
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබා දී ඇති වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති වරප්‍රසාද පනත ට අනුව හිටපු ජනාධිපතිවරයකුට හිමි වන්නේ විශ්‍රාම වැටුප, නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම් වරයෙක් සඳහා වන වෙිතන පමණි. නමුත් පසුගිය සමයන්හි දී හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යටතට ජල බිල්පත්,විදුලි බිල්පත් ගෙවීම් ඇතුළු බොහොමයක් වරප්‍රසාද ඇතුලත් කොට තිබිණි.
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවක තීන්දුවකින්ද ජනාධිපති වරප්‍රසාද පනත අනුව කටයුතු කරන්නැයි රජයට උපදෙස් ලැබී ඇත.
ඒ අනුව මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබාදී ඇති දෑ කපා හැරීමට සිදු වනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභයට මොකටද වරප්‍රසාද දෙන්නේ?රජයේ සේවකයන්ට කාලසීමාව ඉවර වෙන්න කලින් ජොබ් එකෙන් අයින් උන කියල පෙන්ෂන් දෙන්නේ නැහැනේ. අනිත් එක ජනාධිපති පෙන්ෂන් දෙනවනම් දෙනාට පාර්ලිමේන්තුවේ ඉන්න මහින්දට,සිරිසේනට මන්ත්‍රී වැටුප කපා හරින්න ඕනේ.
ඔව ඉතින් ප්‍රායෝගිකව වැඩිද???????
නාකි මයිනාට. කුඩුවක් හදලා දීලා. පැතතකට. කරලා. ගොටා මොනවා කෙරුවටද. රජ වාසලෙන් පැනල යත්දිත් රටේ මුදල් ඇදයට. හිර ගෙදර ඉන්න ඕන උන්ට වරප්‍රසාද දෙන එකම කාලකන්නි රට.
අපි ගහල තිබෙන ගැහිලිවලට ඔය වතුර විදුලි බිල් ගෙවන එක සුළු දෙයක් කියන්නාක් මෙන් ඔය හිනැහිලා ඉන්නෙ. මේ ආරම්භය පමණයි. හොඳ හොඳ කැපීම් ඉස්සරහට බලාපොරොත්තු වන්න.
බයේ පැනලා ගිය අයටත් වරප්‍රසාද…?
වත්මන් ජනාධිපතිතුමාටත් මෙය දීර්ඝ කළ යුතුයි. සියලුම හිටපු ජනාධිපතිවරුන්ට එක් නිවාස ඒකකයක් පමණක් පිරිනැමිය යුතුයි.
ඉතා හොඳ පියවරක්.
මාලිමාව ට ජයවේවා. දැන් බයියන් ට පුලුවන් ඒ බිල් ටික ගෙවලා දාන්න.
හිමි නොවන්නේනම් කවුද එම වරප්‍රසාද වලට ගෙවන්න බලය දුන්නේ ? එම වියදම් අම්මගේ අප්පාගේ බුදලෙන් දුන්නද ?
ඕවා බොරු බන්. අමු රජයේ මුදලින් බැරි උනොත් ප්‍රොජෙක්ට් එකක් ඇතුලේ වෙනමම අයිටම් එකක් දාලා හරි ඕවා ගෙවනවා. 5,000ක් ඔට්ටුයි ...
මෙතන ඉන්න වැඩි දෙනෙකුට වැඩි වරප්‍රසාධ ,කිසිම වරප්‍රසාධයක් දිය යුතු නැහැ .ඒ උදවිය රටට කිසිම වැදගත් දෙයක් කරලා නැහැ
නිකන් ලැබෙනවානම් ඔලුවේ කැක්කුමත් කමක් නැහැයි කියනවානේ .වෙනසකට මෙම පුවත දැකලා මිනිස්සු දාන කමෙන්ට් දැක්කට පස්සේ සමහර අයට ඔලුවේ කැක්කුම වැඩි වෙන්න පුළුවන්
රට කාලා පැන ගිය ගෝතයටත් මේව දෙනවද? මහජන මුදලින් යැපෙන්න එයාට තියෙන අයිතිය කුමක්ද?
