රුක්මල් නිරෝෂ් නමැති ඔහු වඩා දේහධාරී පුද්ගලයකු නොවේ. ශාරීරිකව අන් රංග ශිල්පීන්ට සාපේක්ෂව කුඩා චරිතයකි. නමුත් රංගනය සඳහා ඇති දක්ෂතාවය අතින් නම්, ඔහු වඩා දැවැන්ත චරිතයකි. රංගනයේදී ඇති භාව ප‍්‍රකාශන රිද්මයේදී රුක්මල් නිරෝෂ් දක්වන ප‍්‍රතිභාව ඉතා ඉහළ යැයි විචාරකයෝ පවසති. අශෝක හඳගමගේ ටෙලි නිර්මාණ චාරිකාවේ ඇරඹුම් අවස්ථාවේදී නිර්මාණය කළ දුන්හිඳ අද්දර, දියකැට පහණ මෙන්ම තවත් නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායකත්වය දුන් රුක්මල් ඉනික්බිතිව සංස්කරණ ශිල්පියකු ලෙසද කටයුතු කරන්නට පටන් ගත්තේය. එසේ කටයුතු කරමින් සිටි ඔහු පසුගිය කාලයේදී දක්නට ලැබුණේ නැත. සිය රංග කාර්යයේ සහ සංස්කරණ කාර්යයේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා ඕස්ටේ‍්‍රලියාවට ගොස් සිටි බැවිනි. ඒ අතරවාරයේදී ලංකාවට පැමිණ සිටින රුක්මල් නැවත රූපවාහිනී පේ‍්‍රක්ෂකයින්ට සමීප රුවක් වී සිටී. ඒ නාට්‍යයක චරිතයක් නිසා නොව ”සුදු ඇපල්” නමින් විකාශය වන දැන්වීම සමගය. ඒ දැන්වීම සමග නැවත කරළියට ආ රුක්මල් මෙවර ලංකාවට ආවේ ඇයි? රුක්මල් ඕස්ටේ‍්‍රලියාවට ගිහින් කොච්චර කල් වෙනවද? අවුරුදු පහක් විතර වෙනවා. ඒ නිසා තමයි කලා ක්‍ෂේත‍්‍රයෙන් පොඞ්ඩක් ඉවත්වෙලා ඉන්න සිදු වුණේ. ඒ ඈත් වෙච්ච කාලයේදී නිශ්ශබ්දව හිටියේ නැහැ. ෆිල්ම් ඇන්ඞ් ටෙලිවිෂන් කියන මාධ්‍ය වෙතින් මගේ උපාධිය සඳහා අවසන් වසරේ කටයුතු සිදු කරමින් සිටින්නේ. ඒ නිසා මම කලා ජීවිතයට අවශ්‍ය කටයුතුවලින් සන්නද්ධ වෙමින් ඒ වසර කීපයේදී කටයුතු කළ බව කියන්න පුළුවනි. රුක්මල් අපේ තරුණ පරම්පරාවට ඔබ ගැන මතකය අවදි කිරීම සඳහා ඔබ රංගනයට ආ අතීතය ගැන සිහිපත් කිරීමක් කළොත්? ප‍්‍රවේශ වෙන්නෙ 1990 වසරේ තිස්ස අබේසේකර ශූරීන්ගේ එකගෙයි අවුරුද්ද කියන ඒකාංගික ටෙලි නාට්‍යයෙන්. නමුත් ජනතාව මාව හඳුනා ගත්තෙ දුන්හිඳ අද්දර නාට්‍යයේ ”සුද්දෙ” කියන චරිතයෙන්. දැනට වුණත් මතක තියෙන්නෙ ඒ චරිතය ගැනයි. ඉන්පසුව දියකැට පහණ, සින්තටික් සිහින, පිටගම්කාරයෝ, නිරානන්දය, වන වදුලේ වසන්තය, සඳ අමාවකයි, උතුවන්කන්දේ සරදියෙල්, තට්ටු ගෙවල් ඇතුළු ටෙලි නාට්‍ය තිහක විතර රඟපෑවා. මේ ප‍්‍රවේශයේදී ඔබ නැවත අපට හමුවන්නෙ දැන්වීමක් සමගයි. කොහොමද මේ ”සුදු ඇපල්” දැන්වීමට එක්වුණේ? මෙවර මම ලංකාවට ආවේ මා විසින්ම නිර්මාණය කළ ”සුළඟ මත මොහොතක්” කියන ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු