ශ්රී ලංකාවට සහල් මෙට්රික් ටොන් පන්දහසක් ආධාර වශයෙන් ප්රදානය කිරීමට ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා පියවර ගෙන ඇතැයි ඉන්දුනීසියාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
එම සහල් තොගය රැගත් නෞකාව ලබන මාර්තු මාසයේ පමණ කොළඹ වරායට සේන්දු වීමට නියමිත අතර පවතින නියං තත්ත්වය සලකා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියා ජනාධිපතිවරයාගෙන් පෞද්ගලිකව කළ ඉල්ලීමක් අනුව ක්ෂණිකව ප්රතිචාර දක්වමින් මෙම ප්රදානය සිදු කර ඇත.
ඉන්දුනීසියා ජනාධිපතිවරයා විසින් එම සහල් ආධාර තොගය එරට සිටින ශ්රී ලංකාවේ තානාපති දර්ශන එම.පෙරේරා මහතාට නිල වශයෙන් බාර දෙනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගබඩා කරපු වී ටික සත්ව අහර වලට වික්ක. කෘෂිකර්ම ඇමතිවරයා වී වගාවෙන් ඓන් වෙලා විකල්ප බෝග වලට මාරු වෙන්න කීව 2016 මුල.කොහොමද ආණ්ඩුවේ ටිකිරි මොලේ. (බ)
ගිය මාසේ විදේශ ඇමති ඉතියෝපියාවේ ගිහිල්ල කිවුවනේ ලංකාවත් ඉතියෝපියාව සමග සම තත්වේ තියන රටක් කියල - ඉතින් ඉන්දුනිසියාවේ ජනාධිපතිතුමාට දුක හිතෙන්න ඇති කන්න නැතුව හාමත් වෙලා ඉන්න හිඟන ජාතියක් කියල. (බ)
ආහාර ආධාර වශයෙන් ඉල්ලන එක හරිද මන්දා ! (බ)
හිඟා කනවා කියන එකේ ඉවරයක් නෑ මේ ආණ්ඩුව. සල්ලි විතරක් නෙමේ, දැන් හාලුත් ඉල්ලනවා. (අ)
මහින්ද මහත්මයට දුන්නනම් කමල් ඔය කතාව කියන එකක් නෑ. ඇත්ත තේරුම් ගන්න . (අ)
රටට අගරු කරන්න එපා දේශපාලකයනි. (අ)
නියඟය ආවේ දේශපාලකයන් ගේ වරදින් ද ?...නියගය දී ඕනෑම රටක් අසරණයි. (ම)
ඉන්දුනීසියා රජය සහ ජනතාවට ස්තුතියි! ස්වභාවික ආපදා තත්වයකදී මිතුරු රටවල් වලින් උදව් ලැබීම හොඳ දෙයක්, පාකිස්ථාන රජයෙන් ද මෙලෙසම ආධාර ලැබුණා. රටට අගෞරවයක් වෙන්නේ මේවායින් නම් නොවෙයි,(ම)
රට මැද සරු වෙල් යායයි.. දැක්කම හරි සිරියාවයි..ඒ වුණාට..නැවෙන් ගෙනත් හාල් බානවා ඕයි... (ම)
ඉතියෝපියාව සෝමාලියාව ගානට වැටුන . අවුරුදු 2 ගියේ මේ රජය පත් වෙලා (ම)
මිතුරැ තෙමෝ දුක සැප දෙකෙහිම එකට සිටියි (ම)
හුගක් අය ඔය මුස්ලිම් රටවලට බැන්නට අපට හුගක් උදව් කරන්නේ මුස්ලිම් රටවල් සහ රුසියව සහ චීනයයි. මීට කලින් සහල් දුන්න පකිස්ථානයෙන්. සමහරු මුස්ලිම් මිනිස්සුන්වයි අයිඑස් ත්රස්තවාදෙන්වත් පටලවාගෙන ඉන්නේ (ම)
තව ඉස්සරහට පොල් වගේ දේවලුත් හිගමන් ඉල්ලන්න වෙයි (ම)