
වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ජාතික මට්ටමේ ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකර වරදකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මෙසේ පැවසුවේ, පෙරේදා (23) මැදියම් රැයේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝවක් ප්‍රසිද්ධියට පත් කරමිනි.
වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ජාතික මට්ටමේ ප්‍රවේශ විභාගය පැවැත්වූයේ පසුගිය මැයි 3 වැනිදාය. ප්‍රශ්න පත්‍ර පිටවීම සිදුවූයේ ඊට පැය කීපයකට පෙර බව පැවැසෙයි. එම සිද්ධිය ඉන්දියාවම කැළඹීමට හේතුවක් විය.
‘ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සුළුවෙන් තකන්න බැහැ. මෙය රටේ තරුණ තරුණියන්ට පමණක් නොව, මුළු රටටම බලපාන කාරණාවක්. ප්‍රශ්න පත්‍ර පිටවීම විභාගයට මුහුණ දුන් ලක්ෂ ගණනක් සිසුන්ට පමණක් නොව මාපියන්ටත් දැඩි වේදනාවක්. ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ගැන පමණක් නොවෙයි, තරග විභාග සම්බන්ධයෙන් මෙන්ම ප්‍රශ්න පත්‍ර පිටවීමේ අනෙකුත් චෝදනා සම්බන්ධයෙන් ද අප (රජය) සොයා බැලීමක් කරනවා. විමර්ශන කරනවා. වරදකරුවන්ට දඬුවම් ලැබේවි’ යැයි අග්‍රාමාත්‍ය මෝදි සිය වීඩියෝ ඔස්සේ පෙන්වා දුන්නේය.
මෙම සිද්ධියට අදාළව නීතිමය පියවර කඩිනම් කිරීම සඳහා පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, එම පනත් කෙටුම්පත හරහා රටේ සංවර්ධන කටයුතු සහ පාලන තන්ත්රයේ පවතින ප්‍රමුඛතා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍ය මෝදි පෙන්වා දුන්නේය.
ඉන්දියාව පුරා පසුගිය දින කීපයේ කලහකාරී අයුරින් විරෝධතා පැවැත්වූයේ මෙම වසර සඳහා, වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික මට්ටමේ ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය මුල්කර ගනිමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd