‘හෝ ගාන පොකුණ‘ චිත්‍රපටය බුදුරජාණන්වහන්සේ ගේ සුත්‍ර දේශනාවක් වැරදියට අර්ථ දක්වලා යැයි බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (04) චිත්‍රපට සංස්ථාවට ඒ පිලිබදව පැමිණිලි කිරීමට පැමිණි අවස්ථවේ දී කියා සිටියහ.
පසුගිය කාලේ නිර්මාණ වූ චිත්‍රපට විකාශයට පෙර හාමුදුරුවරුන්ට පෙන්නුවා. මෙම චිත්‍රපටය පෙන්නුවේ නැහැ. අපෙත් වැඩි අවධානයක් තිබුණේ නැහැ මේක ළමා චිත්‍රපටයක් නිසා. මෙම චිත්‍රපට නිර්මාණකරුවා ඉතාම වැරදි විදියට සුක්ෂම විදියට හානි කර තියනවා. මේක දඬුවම් ලැබිය හැකි වරදක්. දැන් චිත්‍රපටය පෙන්නලා ඉවරයි. නමුත් ඉන් පසු නිකුත් වෙන ඩි. වී .ඩි පට මහජනයාට යන එක නතර කරන ලෙස ද චිත්‍රපට සංස්ථාවට පැවසු බව ඒ හිමියෝ කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහමේ කියල තියෙන හරි දේ මොකක්ද කියල අබමල් රේණුවකවත් නොදන්නා පොලිසියට ඕක කියල ඇති පලේ මොකක්ද? (ම)
හාමුදුරුවරුන්ට අපහාස කරන මිනිසුනි, මුලින්ම කාදිනල්තුමා බුද්ධාගම ගැන කියන දේ අහන්ඩල. (අ)
භික්ෂුත්වයට නිගාකරන චීවරධාරීන් සසුනෙන් පළවා හැරීම සඳහා වහාම පියවරක් ගැනීම අවශ්‍යයි! (නි)
නිරේෂ් පිස්සෙක් වගේ දොඩවන්න එපා අන්තර්ගත කරුණු සොයා බල්ලන.රටට වැඩ දායක වැඩක් කරන්න තමයිහදන්නේ. ආගම ධර්මයට හෙනගහල ගියත් කමක් නැහැ ඔහෙලට කන්න තිබෙනවානම්. (රේ)
ලලිත් පැමිණිල්ල යන්න ඔ්නී ඒගොල්ලන්ට නේ (රේ)
අනේ හාමුදුරුවනේ, අපේ ධර්මයට හානියක් වෙලා තියෙන්නේ අවිනීතව, බුදුන් දෙසු ධර්මයට අනුව හැසිරෙන්නේ නැති චීවරධාරීන් නිසයි (නි)
බෞද්ධ භික්ෂුවකගේ කාර්යය ශාසනය රැකගැනීමයි. එය මේ ස්වාමින් වහන්සේ කරනවා (නි)
ඔබ වහන්සේවත් නැත්තන් මේව්ගෙ වැරදි අර්ථකතන සමාජගත වෙන එක වලකන්නේ කවුද ? ඔබ වහන්සෙට පිං. දීරිඝායු වේවා..! (ම)
ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රැඟුම් පාලක මණ්ඩලයට පත්කරමු (රේ)
හැම චිත්‍රපටියක්ම හාමුදුරුවන්ට පෙන්නලා අවසර ගන්න අපේ රට ඉරානය වගේ මූලධර්මවාදී රටක්ද?(රේ)
ඔය චීවරධාරියාට වඩා පොලිස් නිලධාරීන්ට විනයක් තියනවා. ඔවුන් රටටත් සමාජයටත් සුවිශේෂ සේවයක් කරනවා. බුද්ධ ශාසනය මදිවෙලා චිත්‍රපට කර්මාන්තයත් වළඳන්න වගෙයි කල්පනාව?(රේ)
මහා ලොකුවට බුද්ධාගම ආරක්ෂා කරන්න හැදුවට බුද්ධ ධර්මය පිළිපදින හැටියක් නම් අපට පෙනෙන්නේ නැහැ.(රේ)
නියම අර්ථ දැක්වීම් ඔය බොදු බලේ රාවන බලේ හිමිවරුන්ට තමයි කරන්න පුළුවන් (බ)
හැම චිත්‍රපටියක්ම පෙන්නනවද හාමුදුරුවන්ට (බ)
