රජය විසින් පුනරුත්තාපනය කරන ලද හිටපු කොටි සාමාජික සාමාජිකාවන් පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
පුනරුත්ථාපන මධ්‍යස්ථානවලදී හිටපු එල්.ටී.ටී.ඊ සාමාජික සාමාජිකාවන්ට විස සහිත ඖෂධ වර්ග එන්නත් කොට ඇති බවට පළ වන වාර්තාවල සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඔවුන් වෛද්‍ය පරීක්ෂණයන්ට යොමු කිරීමට නියමිත අතර ඉහත වැඩපිළිවෙළ ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන පනතක් ද ඉකුත් දා උතුරු පළාත් සභාවේදී සම්මත කර ගැනිණි.
මේ සඳහා අවශ්‍ය තොරතුරු එක්රැස් කරන බවත් අවශ්‍ය වුවහොත් විදේශීය වෛද්‍යවරුන්ගේ සහාය ලබාගන්නා බවත් උතුරු පළාත් සභා මන්ත්‍රී කේ.සිවාජිලිංගම් පැවැසීය.
උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී.සත්‍යලිංගම් මහතාගේ ප්‍රධාන්තවයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපසු වැඩ පටන්ගන්න වගේ සූදානම. (නි)
කොහොමද වැඩේ ..?මෙහෙම වෙලා මදි අපිට . මහජන මුදලින් පුනරුත්ථාපනය කරලා මදැයි දැන් අහගත්තු කතාව තව මොනවා කියාවිද ..? අපේ දරු මුණුපුරන්ගේ මුපුරෝලගෙනුත් පළිගනියි මුන්ට කියන කියන දේ දුන්නොත් ..? (බ)
සේරම. පරීක්ෂණ ඉවර වූ පසු. අංගොඩ අරන් ගිහින් සේරම බුරුල් වෙලා තියෙනේ නට්ස් තද කර වන්න අධිකවම පිස්සු වැඩි කට්ටියට කියලා (බ)
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ මේවට (නි)
ඔහොම යමුකෝ! (නි)
මේවට තමයි අපි කියන්නේ "ඌරාගෙ මාලු ඌරාගෙ ඇඟ උඩ තියලාම කපනවා" කියලා (නි)