මියගිය පුංචි අම්මාගේ විශ්‍රාම වැටුප හත් වසරක් වංචා කළ ඥාති පුත්‍රයකු මාස හයක සිර දඩුවම් නියම කළ කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය වංචා කළ රුපියල් 298110.60 ගෙවන ලෙස ද නියෝග කළාය.
සිර දඩුවම පස් වසරකට අත් හිටුවීය.
දඩුවම් නියම වූයේ වරකාපොල ඇත්නාවල වස්තුහේවා දීප්ති සිල්වා (65) නැමැත්තාටය.
පියාගේ දෙවැනි බිරිය වූ පුංචි අම්මා අසනීප වී සිටියදී ඇගේ අත්සන සාමවිනිසුරුවරයකු ලවා සහතික කරගෙන ඇත.
ඇය 1977 මිය ගිය පසු ද ඒ ලිපිය ඉදිරිපත් කර වැටුප් ලබාගෙන ඇත.
හොරෙන් ගත් මුදලින් රුපියල් ලක්ෂයක් ගෙවූ ඔහු ඉතිරිය ලබන දෙසැම්බර් 6 වැනිදාට පෙර ගෙවීමට නියම විය.
තම සේවාදායකයා අංශභාග රෝගයෙන් පෙළෙන හෙයින් ලිහිල් දඩුවමක් නියම කරන්නැයි ඔහුගේ නීතීඥයා ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැපැල් කන්තෝරු කට්ටිය එක්ක එකතුවෙලා කීදෙනෙක් ඔය වැඩේ කරනවද ලංකාවේ? (නි)
වරුණ හරි. මේ විදිහට අනුන්ගේ පෙන්ෂන් ගන්න ලොකු පිරිසක් ඉන්නවා. පොඩි මිනිස්සු නෙමෙයි, වැදගත් යයි කියාගන්න අය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිසි ක්‍රමවේදයක් නැති නිසා ඒවා අල්ලා ගන්න බැහැ. උප දිසාපති, ග්‍රාම නිලධාරිවරු එක්ක සම්බන්ධ වෙලා ක්‍රමයක් හදන්න. (නි)
ඔහොම එකක් තමයි කලොත් (දී)
මොන හිතකින්ද මේ විදිහට වංචා කරන්නේ (දී)
මේවා පව් වැඩ. මිනි මරුවෝ නිදහස් කරලා අහිංසක මිනිස්සුන්ට දඩුවම් දෙනවා.
අන්න පුත්තු. අංශ භාගේ නොවෙයි සම්පුර්ණ භාගෙයි හැදෙන්න තියෙන්නේ. (නි)
ඉතාමත් විරල ඝනයේ ආච්ර්යමත් සිදුවීමක්.(නදී)
ලොක්කෝ බිලියන් ගණන් ගහද්දි මේ මනුස්සය මේක කරන එකත් වරදක්ද? (නි)