තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා ගොනු කළ පැමිණිල්ල සලකා බැලු කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කැර ලැබ සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුට මෙම මස 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තනතුර බාරගත්තට පස්සේ පක්ෂ දේෂපාලනය බෑ එතකොට? (බ)
මට නම් හරිම දුකයි (නි)
අධිකරණයේ ස්වාධීනත්වය පෙරදිගින් අහසට නඟින ලා හිරු සේ ජනතාවගේ සිත්සතන් වලට ආලෝකයක් දෙමින් ලක් දෙරණ කෙමෙන් කෙමෙන් එළිය කරනවා. (නි)
අධිකරණයේ නිදහස ඉතා ඉහළින් අගයකරන්න ඕනෑ. අපි බලාගෙන ඉඳිමු මොකද වෙන්නේ කියලා. (නි)
ඕනෑම විධායක ජනාධිපතිවරයෙකු ධුරකාලය තුළ සිදුකරන ලද වැරදි සඳහා නඩු පැවරිය හැකි බව මින් සනාථ කරනු ලබයි. ජනාධිපතිවරයෙකුට කිසිදා නඩු පැවරිය නොහැකියැයි කළ ප්‍රකාශයේ සත්‍යතාවයද මෙයින් පැහැදිලිවෙයි. (නි)
අපේ සමහර මිනිස්සු මේ රට බේරාගත් උතුමාට කරන අපහාස වලට මට නම් හරිම හිතට අමාරුයි (නි)
ඒ කාලෙ ඒවට දැන් උත්තර දෙන්න බැහැ කියලා කිවුවොත් මොකද කරන්නේ? (නි)
අනිවාර්යයෙන්ම වරදට දඩුවම් දෙන්නම ඕනෑ. (නි)
සාධාරණයට ජය වේවා! (නි)
මෛත්‍රී පාලනයක ඇරඹුම! සාධාරණයට ජය වේවා! (නි)
නීතියේ දෙව්දුව මියගියේ නැහැ එහෙනම්? (නි)
තමන් කළ දේවල් වලට කවදා හෝ වන්දි ගෙවන්න වෙනවා. මම දෙමළ සිංහල හමුදාවේ වැඩකළ කෙනෙක් නිසයි බොහොම ආදරයෙන් මේක ලියන්නේ. අපිත් මුළු පවුලම් ඡන්දෙ දුන්නා 2005දී. (නි)
නීතියේ ස්වාදීනත්වය නැවත ස්ථාපිත වන හැඩයි. (නදී)
දැන් ඉතින් හිටපු ජනපතිත් උසාවි යන්න ඕනෑ. (නි)
මේවා සාධාරන සමාජයක් යහපාලනයක් වැනි වදන් වලට හොඳම උදාහරණයි. මෙලොව උපන් කෙනෙකුට වැරදි කර සැඟවී සිටින්නට නීතියෙන් අවකාශ තිබෙන්නට විදිහක් නැහැ. (නි)
නීතිය ස්ථාපිත කරනවාට ස්තූතියි (නි)
අධිකරණය ගැන සතුටුයි (නි)
හිටපු ජනාදිපතිතුමන්ට කරදරයක් හිරිහැරයක් වෙන්න දෙන්න එපා. ඔහු මොනවා වුනත් රටට විශිෂ්ට සේවයක් කලා. (හේ)
2009 ජනපතිවරනයෙන් පස්සේ මොනවදෝ චෝදනා වගයක් දාලා පොන්සේකා මහත්තයා හිරේට දැක්කුවා. එ්කයි මේකයි අතර සමානකමක් පේනවා. වැරදිකරුවන්ට නීතිය ඉටු නොකිරීම මෙන්ම පළිගැනීම් වලට නීතිය යොදා ගැනීමද නීතියේ කන්‍යාවගේ ගෞරවය කෙළසීමක්. (නදී)
මොනවා උනත් පලිගැනීම් කරන එක තත්වයට හොඳ මදි. අපි ඔක්කොම ශ්‍රී ලංකා වැසියෝනේ. (ස)
අධිකරණයේ ස්වාධීනත්වයට ජය වේවා (බ)