මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ඇමැතිවරයකුට අයත් බව කියන වයඹ අති විශේෂ අරක්කු කන්ටේනරයක් හා ලොරි දෙකක් අනවසරයෙන් ගබඩා කළ බව කියන ස්ථානයක් දෙමටගොඩින් වැටලූ පොලිසිය ගොඩනැගිල්ල හිමිකරු ඇතුළු 8 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබූහ.
අරක්කු කාල, බාගය සහ බෝතලද අරක්කු නිෂ්පාදනයට ගන්නා කෘත්‍රිම රසායන ද්‍රව්‍ය සහ ලේබල ඇතුළු උපකරණ රැසකට සීල් තැබූ බවද පොලිසිය පවසයි.
මෙම ගබඩාව හිටපු ඇමැතිගේ ළඟම මිතුරකුගෙන් කුලියට ගෙන ඇතැයිද එහෙත් එහි අරක්කු ගබඩා කිරීමට අවසර ගෙන නැතැයිද පොලිසිය කියයි. අරක්කු තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව කියයි.
මෙම සීල් තැබු ගබඩාව උසාවි නියෝගයකින් පරීක්ෂා කිරීමට පොලීසිය සැරැසේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හොර ඔක්කොම අහුවෙයි හැමෝගෙම (දිල්)
මේවා ඇල්ලුවට වැඩක් නැහැ. නීතියත් හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. (නි)
පහු ගිය කාලේ එතනෝල් කාරයෝ කිව්වේ මේ අයටද ?(දිල්)
මේ හැම දේම හොයලා විදිමත් පරීක්ෂණයක් කරන්න නැතිනම් ලොකු අසාධාරණයක් මහජනතාවට (දිල්)
අනේ අනේ "මතට තිත" ආනේ වැරදුනා ඒ කුඩුවලට විතරයි නේ. මේවා දියර නිසා එ්කට අයිති නැතිව ඇති. (නදී)
නියම මතට තිත (නදී)
කවුද මේ ඇමැති කියලා අපි නම් දන්නවා (දිල්)
මේවගේ වැඩට සහ රට පුරා බාර් පවත්වාගෙන යාමට කොහෙන්ද සල්ලි හොයාගත්තේ කියලත් සෙවිය යුතුයි.(දිල්)
අපි දන්නවා මේ ඇමැති කවුද කියලා (දිල්)
මතට තිත කියලා නේද ඉස්සර කිව්වේ.දැන් මේවාට වැරැදිකරුවන් හොයලා නිසි දඩුවම් දෙන්න (දිල්)
මේ වැරැදි කරපු අයගේ නම් හංගන්න එපා රටේ ජනතාවට දැනගන්න හෙළි කරන්න.(හේ)
වක්කඩ කැඩුවා වගේ හොරු ටික අහුවෙනවා.දඩුවම් දුන්නොත් හොදයි.(හේ)
කරුණා කර නම දාන්නකෝ (නදී)
අපිත් කුරුණෑගල. මේවා කරපු අයට මේවා පොවන්න ඕන. (නදී)
මතට තිත අපට හත (නදී)
ඇයි තවත් අදාල පුද්ගලයින්ගේ නම් හෙලි නොකරන්නේ? වැරදි කරුවන් විද්‍යුත් මාධ්‍යයෙන් පෙන්වනවිටත් මුහුණ ආවරනය කරනවා. නමුත් සමාජයට මෙිවා අනාවරනය විය යුතුයි. (නදී)
ඔය අරක්කු නිෂ්පාදනය කරන්නේ ස්කාගාර සංස්ථාවේ නේද? එතකොට මේ ගබඩාවේ අරක්කු නිෂ්පාදනය කරන කෘතීම රසායන ද්‍රව්‍ය තිබුනේ මොකටද. එතනත් අරක්කු නිෂ්පාදනය කරනවද? පේන විදියට නම් එක බෝතලෙන් බෝතල් දෙකක් හදන තැනක් වගේ. (නදී)
මේවා කරපු අපරාද කාරයෝ මේවා පොවලම මරන්න ඕනා (නදී)
කව්ද ඇමති (නදී)
මේ සිද්දිය ගැන ඥාණසාර හිමි දන්නේ නැද්ද? (නදී)