(මනෝප‍්‍රිය ගුණසේකර)
පසුගිය ජනපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවසන් මැතිවරණ රැළිය පැවැත්වීමට රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරුවේය.
මීගමු කලපු සංවර්ධනය සඳහා අයවැයෙන් වෙන් කර තිබු මුදල් වලින් රුපියල් කෝටියකට අධික මුදලක් අවසන් මැතිවරණ රැළියට වියදම් කළැයි ඔහුට චෝදනා ගොනු කර ඇත.
බරපතල සංචා සහ දුෂණ විමර්ශණ කොමිසම හමුවේ මුලින්ම මෙම තොරතුරු හෙළි වු අතර එහි නිර්දේශ මත රහස් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව නිතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පණත යටතේ හා දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ මෙලෙස අධිචෝදනා ගොනු කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රාම සභා හරහා ගමට නායකයෙක් පත්කර එම නායකයන්ගෙන් ප්‍රාදේශීය නායකයන් පත්කර ප්‍රාදේශීය නායකයන්ගෙන් වඩාත් උගතා මෙන්ම දක්ෂයා පාර්ලිමේන්තු මන්ත්‍රී කරමු එහෙම ක්‍රමයකින් කවදාවත් මෙහෙම නාස්තියක් නොවේවි