ජේ ආර් ජයවර්ධන මහතා ජනපතිවරුන්ට හා මැති ඇමතිවරුන්ට අතිවිශාල මුදලක් වැයවෙන අධික සැප පහසුකම් ලබා දුන්නා. පසුව පැමිණි රජයන් හා පක්ෂ ඒවා විවේචනය කරමින් ඒ පහසුකම් හා වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා ගත්තා.එදා සාමාන්‍ය මිනිසුන් ලෙස දේශපාලනයට පැමිණි දේශපාලකයන් පසුව මහා ධන කුවේරයන් බවට පත්වුණා පමණක් නෙමෙයි ඔවුන්ගේ සට්ටැඹි රාලල පවා මහා ධනවතුන් බවට පත්වුණා.මේ අයුතු ලෙස සොයාගත් ධනය රට වෙත නැවත ලබා ගැනීමට ජාත්තයන්තරයේ සහාය ගෙන හෝ කටයුතු කළ යුතුයි.මේ හොරකම් වහන්න,ඒවා යට ගහන්න මනාලෙස සංවිධානය කරනු ලැබූ හෙංචයියන් යොදවා තියෙනවා.සාක්ෂි යට ගහන්න මොන සටකපටකම් කළත්,රටේ ජනතාවගෙන් තොරතුරු ගෙන උසස් රහස් පොලිස් නිලධාරීන් හා ඉන්ටර්පෝල් සහයෝගයද ගෙන රටෙන් අයුතු ලෙස සොරාගත් දේ නැවත පවරා ගැනීමට කටයුතු කළ යුතුයි.ඒත් බොහෝ දේ දැන් දැන් මේ රටේ ජනතාවට අමතකවී යන බවක් පෙනේ.මේ මුදල් නැවත භාණ්ඩාගාරයට ගතහොත් ඒවායින් විදෙස් ණය කන්ද ගෙවා අවසන් කිරීමට හැකිවෙනු ඇත.කුමක් හෝ කොට බලය ගැනීමට වෙර දරන විපක්ෂය එකතුවී මේ සඳහා පළමුව පියවර ගත යුතුයි.
නැති වරප්‍රසාදත් අවුරුදු හතලික් තිස්සේ ලැජ්ජා නැතුව බුක්ති විදලා, තියෙන වරප්‍රසාදත් අපි තව අවුරුද්දකින් එකාමහාරකින් අයින් කරන්නම් ! එතකම් නටපල්ලා.
විශ්‍රාම සැප තව බොහොම ටික කාලයක් ගන්න. නෝනාවරුනි, මහත්වරුනි. ඔය ඔක්කොම සැප නුදුරේදීම ජනයා සන්තක කරනවා. මහජන බදු මුදලින් ඔබලාට සැප දීම අනිවාර්යයෙන් නතර කරනවා නිසැකවම.
වරප්‍රසාද නෙවෙයි ගහල එලවන්ඩයි ඕන . මෙි ගෝතයො කරපු වැඩ නිසානෙ අපි අද හිගන්නො ගානට වැටිලා ඉන්නෙ
කපන්න ඕනේ මේවා නෙමේ
ඉස්සරවෙලාම පනතට පිටින් ගෙවීම් කරපු අය අල්ලලා නඩු දාන්න...
පකීර්,හරියට කියන්න මොකක්ද කපන්න ඕන කියල.
රටක් බංකොළොත් වෙන්නේ නැතිද? මෙවැනි නාස්තිකාර වැඩ නිසා. සද්ද නැතිව මේ වරප්‍රසාද භුක්ති විඳිමින් තව තවත් පාර්ලිමේන්තු රිංගලා තවත් වරප්‍රසාද ගන්න ලැජ්ජාවක් නැතුව ඇති...
හිටපු ජනාධිපතිවරු පරම්පරා 100කට හම්බකරල යන්නෙ, අපි තවත් නඩත්තු කරනවා...
රටම හොරාකාලා... විනාශ කරපු දූෂිත දේශපාලුවන්ට මොන වරප්‍රසාදද? හරි නම් යවන්න ඕනේ හිරේ. ජනාධිපති කාලේ ගසකාලා යහමින් හරිහම්බ කරගත්තු දේවල් ඔය කාට කාටත් නැතුව නෙවෙයි...
ගෝට ආයෙ එයි. බලන්ඩ වෙන දේ.
වාහන 3ක් මොකටද? නිවසක් ඇයි ඉන්න තැන් නැතිවද? මේ අයට ලැඡ්ජා නැත්ද මන්දා මේවා ගන්න...?
වැඩියෙන් භුක්ති විඳපුවා ආපසු අයකරන්නේ නැතිද ?
තීරණය කරලා විතරයි කපලා නෑ නෙ. බොරු ශෝ ඕවා