ජනපතිවරණ සමයේ ගම්පොළ නගරයේ පොදු අපේක්ෂක කාර්යාලයකට පහරදීම, අයුතු ඇතුල්වීම හා වෙඩි තබා බිය වැද්දීම යන චෝදනාවන්ට මෙතෙක් අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා හිටපු අගමැති පුත් මධ්‍යම පළාත් මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න ඇතුළු ගම්පොළ නගර සභා මන්ත්‍රීවරු දෙදෙනකුට හා උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටත් ප්‍රභූ ආරක්ෂක නිලධාරියකුටත් ගම්පොළ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා රටින් පිටවීම තහනම් කර ඇත.
සිද්ධියේ එක් සැකකරුවකුවන සන්ධාන නාගරික මන්ත්‍රී දර්ශන නයන තරංග පමණක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර අනෙකුත් සැකකරුවන් හා වාහන සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධ මන්ත්‍රී තුමා මස්සිනාගේ ඇඟේ එල්ලිලා හරි බේරේවි. අනිත් මිනිස්සුන්ට තමයි හුලං. (නදී)
අනේ මහත්වරුනේ (අගමැතිතුමනි)මේ අපේ රට ජාත්‍යන්තරව අපකීර්තියට ලක්කරන්න එපා. ඔබ තුමන්ලා කොහෙට හරි පනියි අපිට මෙහෙ විතරයි (නදී)
මේත් එක්කම අර කොළඹට වතුර නැති වෙලාවේ මිනිස්සුන්ට බෙදන්න තිබුන වතුර බවුසර නාරාහේන්පිට ගෙදර පිහිනුම් තටාකයට ගෙන්වාගත් නෝනා ට ඒකට බලය ලැබුනේ කොහොමද කියලාත් සොයන්න. (නදී)
මෙයාලගේ සෙල්ලම් තව අවුරුදු 5 ක් යනකොට බලාගන්න පුලුවන්. (නදී)
අහිංසක පුස් පැටව් (නදී)
අගමැතිත් එකයි පුතත් එකයි. රටේ හිටියත් එකයි නැතත් එකයි (නදී)
මස්සිනා දැන් කාලෙක සිට සම්බන්දයක් නැතිලු. (නදී)
කුඩු කන්ටේනර් පිටින් ගෙන්වලා ඒවා නිදහස් කරන්ට ලියුම් දීලත් ඒවාටත් උත්තර දීල බේරුනා වාගේ මෙවරත් බේරේවි ලොකු අයගේ පුත්තු නිසා. යහපාලනය බලමු (නදී)