
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ ආර්ථිකය දියුණු වෙලා තියෙනවා යැයි හැකිනම් පොළට ගිහින් කියන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඔබතුමාලට ආර්ථිකය ගැන පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන්. හැබැයි ඔය කතා පොලේ ගිහින් කියන්න.ඔය ආර්ථික වර්ධනය පුංචි මිනිහගේ සාක්කුවට දැනිලා නෑ. ඔයගොල්ලෝ කතාවෙන් මාධ්‍යයෙන් ආර්ථිකය නඟා සිටෙව්වට මහා දුක් විඳින මිනිහට කිසිම දෙයක් ඉටුවෙලා නැහැ.පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්තියේ පළමු අය වැයෙන්ම ළදරු ආහාර වලට බෙහෙත් වලට පොතපතට වැට් බඳු ඉවත් කරනවා කියලා කිව්වා. ඉතින් එහෙම අඩු කළාද කියලා කියන්නකෝ.අසරණ ගොවියාට කම්කරුවාට දැනෙන වැඩපිළිවෙළක් හදන්නේ කවදාද කියලා කියන්න.ඔබලා යන්නේ පහුගිය ආණ්ඩු ගිය සුපුරුදු ගමනම තමයි යනුවෙන්ද චමින්ද විජේසිරි මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස.ජ.බ.ට දෙවියන්ගේ පිහිටයි, මේ ආර්ථික ඔස්තාර්ලාගේ උපදෙස්වලට දේශපාලන කරනවා නම් කජු සීයා රුපියල් 450 විකුණු පෙට්‍රල් ලීටරයක් 305 ට ගන්නා විට ඒක සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ නැහැ කියලා හිතෙනවා නම්, විදුලිබිල සීයට පනහකින් අඩූ වෙන විට ඒක සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් අනිකුත් අතවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මිල යම් තරමකට අඩුවෙලා තිබිය දී ඒක සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් ඌගේ මොළය හිරි වැටිලා ඇති.
මාළුකාරයා හිතන්නේ ආර්ථිකේ තියෙන්නේ පොලේ කියලා.
ආර්ථිකේ දියුණුවෙලාද නැද්ද කියලා උඹට බලන්න තිබුණා. ගිය සුමානේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වාහන ප්‍රදර්ශනයට ගියා නම්. මිනිස්සු වාහන තේරුවේ කොස් දෙල් තෝරනවා වගේ. ඇති එකාට එදත් අදත් තියෙනවා එදත් තිබුණා. නැති එකාට අදත් නැහැ හෙටත් නැහැ. බයිලා නැතුව නිෂ්පාදනය පදනම් කරගත්තු ආර්ථිකයක් හදපල්ලා. උඹලත් ඔය පාර්ලිමේන්තු නොගිහින් අමුඩයක් ගහගෙන කුඹුරට බැහැපල්ලා. නැත්නම් නියනක් මිටියක් ඇරන් නිෂ්පාදන වැඩ කරපල්ලා. බයිලාකාරයෝ වැඩක් නැහැ අපට.
මේ වගේ මෝඩයෝ තමයි රට පාලනය කරන්න හිටියේ. මිනිස්සුන්ට කියන්න ඉස්සරවෙලා රටේ තිබුණ ආර්ථිකය ගැන හිතන්න තරම් බුද්ධියක් මෙයාට නැති වුණාට ජනතාවට තියෙනවා.
මෙහෙමත් මෝඩයෙක්,මාස දහයෙන් මේක සම්පූර්ණයෙන්ම ගොඩදානවා කියල හිතන්න පුලුවන්ද, රට ස්ථාවරව තියෙනව ඒකම මදිද, තමුන්ගේ කට්ටිය බොහොම හොඳ රටක්නේ දුන්නෙ. ලොක්කගෙන් ලකුණු ගන්න ගොන් කතා එපා.
මුන්ට ආර්ථිකය කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්න අයියෝ.
දැන් මෙයාව කිඹුල්ලු කන්නේ නැද්ද? එදා මෙයා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණේ, ජනතාව සාප කරනවා. අපිව කිඹුල්ලු කාවි සජිත්ව එපාවෙලා කියමින්. දැන් ඒවා නැද්ද?
මේ කියන්නේ දූෂිත දේසපාලුවෝ බලයේ හිටපු කාලේ දැකපු විදිය ගැන වෙන්ඩැ. බලලෝලි බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ ..මහාපරිමාණ හොරකම් වංචා දූෂණ කරලා උන්ගේ ආර්තිකය නම් පරම්පරා ගාණකට ඇති වෙන්ඩ යහමින් සන්වර්දනේ කරගත්තු බව නම් ලෝකෙම දන්නවා.
ඔහේ එනවා නම් මාත් එන්නම් පොලේ යන්න.
ඔහේ කවදාද පොලේ ගියේ? කැකුලු හාල් 195 යි ඕයි, දැක්කේ තැතෙයි...
අනේ මෙයාගේ මොලේ…, ආර්තිකේ පොලේ...!
මොන පිස්සෝද මේ වගේ මෝඩයෙක් පාර්ලිමේන්තු යැව්වේ. මෙයාලාගේ විදියට රටක ආර්ථික නිර්නායක තියෙන්නේ ඉරිදා පොලේ...
අඩෝ... අඩෝ... වරෙන් අපේ ගමේ පොළට... සෙනසුරාදා තියෙන්නේ...!
ඔවු ඔය ඇමතියෙක්ට පුළුවන් නම් ගාඩ් නැතිව පොළේ ඇවිත් මිනිස්සුන්ගෙන් අහල බලන්න ආණ්ඩුව හොඳද කියල. කන පුරවල අහගන්න පුළුවන් වෙයි.
මුන්ට දවන් තරු පෙනිලා තියෙන්නේ. රට කරන විදියට. මේ යන විදියට. මහින්ධයගේ. කපුරාළ සීයයක් වත් ඕනෑ වෙයි. ජනාධිපති පුටුව පෙරලන්න. තව මාස හයක් යනකොට මේ ඉන්න හොර නඩේත් අයින් වෙනවා. නෑවිත් ඉන්න බැරිකමට ඇවිත් තේරුමක් නැති. කතා ටිකක් කියලා යනවා කොයිතරම් කාලයක් මෙහෙම් කියන්න ද. ඉස්සර සැප නැහැ දැනෙන්නේ. වැලිකඩ සුවඳයි දැනෙන්නේ අයියලාට. ඔය ටික තමයි කියන්න වෙන්නේ.