නිමා කිරීමටයි. එහි පසු නිෂ්පාදන කටයුතු කළේ ස්කයි එන්ටර්ටේනර්ස් කියන බොරැල්ලෙ තියෙන ආයතනයක. එහි සිට සංස්කරණ කටයුතු කරමින් සිටියදී, මේ දැන්වීම අධ්‍යක්ෂණය කළ නිෂාන් කුරේ මේකට සම්බන්ධ වෙන්න කැමතිද ඇහුවා. පිටපත දිලීප අබේසේකරගෙ. කොහොමටත් එයාගේ් පිටපතක දැන්වීමකට පෙනී සිටීමේ ආසාවක් මට තිබුණා. ඊට පෙර වෙළඳ දැන්වීම් කරලා තිබුණෙත් නැහැ. ඒ වගේම අපට මුදලූත් අවශ්‍යයි. මේ ඔක්කෝම දේ ගැන හිතලා නිෂාන්ගෙ මිත‍්‍රශීලි බව නිසාත් මේකට පෙනී සිටියා. මේ දැන්වීමත් එක්ක අද ඔබට ලැබෙන ප‍්‍රතිචාර මොනවගේද? මා ගැන තිබූ මතකය නැවත මතක් වූ බවක් හැඟෙනවා. විශේෂයෙන්ම මේ දැන්වීම පොඩි දරුවන් අතර වඩාත් ජනප‍්‍රියයි. මම මෙච්චරකල් මම කොහෙද හිටියෙ කියලා කුතුහලයෙන් හිටපු පිරිසට මා කළ හොඳ ආමන්ත‍්‍රණයක් ලෙසයි මෙය දකින්නෙ. රංගන ශිල්පියකුට අමතරව සංස්කරණ ශිල්පියකු ලෙසත් දිගු කාලයක් කටයුතු කළා නේද? ඔව්, ඒ සඳහාත් සම්මාන හත අටක්ම ලැබුවා. ඇත්තටම සංස්කරණය වගේම රඟපෑම සඳහාත් මට ලැබුණෙ හොඳ නිර්මාණ. ඒක මම දකින වාසනා ගුණයක් හැටියට සඳහන් කරන්න පුළුවනි. ගෙවී ගිය කාලයේදී ඕස්ටේ‍්‍රලියාවෙ සිට කලා අංශයට දායකව යමක් කරන්න ඔබට ඉඩකඩ ලැබුණෙ නැද්ද? උපාධිය ලබා ගැනීමේ අධ්‍යාපන කටයුතු වලට අමතරව, ලැබෙන කාලයේදී කෙටි චිත‍්‍රපට කීපයක් කළා. ඉන් එකක් ඇඩිලේඞ් කෙටි චිත‍්‍රපට උළෙලේ අවසන් වටයට තේරුණා. මේ විදියට හොඳ අත්දැකීම් ලබන බව කියන්න පුළුවනි. එලෙසින් නිර්මාණයක් තේරීමම ලොකු ජයග‍්‍රහණයක්. මීළඟට ඔබගේ අරමුණ මොන වගේ අංශයක නිරතවීමද? දිගටම ඔස්ටේ‍්‍රලියාවේ රැඳී සිටීමටද? උපාධිය සම්පූර්ණ වූ පසු ලංකාවට ඇවිත් නිර්මාණ කාර්යයේ යෙදීම තමයි අරමුණ. දැන් මම බලා සිටින්නෙ ”සුළඟ මත මොහොතක්” විකාශය වෙන්නෙ කවදද කියන එක. දැනට තියෙන බැ?රුම්ම කාර්යය ඒකයි. අපි මහන්සිවෙලා හොඳ දෙයක් කළාම එය ජනතාව අතරට ගියොත් තමයි ප‍්‍රතිඵල තියෙන්නෙ. ඒ නිසා එය ඉක්මනට පේ‍්‍රක්ෂකයින් අතරට යාවි කියන සුබවාදී අදහසේ ඉන්නෙ. ඔබ මේ වන විට විවාහකයි. ඒ ගැනත් තොරතුරු කිව්වොත්? ඔව්, මම විවාහවෙලා ඉන්නෙ. බිරිඳ කළමණාකරණ අංශයේ උපාධියක් සඳහා ඉගෙන ගන්න අතරේ රැුකියාවක් කරනවා. ඇය ප‍්‍රවීණ කලාකරු ජය ශ්‍රී චන්ද්‍රජිත්ගෙ දියණියයි. අපි දෙන්නගෙ පුතාට වයස අවුරුදු හතහමාරයි. පුතා එහේ පාසල් යනවා. මිලංකා චන්ද්‍රජිත් සහ මිනුක පුතාත් මමත් සතුටින් ජීවත් වෙනවා.
