(සුජිත් හේවාජුලිගේ )

සියලු විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය වැළැක්වීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයක් හෙට (20) එළිදක්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

විශ්වවිද්‍යාල තුළ ඩෙංගු රෝගය කල්තියා හඳුනා ගැනීම, රෝගීන් නිසි පරිදි කළමනාකරණය කිරීම, රෝග නිරීක්ෂණය ශක්තිමත් කිරීම සහ ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග හඳුන්වා දීම මෙහි අරමුණයි.

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය දිනවල විශ්වවිද්‍යාල කිහිපයක්ම වසා දැමිණ