
(සනත් ගමගේ)
මසකට රුපියල් දහසකට ආසන්න වතුර බිලක් ආ හුංගම නිවෙසකට ඉකුත් මාසයේ ජලබිල රුපියල් 75,000ක බිලක් පැමිණ ඇතැයි ඩබ්ලිව්.එච් කරුණාවතී නම් කාන්තාවක පවසයි.
නෑමට සහ බීමට පමණක් ඔවුන් ගන්නා බවත් ඒ සඳහා ඒකක 4 වැනි ප්‍රමාණයක් වැය වන බවද ඇය කීවාය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කරුණාවතී මහත්මිය මෙසේ කීවාය.
අය මෙසේ කීවාය ඉකුත් 11 දා වතුර බිල් ලියන මහත්තයා නිවසට පැමිණ වතුර බිල මට දුන්නා වතුර බිල රුපියල් 75000 ක් ඇති බව දැනගත් මට උන්හිටිතැන් අමතක වූ බව ඇය සඳහන් කළාය.
අපි හරිම දුප්පත් අය එදිනදා කුලී වැඩ කරගෙන ජීවත්වෙන්නෙ ඉන්න හිටින්න හරියට ගෙයක් දොරක් නැහැ. ජල බිල්පතේ ඒකක 800 ක් වශයෙන් සටහන් වි ඇත. ජල මනුවේද ඒබව සටහන් වි තිබේ.
නිවැසි කාන්තාව හුංගම හාතගල ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නඩත්තු කාර්යාෙලය වෙත පැමිණිලි කර ඇත. මේ සම්බන්දව ස්ථානභාර නිළධාරිවරයාගෙන් විමසීමේ දි ඒ මහතා කියා සිටියේ තමා පෞද්ගලිකව මෙම පැමිණිල්ල ගැන සොයා බැලිමටෙ එම නිවසට යන බවයි.

2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හුංගම නිවෙසකට හැත්තෑපන්දහසක ජලබිලක් ලැබිලා
ravin Wednesday, 14 February 2024 09:42 PM
මෙම බිල්පත දෙස විපරමින් බලන්න.ගණන් බැරි කාටද ?පෙර කියවීම?වර්තමාන කියවීම ?800? පරිභෝජනය ?831?මොලේ කචල් වගේ නේද ?
Malika Thursday, 15 February 2024 03:09 AM
වතුර ලයින් එකේ බට වලින් කොහේ හරි ලීක් එකක් ඇති. ගෙදර ඔක්කෝම පයිප්ප වහලා වතුර මීටරය කැරකෙනවද බලන්න. කැරකෙනවා නම් අනිවාර්‍යෙන් මඟ බටයක් කැඩිලා ලොකු ලීක් එකක් ඇති. ඉක්මනින් චෙක් කරන්න.
නිහාල් Thursday, 15 February 2024 06:38 AM
වතුර මීටර් හුලං වලටත් කරකැවෙනවා.