IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති උසාවි කැඳවයි

තම ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව කොටිකාවත්ත මුල්ලේරියාව  ප්‍රාදේශිය සභාවේ සභාපති  ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා  ගොනු කළ පැමිණිල්ල සලකා බැලු කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය  එම පැමිණිල්ලේ  වග උත්තර කරුවන් ලෙස  නම් කැර ලැබ සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා  ඇතුළු සිව් දෙනකුට  මෙම මස 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි  නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.

 



අදහස් (0)

හිටපු ජනපති උසාවි කැඳවයි

රන්බණ්ඩා Tuesday, 13 January 2015 05:06 AM

ජනාධිපති තනතුර බාරගත්තට පස්සේ පක්ෂ දේෂපාලනය බෑ එතකොට? (බ)

:       0       0

නිහාල් Monday, 12 January 2015 03:43 PM

මට නම් හරිම දුකයි (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා Monday, 12 January 2015 11:12 AM

අධිකරණයේ ස්වාධීනත්වය පෙරදිගින් අහසට නඟින ලා හිරු සේ ජනතාවගේ සිත්සතන් වලට ආලෝකයක් දෙමින් ලක් දෙරණ කෙමෙන් කෙමෙන් එළිය කරනවා. (නි)

:       0       0

රන්ජිත් Monday, 12 January 2015 04:01 PM

අධිකරණයේ නිදහස ඉතා ඉහළින් අගයකරන්න ඕනෑ. අපි බලාගෙන ඉඳිමු මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

රවින් Monday, 12 January 2015 04:06 PM

ඕනෑම විධායක ජනාධිපතිවරයෙකු ධුරකාලය තුළ සිදුකරන ලද වැරදි සඳහා නඩු පැවරිය හැකි බව මින් සනාථ කරනු ලබයි. ජනාධිපතිවරයෙකුට කිසිදා නඩු පැවරිය නොහැකියැයි කළ ප්‍රකාශයේ සත්‍යතාවයද මෙයින් පැහැදිලිවෙයි. (නි)

:       0       0

ප්‍රභාත් Monday, 12 January 2015 04:49 PM

අපේ සමහර මිනිස්සු මේ රට බේරාගත් උතුමාට කරන අපහාස වලට මට නම් හරිම හිතට අමාරුයි (නි)

:       0       0

නිමල් Monday, 12 January 2015 05:53 PM

ඒ කාලෙ ඒවට දැන් උත්තර දෙන්න බැහැ කියලා කිවුවොත් මොකද කරන්නේ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 12 January 2015 06:00 PM

අනිවාර්යයෙන්ම වරදට දඩුවම් දෙන්නම ඕනෑ. (නි)

:       0       0

මීනු Monday, 12 January 2015 06:35 PM

සාධාරණයට ජය වේවා! (නි)

:       0       0

සම්පත් Monday, 12 January 2015 12:38 PM

මෛත්‍රී පාලනයක ඇරඹුම! සාධාරණයට ජය වේවා! (නි)

:       0       0

පද්මිණි Monday, 12 January 2015 08:20 PM

නීතියේ දෙව්දුව මියගියේ නැහැ එහෙනම්? (නි)

:       0       0

රවී Monday, 12 January 2015 12:40 PM

තමන් කළ දේවල් වලට කවදා හෝ වන්දි ගෙවන්න වෙනවා. මම දෙමළ සිංහල හමුදාවේ වැඩකළ කෙනෙක් නිසයි බොහොම ආදරයෙන් මේක ලියන්නේ. අපිත් මුළු පවුලම් ඡන්දෙ දුන්නා 2005දී. (නි)

:       0       0

අතුල Monday, 12 January 2015 09:33 PM

නීතියේ ස්වාදීනත්වය නැවත ස්ථාපිත වන හැඩයි. (නදී)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Monday, 12 January 2015 12:48 PM

දැන් ඉතින් හිටපු ජනපතිත් උසාවි යන්න ඕනෑ. (නි)

:       0       0

රෝයි Monday, 12 January 2015 01:23 PM

මේවා සාධාරන සමාජයක් යහපාලනයක් වැනි වදන් වලට හොඳම උදාහරණයි. මෙලොව උපන් කෙනෙකුට වැරදි කර සැඟවී සිටින්නට නීතියෙන් අවකාශ තිබෙන්නට විදිහක් නැහැ. (නි)

:       0       0

කලීල් Monday, 12 January 2015 01:44 PM

නීතිය ස්ථාපිත කරනවාට ස්තූතියි (නි)

:       0       0

කටුගස්තොට Monday, 12 January 2015 01:44 PM

අධිකරණය ගැන සතුටුයි (නි)

:       0       0

රකිත Tuesday, 13 January 2015 02:14 AM

හිටපු ජනාදිපතිතුමන්ට කරදරයක් හිරිහැරයක් වෙන්න දෙන්න එපා. ඔහු මොනවා වුනත් රටට විශිෂ්ට සේවයක් කලා. (හේ)

:       0       0

කමල් Wednesday, 14 January 2015 04:43 AM

2009 ජනපතිවරනයෙන් පස්සේ මොනවදෝ චෝදනා වගයක් දාලා පොන්සේකා මහත්තයා හිරේට දැක්කුවා. එ්කයි මේකයි අතර සමානකමක් පේනවා. වැරදිකරුවන්ට නීතිය ඉටු නොකිරීම මෙන්ම පළිගැනීම් වලට නීතිය යොදා ගැනීමද නීතියේ කන්‍යාවගේ ගෞරවය කෙළසීමක්. (නදී)

:       0       0

මහේෂ් Tuesday, 13 January 2015 03:45 AM

මොනවා උනත් පලිගැනීම් කරන එක තත්වයට හොඳ මදි. අපි ඔක්කොම ශ්‍රී ලංකා වැසියෝනේ. (ස)

:       0       0

නිරෝධා Tuesday, 13 January 2015 03:56 AM

අධිකරණයේ ස්වාධීනත්වයට ජය වේවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 917 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site