(බිමල් ශයාමන් ජයසිංහ)
පිටකොටුව හෙට්ටිවිදිය රන් ආභරණ වෙළඳසලක සේවකයකුට මාලිගාවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් පහර දුන්නැයි කියන චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (01) ජය ශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ් යු වුට්ලර් මහතා පැවසීය.
පහර කෑ බව කියන සේවකයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇත.
මාලිගාවත්ත පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු රන් ආභරණ සොරා ගැනීමේ සිද්ධියක සැකකරුවකු සමඟ වෙළඳසලකට ගොස් විමර්ශන සිදු කරමින් සිටියදී ඇතිවූ භාෂා ප්‍රශ්නයක් මත යාබද වෙළඳසලක සේවකයකු සහාය සඳහා කැඳවාගෙන ඇත.
එහිදී ඇති වූ සැකයක් මත එම සේවකයාට තීරෝද රථයක නන්වාගෙන පොලිසියට රැගෙන යාමට උත්සාහ කිරීමේදී අවට වෙළඳසල්වල හිමිකරුවන් සහ සේවකයන් ඊට විරෝධය දැක්වීමත් සමඟම දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වි නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇතිවිය.
එම සිද්ධිය සැලවූ පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්තද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් සිද්ධිය සමථයකට පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd