
(මනෝප්‍රිය ගුණසේකර)
සුදුසුකම් සපුරා නොතිබියදී හොඳම කැඩෙට් නිලධාරියාට ලබාදෙන බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ නමැත්තාට ලබාදෙමින් රජයට පාඩු කළ බවට හිටපු නාවික හමුදාපතිවරයාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විත්තිකරුවන් කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමටද අද (20) නියම කළේය.
රුපියල් කෝටිය බැගින් වූ ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදා විත්තිකරුවන් මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විත්තිකරුවන්ට විදේශ ගතවීම වළකාලමින් විදේශ ගමන් තහනමක්ද පැනවීය.
2006 සැප්තැම්බර් පළමුවැනිදාත් 2007 ජූනි 08 වැනිදාත් අතර කාලසීමාව තුළදී නාවික හමුදාපතිවරයා වශයෙන් කටයුතු කරමින් නිසි සුදුසුකම් සපුරා තොතිබු යෝෂිත රාජපක්ෂ නමැති විත්තිකරු අයුතු සහගත අන්දමින් බි්‍රතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ ‘රාජකීය නාවික නිලධාරී පාඨමාලාව’ නමැති පුහුණු පාඨමාලාවට සහභාගී වීම සඳහා අවස්ථාව සලසා දී රජයට රුපියල් 6284217/-ක පාඩුවක් කර ‘දූෂණය’ නමැති වරද කළ බවටද ‘රාජකීය නාවික නිලධාරී පාඨමාලාව’ නමැති පුහුණු පාඨමාලාවට සහභාගී වී අයුතු ලාභයක් ලබා ගත් බවටද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම වෙන වෙනම චෝදනා නඟා තිබිණී.
උල්ලස් පනතේ සඳහන් ‘දූෂණය’ නමැති වරද කළ බවට චෝදනා 08ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.
භනුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර හිටපු නාවික හමුදාපති වසත්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහත්වරු අධිකරණයේ පෙනී සිටි අතර විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර සහ ඇමුණූම් විවෘත අධිකරණයේදී ඔවුන්ට බාර දුන්නේය.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු දක්වමින් අධිකරණ නියෝගයකට අනුව අධිකරණයේ පෙනී සිටින තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව රුපියල් කෝටිය බැගින් වූ ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදා විත්තිකරුවන් මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළකාලමින් විත්තිකරුවන්ට විදේශ ගමන් තහනමක් පැනවීය.
පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් 17 වැනිදා පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd