සුළු සේවිකාවන් දෙදෙනකුට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෙද නිලධරයන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කරමින් අනුරාධපුර රෝහලේ හෙද කාර්ය මණ්ඩලය, කලමනාකරණ ශ්‍රේණි, උපස්ථායකවරුන් හා සුළු සෙවකයන්ගේ කොටසක් අද පස්වරු තුනේ සිට වර්ජනයක් ඇරැඹීම නිසා අනුරාධපුර රෝහලේ වැඩ අවුල්විය. දොස්තරවරු, තාක්ෂණ සේවකයෝ හා සුළු සේවකයෝ පිරිසක් පමණක් සේවය කරති. වර්ජනය අසාධාරණ බව රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව්. එම්.ටී.බී. විජේකොන් පවසයි. වැඩ තහනම ඉවත්කරන තුරු දිගටම වර්ජනය කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සේවකයන්ගේ මාධ්‍ය ප්‍රකාශක අනුර දිසානායක මහතා පවසයි.

1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd