(යොහාන් භාසුර)
මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් දිගින් දිගටම ආණ්ඩුවට අභියෝග කළ හොත් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා අද (9) පෙරවරුවේ පැවසීය.
පොළොන්නරුවේ නමගිය සහල් ව්‍යාපාරිකයන් කීපදෙනා ශ්‍රී ලංකාවේ සහල් ඉල්ලුමෙන් සියයට 16 ක් වැනි සුඵ ප්‍රමාණයක් සපයන අතර ඉන් වැඩි සහල් ප්‍රමාණයක් සම්බා සහ කීරි සම්බා සහල් බව පැවසූ මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා සහල් සැපයුමේ ඉතිරි සියයට 84 පිළිබඳව රජය දැඩි විශ්වාසයෙන් කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.
සහල් සැපයුමේ ප්‍රශ්නයක් පසුගිය දින කීපයේ පැවතිය ද සතොසට සහල් ලැබීමත් සමඟ මේ වන විට එවැනි ප්‍රශ්නයක් නොමැති බව කී නිවුන්හැල්ල මහතා මහාපරිමාණ ව්‍යාපාරිකයන් ජනතාව බියගැන්වීමේ ප්‍රචාරයක් ගෙන යන බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ව්‍යසනකාරී අවස්ථාවකදීත් ජනතාව ගසා කෑමට පියවර ගෙන සිටින බලලෝභී මාෆියා කරුවන් වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කොට උපරිම දඩුවම් ලබා දීමට පියවර ගත යුතුය. මෙම මාෆියා කරුවන් කාගේ කවුරුන් වුවද , ලබාදී ඇති බලතල අනුව ක්‍රියා කිරීම දෙස රටේ ජනතාව බලා සිටිනු ඇත.
ලලිත් කොතලාවල නැති කළා .දැන් ඊළඟට ඩඩ්ලි
මෙවන් නිලධාරීන් තමයි ඉහල සෑම නිලයකටම පත් විය යුත්තේ .කෙලින් කතා කරන කෙලින් වැඩ කරන නිලධාරියෙක් මොහු . මෙවැන්නන් තමයි මේ රටට අවශ්‍ය .මේ රට සංවර්ධනය කල හැක්කේද මෙවන් පුද්ගලයන්ට පමණි .ඒ නිසා අපගේ උපරිම සහයෝගය මෙවැන්නන්ට ලබා දෙමු .
හැමදෙයක්ම උණු උණු ආප්ප වගේ. බලමු හොඳ දෙයක් ජනතාවට සිදුවෙයිද කියල
අපි ටිකෙන් ටික 1970-77 කාලයට යන ලක්ෂණයක් තියෙන්නේ.
නාටක
ඔය ව්‍යාපාරිකයෝ ඔක්කොම මේ ආණ්ඩුවේම මිනිස්සු. සීනි ව්‍යාපාරිකයොත් මේ ආණ්ඩුවේම මිනිස්සු. මේවා ජනතාව අන්දවන්න කරන රැවටීම්
විශාල ප්‍රමාණ ව්‍යාපාරිකයෝ සහ කුඩුකාරයෝ අතර වෙනසක් නැහැ
අද දින රූපවාහිනී පුවත් මගින් දැක්කා අක්කර ගණනක් බද්දට ගෙන වගා කල කුඹුරු වලින් ලැබූ අස්වැන්න පවා අනවසර ගබඩා කියා සීල් තැබූ බවක්. මෙහෙම කලොත් ගොවියො වගාවෙන් ඉවත්වෙන්නත් පුලුවන් ඒවාටත් උත්තර සොයන්න 2023 වසරේ සාගතයක් ඇතිවිය හැකිය
අපේ රටේ මිනිස්සු අපේ රටට සහ නීතියට කිසිම ගරුත්වයක් නැති ජාතියක්
මේ ඔක්කොම දේශීය ධනපතියන්ට එරෙහිව යන වෛරය වගේ නේද. තමන්ගේම රටේ අය ගොඩනැගූ ව්‍යාපාර විනාශ කර විදේශීය ධනපතියන්ට ආයෝජනය කරන්න පාර කැපීම මෙමගින් සිදුවෙනවා. 1956 වුනේ මේ දෙයයි. වරාය, බස් ජනසතු කලා. දැන් ආණ්ඩුව එලිපිටම ඒවා විකුකණනවා. ජනසතු ප්‍රතිලාභ ජනතාවට හිමිවුණේ නෑ. දේශපාලකයින් ඒවා කොල්ලකාපු හැටි පේනවා නේද. මේ සහල් ව්‍යාපාර නොතිබුනානම් අපි අදත් වැලි ගල් පිරුන හාල් නෑඹිලියේ ගරල කන්න තිබුනා.
මේ ඔක්කොම යාළුවො මල්ලි. සංදර්ශන විතරයි.
රතුපස්වල ?
ලගදීම ස්ථානමාරුවක් ලැබෙයි වගේ
වෙලෙද මාෆියාව
අර කලින් එක්කෙනා කල විදියට ආපසු එන එකද ඔබගේ උත්තරය?