එදා සැළලිහිණි සංදේශයෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සැළලිහිණියාට පෙන්වු මඟ සළකුණක් වු කොන්තගංතොට තව නොබෝ දිනකින් වත්මන් පරපුරට දැක බලා ගත නොහැකි වෙතියි ශ්‍රී ජයවර්ධනපුර ඉතිහාසය ගැන දන්නෝ පවසති.
සැළලිහිණි සංදේශයේ කොන්තගම්තොට වර්ණනාව මෙසේය
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් ව ටින්
පරව තඹර පෙති ගිලි දිය තලා පි ටින්
තරව සිහි ඇතිව පරතෙරට යන අ ටින්
කරව පියාසර සකි කොන්තගං තො ටින්
සැළලිහිණිය ලියැවුණු යුගයේ වත්මන් පාර්ලිමේන්තුව පවතින භූමිය වගුරු බිමකි.ඒ ඔසුසේ දියවන්නා ඔය ගලා බැස ඇත. පාර්ලිමේන්තු පෙදෙසටත් බත්තරමුල්ල දෙසටත් ගමන් ගන්නා මාර්ගය ඔස්සේ ඉදිකර තිබෙන පාලම පිහිටි ස්ථානයේ අතීත ඔරු පාරු ගමන් කර ඇත. ඒ ඔරු පාරු ඇරැඹු තොටුපොළ කොන්තගංතොටයි.එය සංස්කෘතික උරුමයක් විය යුතු වුවත් මේ වන වාට එම පෞද්ගලික ගොඩනැගිල්ලක් ඉදිවෙම්න් පවතී.
කෝට්ටේ යුගයේ ඓතිහාසික ස්ථානයක් වන කොන්තගංතොට රැක දෙන ලෙස ප්‍රදේශවාසීහු බලධරයින්ගෙන් ඉල්ලති.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා මෙසේ කියයි.
‘‘පුරාවිද්‍යා පනත අනුව යම් කිසි ස්ථානයක් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ගැසට් කළ හැක්කේ එම ස්ථානය පිළිබදව පවතින මානව හා හෞතිකමය සාක්කි මත පමණයි.නමුත් මෙම ස්ථානය පිළිබව හෞතික සාක්කි කිසිවක් නැහැ.ඒ නිසා ඊට මැදිහත්වීමේ ගැටලුවක් අපට පවතිනවා.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු කොහොම කිවත් කෝට්ටේ යුගයේ ඓතිහාසික ස්ථාන විනාශ වෙමින් පවතිනවා. එය තමා සත්‍යය. කොළඹ තත්වය මෙසේනම් සිතා බලන්න ඈත එපිට පිට පළාත් කෙසේද කියා. ලංකා ඉතිහාසයේ කෝට්ටේ යුගය ඉතාමත් වැදගත් තැනක් ගන්නවා. මේවා සංරක්ෂණය කිරීම අප සතු යුතුකමකි. (නි)
අනේ චතුල වගේ මෝඩයෙක්. (නි)
චතුල වෙරෝනා නමින් පෙනී සිටින පුද්ගලයන් වැනි ආර්ත්මාර්තකාමීන් නිසා තමයි අද ලංකාවේ සමාජය ඉතාම දරුණු ලෙස පිරිහී තියෙන්නේ.... ඔයවගේ මිනිස්සු තමාගේ මවත් පැරණි රස්සාවට තල්ලු කරාවි ආර්ථික වාසියක් ලැබෙනවානම්.(නදී)
අනේ කවුරු හරි මේ ගැන ලියපු එක හොදයි. මමක් දන්න කාලෙක ඉදන් මේක ගැන කියනවා. එත් කිසිම වෙනසක් වෙනන්නෙ නැහැ... දන්න කියන ලොකු මහත්තැන් කෙනෙක් වත් මෙකට පිළියමක් කළෙතේ හොදයි. නැත්නම් කොන්තගංතොට රෙස්ටුරන්ට් එක විතරක් තියෙයි. මොකද මේක කිව්වෙ... එක දවස්ක් මගේ යාලූවෙක් එකක් මේ ගැන කතා කරද්දි මිනිහා අහනවා කොන්තගංතොට බාර් එක නේද බං කියලා. දැන් දියන්නාවත් පංකාදුවට හදල තියෙන එකේ මේවගේ පැරණි ස්ථාන ටිකත් ලස්සනට හැදුවනම් හැමෝම කැමති වෙයි ඒවා දැක ගන්නට.(නදී)
පුර විද්‍යා පෙදෙස් අයිති රජයට එනිසා කඩා ඉවත් කරාට කමක් නැහැ.(නදී)
ඔව් අනේ මොන පුරා විද්‍යාවක්ද අපට? (නි)
අහෝ සැලය
චතුල ඔයාගේ අදහසට නම් මම විරුද්ධයි. ජාතියේ ජීවය තමයි අපේ පුරා විද්‍යාව කියන්නේ. (නි)
ඕක චීනට හරි ඉන්දියන්කාරයෙකුට හරි 99 අවුරුදු පදනමට බද්දට දෙමුකෝ. (නි)
චතූල, අපේ සැම් අයියගෙන් හම්බ උනා නේද බඩ පිරෙන්නට ?.මෝඩ චුන් මටම චුන් කිවුවලු.(නදී)
සැළලිහිණි සංදේශට සාහිත්‍යම වටිනාකමක් තියෙන බව මම තරයේ පිළිගන්නවා. හැබැයි සැළලිහිණි සංදේශයේ තිබ්බ පලියට මෙතන පුරාවිද්‍යා වටිනාකමක් කොහෙන්ද? (නි)
කාලයක් නොරටුන්ට කබුරනකොට තමන්ගේ රටේ පුරා විද්‍යාව එපා වෙනවා තමා.(නදී)
ලෝකේ ඕනෑම රටක පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති තැන ආරක්ෂා කරනවා. චතුල වෙරෝනා ඔය ඉන්න රටේ ඒවා රැකගෙන තියෙන හැටි බලන්න. ඉතාලි, ෆ්රන්සය, එංගලන්තය, වගේ ඕනෑම රටක් බලන්න. ජම්මයක් ජාතියක් නැති විදියට කතා කරන්න එපා. (නි)
ජනගහනය වැඩි වන විට විටින් විට.. සැළලිහිණිය බල අද කොන්තගම්තොට..!! (නි)
ජෙනරාල් තුමා ඔය සාක්කි තියෙනා හැම තැනම ආරක්ෂා කරලා වාගෙනේ කතාව.(නදී)
පුරා විද්‍යාව ඕනෑ නැහැ. පාරවල් පාලම් හදලා රට හදමු (නි)
අනිවාර්යෙන්ම, රට පෙරට යද්දී පස්ස හැරෙන්න ඕනෑ නැහැ. ඔහොම යං..ඔහොම යං.. (නි)
වහාම පුරාවිද්‍යා පනත සංශෝධනය කලයුතුයි "මානව හා භෞතික" යන්න "මානව හෝ භෞතික හෝ" ලෙස. එවිට මානව සාක්ෂි මත පමණක් පිහිටා කොත්තගන්තොට පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයක් ලෙස ගැසට් කලහැකියි. ඇමතිතුමාගේ අවධානයට මෙය යොමුවිය යුතුයි. (නි)
ඉතිහාසය, සාහිත්‍ය පුරාවිද්‍යාව ඕනෙම නැහැ. ගුවන් පාලම්, ගුවන්තොටුපොළවල් සහ හෝටල් ඉදි කළාම ඇති.(නදී)