සටහන ඡායාරූප - සඳුන් ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය.....!
දක්ෂ නළුවෙක් ,බොහොම කාලෙකින් දැක්කේ. සතුටුයි. (නි)
අනේ ගොඩක් කාලෙකින් දැක්කේ .අසිනි වැසි කතාවේ හොඳ චරිතයක්..(ස)
පොඩි අවුලක් තියෙනවා, මෙතනට ඔයාව එන්න මගපාදපු ඉස්කොලේ සර්ව මතක් කලොත් නරකද? ඉස්කොලේ තිස්ස සර්ව..(ස)
ඇත්තටම මේ නලුවා ඒ කාලේ 'දුන්හිද අද්දර' එකේ රගපාපු විදිය මට තවමත් මතකයි. (නි)
ඔයාගෙ රගපෑම කවදත් අමතක කරන්න බැහැ.. නාට්‍යවල පෙනී නොසියටියත් වර්තමාන රගපාන අයගෙ රගපෑම් ගැන කතා වෙන ඕනෙම අවස්ථාවක රුක්මල් නිරෝෂ්, ජගත් චමිල, නිතරම මතක් වෙනවා.. ඔයාගෙ චූටි කොලු පැටියාගේ අනාගතය තවත් තරුවක් බව කිව යුතුයි.. නමුත් හොදට උගන්වන්න.. සුභ පැතුම්..!!(නු)
ඔය ඉන්නේ බර භාගයක් ළඟම .... (ස)
කාලෙකින් දැක්කේ. මට හරි සතුටුයි. (නි)
ගොඩක් කාලෙකට පස්සෙනේ රන්සිරි දැක්කේ.. (ස)
ජය වේවා !!(ස)
අනේ ඔවු, කවදාවත් ගුරුන් සහ දෙගුරුන් නම් අමතක කරන්න හොද නැහැ. ඔවුන් නැත්නම් අද අපි කොහේද ඉන්නේ? (නි)
ඔබ ගැන ඇත්තටම ආඩම්බරයි. (නි)
තවත් සංග්‍රාමයක්ද? (රංසිරි) (නි)
කව්ද අනේ මේ..!!(නු)
ඔයාගේ පාසල් වේදිකා නාට්‍යය අපට තවමත් මතකයි. (නි)
ලංකාවට ඇවිත් ටෙලිවිෂන් නාට්‍යවල අලුත් යුගයක් අරඹන්න ඔබට හැකිවේවා. අපේ දරු පැටව් වැනසෙන කතා බහ තියෙන ටෙලි නාට්‍යවලට අත තියන්න එපා. රජයෙන් ඊට මනා සහයක් ලබාගන්න උත්සාහ කරන්න. පොඩි මිනිස්සු තමයි ලොකු වැඩ කරල පෙන්නන්නෙ. ඔබට ජය!!!(නු)
තිස්ස මහත්තයාව අමතක වෙලාවද්ද? ඔබට සුභ අනාගතයක්! (නි)
"දුන්හිද අද්දර" මට තවමත් මතකයි. (නි)
'දිය කැට පහනේ' හිටපු පොඩි කොල්ලා අපට තවමත් මතකයි. ඔබට සුභ පැතුම්! (නි)
මේ අර දුංහිද අද්දර එකේ පොඩි කොල්ල නේද? දැක්ක කල්.. අර බාසුන්නැහැට උදව් කරන්නෙ එදා නොදැනුවත්කමට නේද?(නු)
කවුද අනේ මේ.. ? (ස)
ලංකාවේ බිහිවුණු හොදම ටෙලි නාට්‍ය වල රගපෑ මොහු කිසි දිනෙක ලාංකිකයන්ට අමතක නොවේ. (නි)
චරිත්, ඔයා මේ වෙලාවේ කවුරු ගැනද ඔය කියවන්නේ? සෝබන නැති කලාකරුවෙක් අගය කරන්න පසුබට වෙන්න ඕනෑ නැහැ. (නි)
ඔබ ඇත්තෙන්ම හොද චරිතාංග නලුවෙක්. දැන් ඉන්න සීනි බෝල නලුවන් වගේ නොවෙයි ඔබ. (නි)
අයියෝ, මේ අර පොඩි කොල්ලානේ. සුභ පැතුම් සියල්ලන්ටම. (නි)
කෝ කැටපෝලේ...!!(නු)
අපි ආදරය කල පොඩි කොල්ලා දැන් ලොකු මහත්වෙලා..දිගු ගමනක් යන්න සුභාසිරි...!! (ස)