පුනරුත්ථාපනය වන එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් අතරින් වෙඩි තැබීමේ ක‍්‍රීඩාවෙන් දස්කම් පෑ ක‍්‍රීඩකයෝ තිදෙනෙක් වෙඩි තැබීමේ ජාතික සංචිතයට ඇතුළත්ව සිටිති. කොටි සංවිධානයේ සන්නද්ධ අංශවල සාමාජිකයන්ව සිට හමුදාවට බාර වු පිරිස රජයේ පුනරුත්තාපන වැඩසටහනට ඇතුළත්ව සිටිති.
ඔවුන් අතරින් ක‍්‍රීඩා සඳහා දස්කම් දක්වන 135 දෙනෙක් ජාතික ක‍්‍රීඩා සංචිතයට ඇතුළත් කරනු ලැබ ඇත. එහිදී කනකසන්තුරම් රජීවන්, තයාබරන් තවෙන්තිරන් සහ සෙල්ලමුත්තු සුරේෂ්කුමාර් යන ක‍්‍රීඩකයන් තිදෙනා ඉලක්කයට වෙඩි තැබීමේ තේරීම් පරීක්‍ෂණයෙන් සමත්ව වෙඩි තැබීමේ ජාතික සංචිතයට ඇතුළත්වුහ.
2013 වසරේ පැවැත්වෙන නවදිල්ලියේ දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ තරගාවලියට සහභාගිවීමේ පරිසාධන මට්ටමට ළගා වී සිටින මෙම ක‍්‍රීඩකයෝ ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් වැලිසර නාවික හමුදා කඳවුරේ නේවාසිකව පුහුණුවීම්වල නිරතවෙති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් විශ්වාස කරලා ඉල්ලන් කන්න හදන්නේ , කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ (ස)
හොද පියවරක්. පිටරට ඉදගෙන අපිට චෝදනා කරන අය දැන් මොනවා කියයිද දන්නෙ නැහැ. (නි)
චලප ඉලක්ක වලට මෙයාලා වඩාත් දක්ෂයි. (නි)
අන්න මාරු
කාලෝචිතයි
මිනිස්සු මරණ්නනම් හිතන්න එපා (ස)
හරිම සතුටුයි.ගොඩක් දෙනා තරහින් කතා කරාට මේ රටේ අපි හැමෝම එකට ඉන්න ඕන. (ස)
හමුදා වෙඩි තැබීම වෙනයි, ඔලිම්පික් වෙඩි තැබීම වෙනයි. කමක් නැහැ හොඳ පුහුණුවකින් පස්සෙ දක්ෂයෙක් බිහිකරන්න පුළුවන්. (ස)
කවුද ඒ අයට අවි භාර දෙන්නේ ?? (ස)
කේපී ගේ ආරක්ෂාවට දාමුකෝ. එතකොට හමුදාවට කේපී ට සැලියුට් කරන්න ඕනෑ නැහැනේ. (නි)
අවි ගත්තෝ අවියෙන් දිනති. (නි)
විහ්වාස කරනවානම් කරන්න නැත්නම් ඒපා..!(නු)
දැන් ඉතිං අපේ රටට ඉන්න හොදම අය මේ අයනේ. (නි)
හොඳ දෙයක්. හැමදෙනාම මේ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට එනවා නම් ඉදිරියේදී යුද්ධයක් නැවත ඇති වෙන එකක් නැහැ. අවිශ්වාසයත් දැඩි විශ්වාසයත් දෙකම හොඳ නැහැ. ඒත් යන විදිහට කරන්න ඕනෑ හැම දෙයක්ම සුභවාදීව බලන එක. (නි)
ලෝක කුසලාන පාපන්දු තේරීමේ තරඟ වලට කණ්ඩායමක් ඉදිරිපත් කල ශ්‍රීලංකාවෙන් පිටත පිහිටුවා ඇති ඊළාම් රාජ්‍යයේ ක්‍රීඩකයන් මීලඟ ඔලිමික් ක්‍රීඩා උළෙලට ඉදිරිපත්කිරීමට උත්සහයක් දරමින් සිටිනවා.(ස)
මෙහෙම දෙයක් අහන්න ලැබීම ගැන සතුටුයි. (නි)
දැන් ඒ හොද කොටිනේ.කරුණ, පිල්ලෙයාන්,කේපී වගේ රාජ්‍යයේ උතුමන්න්ට්ලාට ආරක්ෂාව දෙන්න හොඳයි
අනිත් පෑත්ත හෑරිල මෙයාටම දෙයිද දන්නෙ නෑ!!!! කොහොමත් පි0 සිද්ද වෙනව මේත් අපේම සහෝදරයො කියන එක ලොවට කිව්වට.
ගස් නගින්න දන්න මිනිහට අතු කපන්න කියලා දෙන්න ඕනෑ නැහැ මහත්තයෝ. (නි)