටත් ඔබ සැම පවුලේ අයටත් අපේ ශෝකය-රෝයි මම සහ පුණ්‍ය නැන්දාගෙන් (බ)
දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවන් සුව ලැබේවා! (බ)
දිවංගත කුමාර් අභයසිංහ මැතිතුමා පරිපාලන සේවයේ හිටපු වැදගත් මහත්මයෙක්. එතුමාට නිවන් සුව ලැබේවා! එතුමාගේ සොහොයුරු විරාජ් අභයසිංහ මහතාට සංවේගය පළකරමි. (බ)
71 කැරැල්ල කාලේ මෙයා කොළඹ මහා දිසාපති වෙලා හිටියා වගේ මතකයි .(හේ)
වැදගත් මහත්මයෙක් (බ)
අබේසිංහ මහතා මගේ මතකය හැටියට පරිපාලන විභාගය සමත් වුනේ1971නොවෙයි. ඊටකලින් .මොකද 1970.ට කලින් දකුණට ගැලු ගංවතුරකදි හලාවත කට්ටියක් ආධාර අරන් එවකට කතානායක ෂර්ලි කොරයා මහතා සමග දකුණට ගියා බෙදන්න.එවිට කුමාර් මහත්තයා හම්බන්තොට ආදායම් පාලක නිලධාරි වශයෙන් සේවය කළා. අප ගිය දවසේ අපව ආදරයෙන් පිළි අරං අපට රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුවා.අමතක නොවනලෙසින් එදා අපට කිරියි පැණියි කන්න දුන්නිසා අපට එම ගමන කිසි දාඅමතක කරන්න බැහැ.හිත හොද මෙම රත්තරන් හලාවත පුත්‍රයාට හලාවත ජනතාව වෙනුවෙන් නිවන්සුවය පතමු. (බ)
හිත හොඳ රත්තරන් මිනිසෙකි.නිහතමානී බවෙන් පිරිපුන්ය. අමාරුවේ වැටුණු මිනිසුන් බේරා ගත්තේය.ඔබේ වියෝව හදට දැනෙයි (නි)