‘රජයේ දින 100 අප්‍රේල් 23 වැනිදායින් අවසන් වුණා. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණු පොරොන්දු සියල්ල එයාකාරයෙන් අපි ඉටු කළා ඉටු නොකළ ඉල්ලීම් ඒ විදියට ඉටුවේවි‘ යැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියයි.
‘ඒ අනුව මහ මැතිවරණය, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වැනි දේවල් ද ඉදිරියේදී සිදුවේවි. ඒවා සමග බහුතර ආණ්ඩුවකින් ඉටු නොවුණු දේවල් රැසක් ඉදිරියේදී සුළුතර ආණ්ඩුවකින් ඉටු වේවි‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සුළුතර ආණ්ඩු ක්‍රමයේද වටිනාකමක් පෙනෙන්නට තිබෙනවා.එනම් සුළුතරය ගෙනෙන අණ පනත් කැපී කෙටී ඔප මට්ටම් වී සම්මත කර ගැනීමයි . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන යෝජනා හැර අනෙක් සියලුම ආණ්ඩු පක්ෂය වඩා කැමති හා ඔවුන්ට වාසිසහගත වන යෝජනා බහුතරය විසින් ඉවත් කර ගැනීමට හැකිවීම එම විශේෂ ලක්ෂණයි . එය 19 සම්මත කර ගැනීමේදී සිදුවුණා. (බ)
බොරු සද්ද අහලා අපිට එපාවෙලා. (නි)
ඔව් දින 100 ට කිසිම ආණ්ඩුවක් ලබානොදුන් පොරොන්දු ඉටුකළා. පසුගිය අවුරුදු ගණන් තුළ කිසිම ආණ්ඩුවක් ලබානොදුන් සහන හා ඉල්ලීම් ලබාදුන්නා. හැබැයි අපිට නොවේ...? (නි)
කෙරුණු තරම ජනතාව දන්නවා නේ ඡන්දයක් ආවාම ජනතාව දෙයි උත්තරේ....(ම)
ත්‍රස්තවාදයෙන් බේරාගත් බිම මනුෂ්‍යත්වය වගාකළා (නි)
ඇයි අනේ සුළුතර ආණ්ඩුවකින් මේවා කරන්න හදන්නේ? කවුද මේ මහජන කැමැත්තකින් පත්නොවූ සුළුතර ආණ්ඩුව ගැන වගකියන්නේ? මහ මැතිවරණයකින් බහුතරය අරගෙන රජයක් පිහිටුවා කරන දේවල් අපි පිළිගන්නවා.ඒ මහජන කැමැත්ත.මේ මොකක්ද? (නි)
සම-හරකුන්ට මේ රටේ සිදුවුන හා සිදුවෙමින් පවතින දේවල් තේරුම් ගන්නට අමාරු ඇති ඒවා තණකොළවත් පුන්නක්කුවත් නොවන නිසා. (බ)
නැතුව නැතුව මෙයාලගේ සුපිරිසිදු වැඩ ගැන දැනගන්න ඊළඟ ආණ්ඩුව එනකන් ඉන්න වෙනවා! (බ)