
(ප්රසාද් රුක්මල් )
නානුඔය සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රියෙ පාපුවරුවෙ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනිමට ගිය තුර්කි ජාතික තරුණියක අද(19) අබේවෙල ප්රදේශයේදි දුම්රියෙන් ඇදවැටී තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කල බව පට්ටිපොළ පොලිසිය පවසයි .
මෙම තරුණිය ශ්රී ලංකාවේ සංචාරයක් සදහා තවත් හිතවතුන් පිරිසක් සමග මීට දින කීපයකට ඉහතදී මෙරටට පැමිණ නුවරඑළිය ප්රදේශයේ සංචාරය කර පසුව ඇය ඇතුලු පිරිස ඇල්ල ප්රදේශයේ සංචාරය කිරිම සදහා මෙසේ නානුඔය සිට බදුල්ල බලා ධාවනයවූ පොඩිමැණිකේ දුම්රියෙන් ගමන් කර ඇති බවත් පොලිසිය සදහන් කලේය .
එසේ දුම්රියෙ ගමන්කරමින් සිටියදි මැය දුම්රියෙ පාපුවරුවට ගොස් එල්ලී සෙල්ෆි ජායාරූප ගැනිමට යාමේදි මෙසේ දුම්රියෙ පාපුවරුවෙන් ලිස්සා බිමට ඇදවැටී ඇතයි පොලිසිය පැවසිය .
පසුව ඇය එම දුම්රියෙ දමාගෙන අඹේවෙල දුම්රිය ස්ථානයට රැගෙන විත් ගිලන් රථයකින් නුවරඑළිය රෝහලට රැගෙන ගිය බව පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd