
(සුනිල් ඒකනායක)
සුළු හා මධ්‍ය පරිමාන සහල් කර්මාන්ත කරුවන්ට වී මිලදි ගැනිම සඳහා ලබා දෙන බැංකු ණය මාස හය, වසරක් දක්වා දිර්ඝ කිරිමටත් ඔවුන්ට ලබා දෙන පොලි අනුපාතය සියයට තුන දක්වා පහත හෙළිමටත් රජය කටයුතු කළොත් රජය නියම කර තිබෙන මිලට ගොවියාගේ වී මිලදි ගැනිමට තම සංගමය කටයුතු කරන බව ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති ඒ. එම්. නිශාන්ත අත්තනායක මහතා පවසයි.
විශේෂයෙන් ආනයනික සහල් සහ වැඩි වී අතිරික්තයක් රට තුල පැවතීම මේ කරුණු හේතුකොට ගෙන වී මිල පහත හෙළා තිබෙනවා. වෙළඳ පොළේ සහල් විකිණීම අවම වෙලා තිබෙනවා. ඒ කටයුතු සැලකිල්ලට අරගෙන ගොවියන් විශාල වශයෙන් අපහසුතාවයට පත්වෙලා තිබෙනවා. දැනට පවතින තත්වයට විසදුමක් වශයෙන් තාවකාලිකව අපි යෝජනා කරනවා වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන රජය විසින් මිලදි ගෙන තිබෙන වී තොග සහල් කර අස්වැසුම ප්‍රතිලාභින්ට මාස දෙකකදී කිලෝ 20 බැගින් ලබා දෙන්න.එම මුදල ඒ අයගෙන් අය කර ගන්න.
රටේ පවතින වී මිලදි ගැනීමේ ගැටළුව සම්බන්ධයෙන් හසලක, මොරයාය නගරයේ පැවති මාධ්‍ය හමුවක දී නිශාන්ත අත්තනායක මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd