පසුගිය දෙසැම්බර් 31 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ගම්පොළ ඡන්ද වේදිකාවකට පහර දුන්නැයි පොලිසියට අවශ්‍යව සිටි හිටපු අගමැති දිමු ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්න ඇතුළු සිව් දෙනෙක් ගම්පොළ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත මින් මද වේලාවකට පෙර බාර වූහ. උඩ පළාත් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක්ද ගම්පොළ නගර සභා මන්ත්‍රීවරයෙක්ද ප්‍රභූ ආරක්ෂකයෙක්ද බාරවූ සෙසු තිදෙනා වෙති.
මොවුන් පොලිසියට නොපැමිණීම නිසා රටින් පිටවීමද අධිකරණයෙන් තහනම් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතිය ක්‍රියාත්ම කරයි වගේ . (අ)
ඔය ගමන්ම අර කුඩු කොන්ටිනේර් එක ගැනත් හොයල බලන්න. (අ)
කවුරු කවුරුත් තරාතිරම නොබලා තමන්ගේ දරුවන් හික්මවා ගත යුතු බව නේද මේකෙන් පේන්නේ ? අපේ රටේ කවදාවත් ඉතිහාසයේ තිබුනේ නැති විදියට මුල් පෙලේ නායකයන්ගේ දරුවන් කිසිම වගකීමක් , නැතිව ප්‍රසිද්ධියේ හැසිරීමේ සංස්කෘතියක් ඇති වෙලා තිබෙනවා. මීට කාලෙකට කලින් නිලයේ හිටපු ජනාධිපති අගමැති වරුන්ගේ දු දරුවන් කවදාවත් චන්ඩි පාට් දමාගෙන හෝ සෙල්ලක්කාර හැසිරීම් මහජනතාවට පෙන්නාගෙන හිටියේ නැහැ. අනුර බණ්ඩාරනායක , සජිත් ප්‍රේමදාස විමුක්ති කුමාරණතුංග පියවරුන්ගේ මව් වරුන්ගේ නිල කාලයේ කවදාවත් මහජනතාවට හිරිහැරවන අයුරින් හැසිරුනේ නැහැ. රවී ජයවර්ධන කියල ජනාධිපති පුතෙක් හිටියද කියලවත් ජනතාවට දැනුනේ නැහැ. මං මේ අපක්ෂපාතිව කියන්නේ. (නදී)
අනුරාධ ජයරත්න මහතා හිතන් ඉන්න ඇති ඡන්දය දිනනවා කියලා, දින්නොත් ගොඩ කියලා. පාලිත තෙවරප්පෙරුම මහතා හිතනවා ඡන්දය දිනුව නිසා මොනවා කලත් ගොඩ යයි කියලා. දෙන්නටම එකම නීතියෙන් හොඳට සලකා, එකම කූඩුවක ඉන්න වැඩ සැලැස්විය යුතුයි. ඒ වාගේම ඔවුන් අයත් පක්ෂ වලින් මොවුන්ට විරුද්ධව ගන්නා ක්‍රියා මාර්ග ගැනත් ජනතාව උනන්දුවෙන් සිටිය යුතුයි. බලමු මොන පක්ෂයද ආර්ශයක් දෙන්නේ කියලා. නැත්නම් දින 100 කට පසු අපට නැවත බලය ලැබෙනවා (නදී)
ජයනි, ඔබ ඉතාම නිවැරදි අදහසක් පලකොට තිබෙනවා. වැදගත් (වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම) අය රටේ කුමන නිලයකට පත් වුවත් ඒ දරුවන්ගෙන් හා ඥාතීන්ගෙන් රටේ ජනතාවට කිසිදු හිරිහැරයක්, පිඩාවක් හෝ අකටයුත්තක් සිදු වන්නේ නැහැ. (ර)
පසු ගිය වසර 5 කට ආසන්න කාලයක් තුල මේ රටේ රාජ්‍ය බලය හෙබවූ නායකයන් හා ඔවුන්ගේ දරුවන් වැඩ කළේ,හැසිරුනේ මේ රටේ නීතියට ඉහළින් තමන් සිටින බව හිතාගෙන,එයට හේතුව වූ වුයේ සදාකාලිකවම ඔවුන්ට මේ රට පාලනය කළ හැකි බවට ඔවුන් තුල වූ අන්ධ විශ්වාසය වූ අතර,තමන්ට ආවඩමින් තමන් අසල සිටි පිරිසගේ හැසිරීම මගින් එය වඩාත් විශ්වාස කරන්නට ඇති අතර දැන් තත්වය වෙනස් වී ඇති නිසා ඔවුන් නිතිය ඉදිරියට රැගෙන ගොස් නිසි දඩුවම් ලබාදීමෙන් වර්තමානයේ හා අනාගතයේ පාලකයන්ට හා ඔවුන්ගේ දරුවන්ටත් මෙමගින් අනතුරු ඇගවීමක් ලබා දිය හැකි බවයි මගේ අදහස.(දිල්)
ජයනි ඔබ මොනවද දන්නේ. මං හිතන්නේ නෑ ඔයා ලංකාවේ කෙනෙක් කියල මෑත ඉතිහාසයවත් දන්නේ නෑනේ (දිල්)
මෙවැනි අයට ජීවිතාන්තය දක්වා දේශපාලනය තහනම් කළ යුතුයි (නදී)
කැමැත්තෙන්ම බාරවුණ එක ගැන සතුටුයි (නි)
මම ජයනි සමග 100% එකඟයි.(හේ)
නිතිය කාටත් පොදු විය යුතුය. (ර)
කව්රු උනත් වැරදි කර තිබේ නම් සොයා බල නීතිමය කටයුතු කළ යුතුය. (නදී)
මෙයාලට නේද කුඩු එතනෝල් ප්‍රස්නයක් තිබුනේ (නදී)
යහ පාලනය කියන්නේ මේකට තමයි. අවවාදයට වැඩිය ආදර්ශය වටිනවා කියන්නේ ඕකට තමයි. රටට සුබ අනාගතයක් (නදී)