රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනයට උදව් දුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නාරාහේන්පිට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අගෝස්තු 10 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කළේය.
ඝාතනය සිදුවූ දින නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ඇතුළු තවත් නිලධාරීන්ට ලැබුණු දුරකථන ඇමතුම් ද ජනපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු බව කියන ඇමතුම් ද සම්බන්ධයෙන් සීඅයිඩිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
රටක පවතින නීති රාමුවට පිටින් පෞද්ගලික ඕනෑ එපාකම් මත රට කරවූ හා කටයුතු කල අයට එරෙහිව තරාතිරම නොබලා නීතියට අනුව කටයුතු කළ යුතුය. කව්රු විසින් කලත් වරද වරදමය. දඩුවම නියතය. නීතියේ ආධිපත්‍ය තහවරු වනු දැකීම පොදු ජනතාවගේ බලාපොරොත්තුවය. (ම)
පළමුම මෙරටේ ජනතාව හිරේ දැමිය යුතුයි. මොකද මෙච්චර මිනීමරනතුරු මේ අය නිදාගෙනද හිටියේ. මේ අය ඡන්ද වලින් ඔවුන් අනුමත කිරීමක්ද කර තිබෙන්නේ? (නි)
රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනයට උදව් කල සියලුම දෙනාට දැඩි දඩුවම් දෙන තුරු අපි බල සිටිනවා. ලෝකයම බලා සිටිනවා. (ර)
දේශපාලකයන් පසුපස යමින් හිස උදුම්මාගෙන මහා වංශයෙන් වැරදි වැඩ කරන රජයේ සේවකයන්ට මේව හොඳ පාඩම් (බ)
දේශපාලක ලොක්කන්ගේ කටු සුප්පු කරන්න යන කොයි සොක්කටත් මේක පාඩමකට ගන්න උපරිම දඬුවම් දෙන්න තියෙන්නේ , අණ දීපු කට්ටියවත් අධිකරණය හමුවට පමුණුවන්න ඕන ඉක්මනට , මොකද සමහරු කියනවා යහපාලනය දීපු පොරොන්දු ප්‍රමාදයි කියල (බ)
වරදක් කළානම් දඬුවම් දිය යුතුය, දේශපාලන පළිගැනීම සදහා නිර්දෝෂී පුද්ගලයන්ට අස්ථාන චෝදනා නගා සිරගත කිරීම පිළිකුල් සහගතය. තාජුදීන් ඝාතනයට සම්බන්ධ වුවන් සිරගත කිරීමට ඇති හදිස්සිය යාපනයේ අහිංසක සිංහල සිසුන්ට "දැඩි සත්කාර " ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සැලැස්වූ අයවලුන්ට ක්‍රියාත්මක වන සැටියක් නැත. (බ)
නීතියට අනුව වැරදිකරුවන්ට දඬුවම් ලැබේවි. එතෙක් එකිනෙකාට ඇඟිල්ල දිගු නොකර අප අධිකරණය මත විශ්වාසය තබා බලා සිටිමු. (බ)
දැන්නම් හිතා ගන්න පුළුවන් හොඳටම, වෙච්ච දේ. (බ)
ඒ කලේ පෙළපාලිවල නිතරම දකින්න ලැබුන මුණක් (ම)
ශ්‍රී ලංකා ජනතාව අධිකරණයට ඇති අවිශ්වාශය නැවත යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය නම් මෙම නඩුව හරහා අධිකරණයේ ස්වාධිනත්වය රැකගත හැක. (බ)
චින්තක, ඒවාට දැම්මම කලබල වෙන්නේ නැහැ. මොකද ඒවා මෙච්චර ලෙහෙසි නැහැ. නීති තැනින් තැනට, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එ්කටත් පක්ෂ පාට වගේම භාෂාවත් බලපානවා නේද? (නි)
කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩිවේ ගිනි සේ කියලා තිබුනේ නිකන් නොවෙයි. අද කරපු අපරාධ වලට වන්දි ගෙවන්න වෙලා තියනවා. මේවා හොඳ පාඩම් දැන් බලයේ ඉන්න දේශපාලකයන්ටත්, ඔවුන් පස්සේ යන ගැත්තන්ටත් (නි)
තිලක් - ඩුබායි, අපිත් බලාඉන්නේ 88-89 කාලේ වැරදි කළ අයටත් නීතිය ක්‍රියාත්මක වෙනකම් තමයි (නි)
කළ කම් පළ දේ කියන්නේ නිකන්ද. මේකට සම්බන්ධ සහ අදාළ උපදෙස් දුන් රටම දන්නා දේශපාලක කුමරා අත්අඩංගුවට ගන්නා තුරු අපි බලා ඉන්නවා (බ)
ඔය කිසි ප්‍රශ්නයක් නැහැ මහත්තයෝ. ඇත්ත කියන්නකෝ. (නි)
වැරදි කළා නම් දඬුවම් විඳින්නම වෙනවා (නි)