අනේ ඔයාගේ සුත්තරේ තියාගෙන රටට වැඩ දායක වැඩක් කරනවද කරුණාකරලා. (බ)
බමුණු, මේ හුඟක් දෙනා කතා කරන්නේ බුද්ධාගම රැකගන්න. කවුරුවත් රකින්න ඕනෑ නැහැ. එය ස්වාභාවිකවම ආරක්ෂා වේවි. (නි)
බුදුදහමට ආදරයනම් ධර්මයට අනුව හැසිරෙන්න ඕනේ (ම)
මොකද මේ සිංහල සිනමාවට එරෙහිව කෑගහන්නේ? කුමක් හෝ අසාධාරණයක්වත් වෙලාද? සමහරු හිතාගෙන ඉන්නේ බෞද්ධයෝ බුද්ධාගම ඉගෙනගන්නේ සිංහල චිත්‍රපටි බලලා කියලා. (නි)
අන්තර්ජාලයට (යු ටියුබ් එකට) ගියාම ඔය කාගේ කාගේත් දක්ෂතා ජනතාවට දැක බලාගන්න පුළුවන්. (නි)
සම්භාහන මධ්‍යස්ථාන විවෘත කරන්නත් බෝ පැල සිටවනවා අහලවත් තියෙනවද? (බ)
ඔබවහන්සේවත් නැත්නම් අපිට කාගේ පිහිටක්ද? (නි)
කෙහෙල් කඳකට කෙටුවාම ගොඩක් ජනප්‍රිය වෙයි කියලා කොට්ටෝරුවන්ට හිතෙනවාත් ඇති සමහරවිට. (නි)
ඉස්සර නම් පෙන්නුවා කියන්නෙ? ඒ කියන්නෙ අතිශයින්ම වෑඩිහිටියන්ට පමණයි චිත්‍රපටත් මේ ගොල්ලනට පෙන්නලා අවසර අරගෙන තියෙනවා.ඈගේ වෛරය වගේ ඒවා වෙන්නැති.....(බ)
ඔබවහන්සේ කියන සමහර කතා සහ වචන සමහරක් අහගෙන ඉන්න බැරිතරම් ඒවා. ඒවා ඔය සූත්‍රයට එකඟද? (නි)
කරුණාපාල, බුද්ධාගම ආරක්ෂා කරන්න හැදුවොත් බුද්ධ ධර්මය පිළිපදින්න බැහැ. එ්ක පළමුව තේරුම් ගන්න. දුප්පත් බෞද්ධයින්ට මුදල් ආධාර දී ඔවුන් වෙනත් ආගම් වලට හරවා ගැනීම වැළැක්වීම කළහැක්කේ කොහොමද? මේ වනතුරු ඊට විරුද්ධව කතාකළේ කව්ද? (නි)
පළමුව මෙයාගේ චරිතේ එඩිට් කරලා ගන්න ඕනේ .. (ම)
චලනි පෙරේරා, ආගමට අපහාස වෙනවා කියලා ඩෑන් බ්‍රවුන්ගේ ඩාවින්සි කෝඩ් නමැති චිත්‍රපටිය ලංකාවට ගෙනාවේ නැහැ. නමුත් බෞද්ධ ආගමට අපහාසවෙන චිත්‍රපටි ලංකාවට ගෙනාවට පෙන්වුවට කමක් නැහැ නේද? හාමුදුරුවරුන්ට විරුද්ධව කතාකරන ඕගොල්ලොත් බෞද්ධයෝද? (නි)
මෙයාලාට හැමදේම පේන්නේ වැරදි විදියට .මේවා කාගේ පවුද .අනේ අපි නොදනි. බුදුන්වහන්සේගේ කාලයේත් මෙහෙම අය හිටියා . (ම)
හාමුදුරුවන්ට පෙන්නලා එළියට දාන්න මේක බෞද්ධ චිත්‍රපටියක් නෙමෙයිනේ. (නි)
බුදු හැමදුරුවෝ දේශනා කලා නේද චිත්‍රපටි බල බල අනිත්‍ය මෙනෙහි කරන්න කියලා. (ම)
ලංකාවේ ස්වාමින් වහන්සේලා තමයි ධර්මය රැකගැනීමේ පුරෝගාමීන් වියයුත්තේ (නි)
අපේ හාමුදුරුවනට ඕන වැඩකුත් නැහැ ඕන නැති වැඩකුත් නැහැ. ඔය ඕන නැති වැඩ පස්සේ දුවල කාලය කපු වෙලාවේ මේ වගේ වැඩක්වත් අවශ්‍ය වෙලාවට කල නම් සිවුරේ නම්බුව රැකගන්න තිබුණා. (ම)
එහෙම වැඩක් කරලා නම් ඉතින් වැරදියි තමයි (නි)
මංගල,බුදුදහමට ආදරය කරන අයත් අහක බලාගෙන ඉන්න එකනේ ප්‍රශ්නය.(ම)