(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)

නාඩු සහල් සහ කැකුළු සහල් මිල සීඝ්‍රයෙන් පහල බසමින් පැවැතියත් බොහෝ සිල්ලර වෙළඳසැල්වල තවමත් සහල් පාලන මිල ඉක්මවා විකිණීමේ නිරත වන එබැවින් එම වාසිය පාරිභෝගිකයින්ට නොලැබෙන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

රුපියල් 220.00 කට මිල නියම කර ඇති සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 165.00 සිට 180.00 අතර මිල ගණන් යටතේ ද පාලන මිල කිලෝවක් රුපියල් 220.00 ක් වන නාඩු සහල් කිලෝ වක් රුපියල්180.00ක් හා190.00 අතර මිලකට තොග මිල නියම වන බව මරදගහමුල වෙළඳ ප්‍රජාව පවසති.

එහෙත් සම්බා සහල් කිලෝවක තොග මිල තවමත් රුපියල් 235.00ක සීමාවේ පවතින අතර එහි පාලන මිල 240.00ක් වේ.

එමෙන්ම සහල් මිල මෙතරම් දුරට පහළ බැස ඇතත් සහල් අලෙවිය ඉතාමත් පහළ මට්ටමක පවතින බවද තොග වෙළෙන්දෝ පවසති.