තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසී සුමිත් චම්පික පෙරේරා ලබන 24 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (10) නියෝග කළේය.
කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන අනුර සේනානායක උසාවියේ අවසරයකින් තොරව එවැනි වාට්ටුවකට පැමිණියේ කෙසේදැයි සොයා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජාතික රෝහල් අධ්‍යක්ෂකට නියෝග කළ අධිකරණය ඔහුගේ අසනීප තත්ත්වය සඳහා අවැසි ප්‍රතිකාර බන්ධනාගාර රෝහලේ ඇත්දැයි සොයා බලන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළේය.
සිය දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගීවීමට අවසර දෙන ලෙස අනුර සේනානායකගේ නීතිඥවරයා උසාවියෙන් අවසර ඉල්ලා සිටියද ඊට අවසර නොලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයක් නොවේ ඉතින් මේ වාගේ අය රට තුල ඉන්න කොට (හේ)
එතුමාගේ ජිවිත ආරක්ෂාවට මෙහෙම ඉන්න එක හොඳයි ,(අ)
මෙයාලට දරුවෝ ඉන්නවා කියල තේරෙනවද කැම්පස් දරුවන්ට ගහනකොට මේ තාත්ත කොහෙද හිටියේ (බ)
මොහු කාලයක් හොද නිලධාරියෙක් වී සිටියේය.(හේ)
සේපාලි, ඔයාගේ කතාව ඇත්ත. එත් මේගොල්ලෝ හැදෙන ජාතියක් නෙමෙයි(රේ)
හොඳ දඩුවම්. (අ)
මේ මහතා අර තව ලොකු පොලිස් මහතකු රත්තරන් හොරකම හොයනකොට නවත්තන්න කියපු කතාවකුත් තියනවා. ඊට පස්සේ අනික් පොලිස් ලොක්කව මිනීමැරුම් නඩුවක ට පටලුවලු. (අ)
උසාවි නියෝගවලටත් උඩින් ගිහින්. අනේ පවු අසරණ දරුවන්ගේ මානසික තත්වය බලලා මොහුටත් ඇප ලබාදෙනු මැනවි අර මුසාමිල්ට ලැබුන වගේ. (බ)