වසර හතරක් බූස්සේ රඳවා සිටින සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ රිමාන්ඩ් කරන්නැයි කළ ඉල්ලීම පිළිබඳ තීරණය ජූලි 09 දා දැනුම් දෙන බව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය කීවාය.
කොටි නායකයකු වූ රමේෂ් 2007 අප්‍රේල් 01-31 අතර කොළඹට පැමිණ බුද්ධි තොරතුරු රැස්කරමින් සිටින බව දැන දැනත් ඒ බව පොලිස් නිලධාරින්ට දැනුම් නොදුන් බවට කුරේ චෝදනා ලැබ සිටියි.
හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා වැලිවේරියේ අවුරුදු උත්සවයකට සහභාගී වෙමින් සිටිය දී කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වූයේ ඔහු කොටින්ට මුදලට ඔත්තු දීම නිසා යැයි පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජෙයරාජ් ගේ මිනීමැරුම හරියට ඇදිලා ආවොත් ඔය සුදු පිරුවට ඇඳගෙන බලයට එන්න හදන සමහර අයගේ අත්වල ගෑවුණු ලේ බලන්න පුළුවන් (නි)
විධිමත් පරීක්ෂණයක් කළොත් ජෙයරාජ්ගේ මරණයට අණදුන් පුද්ගලයා කවුද කියා දැනගන්න පුළුවන් වේවි (නි)