
(දිලංගා ගෝමස්)
වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් රන් පැහැති ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 29 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාර මහතා අද (24) නියෝග කළේය.
පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් දුමින්ද දිසානායක කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ලබා ගත් වෛද්‍ය වාර්තා අනුව සැකකාර දුමින්ද දිසානායක මහතා රෝගී තත්ත්වයෙන් පසු වන හෙයින් බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙසට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කරන ලදී.
රන් ආලේපිත ටි 56 ගිනි අවිය බලපත්‍රයක් නොමැති නීතියානුකූල නොවන ගිනි අවියක් බවත්, හතරවන සැකකරුවන දුමින්ද දිසානායක මහතා පළමුවැනි සැකකාරිය හට දුරකථනයෙන් කතා කොට තමන් දැනුම් දෙනතුරු මෙය පළමුවන සැකකාරිය සන්තකයේ තබාගන්නා ලෙසට පවසා ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර රතු ලේබල් කන්ටේනර් 323 ඇතුලේ තිබුනේ මොනවාද කියලා සොයන්න, රේගුවත් නෑ, අපරාධ පරීකශන දෙපාර්තමේන්තුවත් නෑ... උසාවි නියෝගත් නෑ. විනිවිද භාවයක් ගැන කතාකරපු සමාජවාදී බෝඩ් එක පිටුපස ගෝනිබිල්ල්ලෝ ඉන්නවා කියලා අපි හිතුවේ නෑනේ.
වැලිකඩ පුංචි පාර්ලිමේන්තුව විපක්ෂයට යන්නේ නායයනවා වගේ… ජයම වේවා…!
මෙතුමා රට පාලනය කරන්න බලාපොරොත්තු වන පක්ෂයක මහා ලේකම්ලු... මේ වගේ උත්තමයෝ මේ වගේ වැඩ කරයිද කියලා හිතෙන කොට පාලනය ලැබුනොත් කොහොම හිටීද රටට...? රට වැසියන්ට, දේශපාලනයට එන්නේ පාතාලේ පැත්තේ ඉඳලාද කියලා හිතාගෙන ඉන්න වෙයි ද මේ වගේ දේවල් ගැන හිතන විදියට මම හිතන්නේ....
88/89 කාලේ සේවය කරපු ත්‍රස්තවාදී සහෝදරවරු ළඟ කොපමණ ඔය වගේ අවි තියෙන්න ඇත්ද? ඒවාත් හොයමුද?