
(සුමිත් පොතුපිටිය)
සුවනාරී සායනයෙන් තරුණ කාන්තාවක සිදුකළ පරීක්ෂණයක වාර්තාවක් මාස 10 ක් ප්‍රමාද වීමෙන් ඇයගේ ගර්භාසය ඉවත් කිරීමට සිදුවූ අවාසනාවන්ත පුවතක් වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයෙන් වාර්තාවේ.
වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල බල ප්‍රදේශය තුල පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවක මෙම අවසනාවන්ත ඉරණමට මුහුණ පා සිටී.
එම කාන්තාව 2025 අප්‍රේල් මස ලබාගත් වාර්තාව 2026 පෙබරවාරි මස ලැබීමෙන් පසු ඔවුන් කඩිනමින් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුව ඇති අතර, ලබන මැයි මස ගර්භාෂය ඉවත් කිරීමටද දින ලබාදී ඇතැයිද වාර්තාවේ.
ඇයගේ ස්වාමි පුරුෂයා සදහන් කරන ආකාරයට නිසිකලට පරීක්ෂණ වාර්තාව ලැබුනේ මෙවැනි තත්ත්වයක් උදානොවන බවට වෛද්‍යවරුන් පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd