චන්ද්‍රසේන ගමගේ
අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයට කඩා වැදුණු වන අලියා වන ජීවී නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකින් අනතුරව නිර්වින්දය කොට අල්ලාගෙන අද (25) සෆාරි උද්‍යානයෙන් ඉවත් කළ බව හම්බන්තොට වන ජිවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී විජය කුමාර මහතා පැවසීය.
සූරියවැව , මදුනාගල රක්ෂිතයේ සිට පැමිණි බවට සැක කරන මෙම වන අලියා සෆාරි උද්‍යානයට පැමිණ සත්ව උද්‍යානය තුළ සිටිනා අලින් සමඟ ගැවසෙනු සත්ව උද්‍යාන නිලධාරීන් දැක ඇති බවත් අනතුරුව එම නිලධාරීන් හම්බන්තොට වන ජීවී නිලධාරීන් දැනුම්වත් කළ බවත් විජය කුමාර මහතා කීය.
වන ජීවී පශු වෛද්‍ය නිලධාරීන් , හම්බන්තොට වන ජීවි කාර්යාලයේ නිලධාරීන් සහ සෆාරි උද්‍යානයේ වන ජීවී නිලධාරීන්ගේ සහාය ඇතිව දකුණු පළාත් වන අලීන් ඇල්ලීමේ නිලධාරීන් ගේද සහභාගිත්වයෙන් මෙම වන අලියා අල්ලා ප්‍රදේශයෙන් ඉවත් කොට තිබේ.
අල්ලා ගනු ලැබූ වන අලියා උඩවලව වන අලි උද්‍යානයට මුදා හැරීයේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌටත් සෆාරියක් යන්න ආස හිතෙන්න ඇති.
ඇත්තෙන්ම මේ සද්දන්තයන් එන්නේ තමන්ගේ පුරාණ නිජබිම් වලටයි. වරද කරන්නේ මිනිසායි. සතුන්ට අයිති වනාන්තරේට ඔප්පු හදලා ඒවායේ සංචාරක ව්‍යාපාර පවත්වනවා. වසර සිය ගණන් වයසක් දිවි ගෙවීමට ආයුෂ ඇති මොවුන් තම නිජබිම් හොඳහැටි හඳුනනවා. මිනිසුන් වනාන්තර වනසා සංවර්ධනය වෙනවිට මේ සතුන්ට වනය අහිමි වෙනවා. එවිට ඔවුන් චන්ඩව හැසිරෙනවා.
අපරාදේ ඉන්න දෙන්න තිබුනේ
වන සම්පත කාලා මොන සංවර්ධනය කළත් කිමද ඇති පලය?