එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාන්තා අංශයේ හිටපු නායිකා සිවගාමී ජෙයකුමාරන් හෙවත් තමිලිනී විසින් රචිත ‘තියුණු අසිපතක සෙවන යට’ ග‍්‍රන්ථයෙන් උපයා ගත් රුපියල් ලක්ෂ තුනක් මහරගම පිළිකා රෝහලට සිකුරාදා (5) පිරිනැමීමට ඇගේ ස්වාමියා සහ ග‍්‍රන්ථ ප‍්‍රකාශක පියවර ගෙන ඇත.
ජෙයකුමාරන් ගේ ඉල්ලීමකට අනුව සිදු කෙරෙන මෙම ප‍්‍රදානය මහරගම පිළිකා රෝහලේ ළමා වාට්ටුවේ දරුවන්ට බෙහෙත් මිලට ගැනීමට පිරිනැමෙන බව අදාළ ග‍්‍රන්ථයේ ප‍්‍රකාශක, චිත‍්‍රපට අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක මහතා සඳහන් කරයි.
පිළිකා රෝගයට ගොදුරුව මහරගම ප‍්‍රතිකාර ලබමින් සිටියදී තමිලිනීගේ අවසන් ඉල්ලීම වූයේ තමා විසින් ලියා අවසන් කළ කෘතියෙන් ලබා ගන්නා ආදායමෙන් කොටසක් පිළිකා රොහලේ ප‍්‍රතිකාර ලබන දරුවන්ට දෙන ලෙසයි.
COMMENTS
උපසේන සහ සිරි දෙපලට මගේ හර්දයාංගම තුති.. ඔබ වගේ අය අද සමාජයට අත්‍යවශ්‍යයි.. (ම)
යමක් වැටහෙනවිට කාලය ඉක්මගොස් ඇත (බ)
කෲර අතීතය අමතක කරමු. එකිනෙකාට කරුණාව දයාව දක්වමු. ජාති ආගම් කුල වලින් මිනිස්සුන් වෙන් නොකර හැම කෙනෙක්ම මනුස්සයන් ලෙස සලකමු. මෙම උතුම් අදහසට උතුම් ක්‍රියාවට අපිත් ගෞරව කරමු. (බ)
මේ පොත ලංකාවේ හැම කෙනෙක්ම කියවිය යුත් පොතක්. පටු ජාතිවාදයෙන් මිදිලා පුළුල් මිනිසෙක් වෙන්න කියවන්න මේ පොත. (බ)
අව්‍යාජ සහ නිර්මල සංහිඳීයාවකට ආදර්ශයක් (බ)
කාලය ඉක්මගොස් ඇති මොහොතේ හෝ මෙවන් අදහසක් පහල වීම වටිනා දෙයක්. (ර)