IMG-LOGO

හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ වෙඩි තැබීමේ ජාතික සංචිතයට

පුනරුත්ථාපනය වන එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් අතරින් වෙඩි තැබීමේ ක‍්‍රීඩාවෙන් දස්කම් පෑ ක‍්‍රීඩකයෝ තිදෙනෙක් වෙඩි තැබීමේ ජාතික සංචිතයට ඇතුළත්ව සිටිති. කොටි සංවිධානයේ සන්නද්ධ අංශවල සාමාජිකයන්ව සිට හමුදාවට බාර වු පිරිස රජයේ පුනරුත්තාපන වැඩසටහනට ඇතුළත්ව සිටිති. ඔවුන් අතරින් ක‍්‍රීඩා සඳහා දස්කම් දක්වන 135 දෙනෙක් ජාතික ක‍්‍රීඩා සංචිතයට ඇතුළත් කරනු ලැබ ඇත. එහිදී කනකසන්තුරම් රජීවන්, තයාබරන් තවෙන්තිරන් සහ සෙල්ලමුත්තු  සුරේෂ්කුමාර් යන ක‍්‍රීඩකයන් තිදෙනා ඉලක්කයට වෙඩි තැබීමේ තේරීම් පරීක්‍ෂණයෙන් සමත්ව වෙඩි තැබීමේ ජාතික සංචිතයට ඇතුළත්වුහ. 2013 වසරේ පැවැත්වෙන නවදිල්ලියේ දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ තරගාවලියට සහභාගිවීමේ පරිසාධන මට්ටමට ළගා වී සිටින මෙම ක‍්‍රීඩකයෝ ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් වැලිසර නාවික හමුදා කඳවුරේ නේවාසිකව පුහුණුවීම්වල නිරතවෙති. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් එම ක‍්‍රීඩකයන් තිදෙනාට පුහුණුවීම් සඳහා අවශ්‍ය වායු පිස්තෝල පිරිනමන ලද අයුරු



අදහස් (0)

හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ වෙඩි තැබීමේ ජාතික සංචිතයට

නිශාන්ත Tuesday, 23 October 2012 06:52 AM

දැන් ඒ හොද කොටිනේ.කරුණ, පිල්ලෙයාන්,කේපී වගේ රාජ්‍යයේ උතුමන්න්ට්ලාට ආරක්ෂාව දෙන්න හොඳයි

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 23 October 2012 02:45 PM

හමුදා වෙඩි තැබීම වෙනයි, ඔලිම්පික් වෙඩි තැබීම වෙනයි. කමක් නැහැ හොඳ පුහුණුවකින් පස්සෙ දක්ෂයෙක් බිහිකරන්න පුළුවන්. (ස)

:       0       0

තුෂාර Tuesday, 23 October 2012 02:35 PM

හරිම සතුටුයි.ගොඩක් දෙනා තරහින් කතා කරාට මේ රටේ අපි හැමෝම එකට ඉන්න ඕන. (ස)

:       0       0

කෝසල Tuesday, 23 October 2012 07:52 AM

මෙහෙම දෙයක් අහන්න ලැබීම ගැන සතුටුයි. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 23 October 2012 08:30 AM

ලෝක කුසලාන පාපන්දු තේරීමේ තරඟ වලට කණ්ඩායමක් ඉදිරිපත් කල ශ්‍රීලංකාවෙන් පිටත පිහිටුවා ඇති ඊළාම් රාජ්‍යයේ ක්‍රීඩකයන් මීලඟ ඔලිමික් ක්‍රීඩා උළෙලට ඉදිරිපත්කිරීමට උත්සහයක් දරමින් සිටිනවා.(ස)

:       0       0

රොහාන් Tuesday, 23 October 2012 09:20 AM

හොඳ දෙයක්. හැමදෙනාම මේ විදිහට ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට එනවා නම් ඉදිරියේදී යුද්ධයක් නැවත ඇති වෙන එකක් නැහැ. අවිශ්වාසයත් දැඩි විශ්වාසයත් දෙකම හොඳ නැහැ. ඒත් යන විදිහට කරන්න ඕනෑ හැම දෙයක්ම සුභවාදීව බලන එක. (නි)

:       0       0

සම්පත් Tuesday, 23 October 2012 03:22 PM

මිනිස්සු මරණ්නනම් හිතන්න එපා (ස)

:       0       0

නිරාන් Tuesday, 23 October 2012 10:24 AM

දැන් ඉතිං අපේ රටට ඉන්න හොදම අය මේ අයනේ. (නි)

:       0       0

රොෂාන් Wednesday, 24 October 2012 10:28 AM

හොද පියවරක්. පිටරට ඉදගෙන අපිට චෝදනා කරන අය දැන් මොනවා කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සිල්වා තබුක් Tuesday, 23 October 2012 10:48 AM

විහ්වාස කරනවානම් කරන්න නැත්නම් ඒපා..!(නු)

:       0       0

ශාන්ත Tuesday, 23 October 2012 11:34 AM

ගොඩක් විශ්වාස කරලා ඉල්ලන් කන්න හදන්නේ , කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ (ස)

:       0       0

නිශාන්ත Tuesday, 23 October 2012 04:53 PM

කාලෝචිතයි

:       0       0

ඉරේෂ් Monday, 22 October 2012 10:43 PM

අවි ගත්තෝ අවියෙන් දිනති. (නි)

:       0       0

රුවන් Tuesday, 23 October 2012 05:02 PM

අන්න මාරු

:       0       0

ෂෙරීෆ් Monday, 22 October 2012 11:27 PM

ගස් නගින්න දන්න මිනිහට අතු කපන්න කියලා දෙන්න ඕනෑ නැහැ මහත්තයෝ. (නි)

:       0       0

වරුණ Tuesday, 23 October 2012 12:24 PM

කේපී ගේ ආරක්ෂාවට දාමුකෝ. එතකොට හමුදාවට කේපී ට සැලියුට් කරන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

ප්‍රභා Wednesday, 24 October 2012 04:53 AM

චලප ඉලක්ක වලට මෙයාලා වඩාත් දක්ෂයි. (නි)

:       0       0

ලලිත් Tuesday, 23 October 2012 01:33 PM

කවුද ඒ අයට අවි භාර දෙන්නේ ?? (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 23 October 2012 02:10 AM

අනිත් පෑත්ත හෑරිල මෙයාටම දෙයිද දන්නෙ නෑ!!!! කොහොමත් පි0 සිද්ද වෙනව මේත් අපේම සහෝදරයො කියන එක ලොවට කිව්වට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site