සහල් සඳහා පනවා ඇති පාලන මිලට සාපේක්ෂව වී මිලද බෙහෙවින් අඩුවන බව සහල් මෝල් හිමියෝ පෙන්වා දෙති. දිවයිනේ ප්රමුඛ පෙළේ සහල් නිෂ්පාදකයකු වන මිත්‍රපාල ලංකේෂ්වර මහතා පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවා කියා සිටියේ ගොවියාගේ වී කිලෝවට ඉහළ මිලක් ලබාගැනීමට නම් දේශීය නාඩු වර්ගයේ සහල් කිලෝවක මිල රුපියල් 80ක් වත් විය යුතු බවයි.
පසුගිය දිනවල රුපියල් 48ක්ව පැවැති නාඩු වර්ගයේ වී කිලෝවක මිල පාලන මිලක් පැනවීමෙන් පසු රුපියල් 32 දක්වා පහළ බැස ඇති බවත් වැඩි මිලට වී මිලට ගෙන රජයේ පාලන මිල ගණන්වලට අලෙවි කිරීම සඳහා සහල් නිෂ්පාදනය කළ නොහැකි බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වී මිල වැඩිනම් නොගෙන ඉන්න , පාරිභෝගික අපි අපට අවශ්‍ය වී කිලෝ 50-100 ගොවීන්ගෙන් අරගෙන වියලා ගබඩා කරගෙන තබගෙන අවශ්‍ය වෙලාවට සහල් කරගෙන පරිභෝජනය කරමු , ගොවි මහතුන්ටත් පුළුවන් වී ටික ගබඩා කරගෙන පසුව විකුනන්න , ඔය හදන්නේ වී ටික කුණු කොල්ලෙට අරන් පසුව සහල් රුපියල් 100 විකුනන්න (බ)
වී මිල වැඩි නම් නොගෙන ඉන්න. පාරිභෝගික අපි අපට අවශ්‍ය වී කිලෝ 50-100 ගොවීන්ගෙන් අරගෙන වියළා ගබඩා කරගෙන තබාගෙන අවශ්‍ය වෙලාවට සහල් කරගෙන පරිභෝජනය කරමු., ගොවි මහතුන්ටත් පුළුවන් වී ටික ගබඩා කරගෙන පසුව විකුණන්න. ඔය හදන්නේ වී ටික කුණු කොල්ලෙට අරන් පසුව සහල් රුපියල් 100 විකුණන්න. එතකොට වී 50 අරන් හාල් 100 දෙන වෙලාවේ මොකද දන්නෙ නැහැ හිතුනේ (නි)
සිල්වා , සහල් කිලෝ 2ක් ලබාගන්න වී කිලෝ 2.6ක් ඕනෑ. වී ගබඩා කරන්න ගබඩා පහසුකම් වගේම හොඳින් වියලා ගන්න්, වියළන මිනිසුන්ට දවසට කෑම සමඟ රු 1500ක් දෙන්න ඕනෑ. ඊළඟ කන්නය කරන්න සල්ලි ඉක්මනින් ඕනෑ නිසා කණකර උකස් තියන්න වෙනවා. කොහොමහරි සහල් ටික වෙළඳ පොළට ගෙනාවාම කැඩුණු හාල්, කළු ඇට ගල්වැලි කියා පාරිභෝගිකයින් ප්‍රතික්ෂේප කරනවා. මොකද මිලියන 100 ගණන් වටිනා දියුණු තාක්ෂණික හාල් මෝල් අපිට නැති නිසා. අවසානයේ මේ කතා කියනා කිසිවෙක් අපේ හාල් මිලදී නොගනී. වී මිල 44ට තිබුනොත් අක්කරයට අපට ලැබෙන අවුරුද්දක අදායම රු. 120000කි. වී තවත් පහළ ගියවිට අපි ජීවත්වෙන්නේ කෙසේද? රු. 65ට රෝල්ස් එකක් කන මිනිසුන්ට හාල් 85 වැඩිද? (නි)
යහපාලනයට ඡන්දෙ දුන්නේ වී වලට ඉහළ මිලක් ගන්න, නොමිලේ මෝටර් සයිකල් ගන්න, බිබිලේ එළවලු ටික මත්තලින් ඩුබායි යවන්න ,ෆ්‍රී ඉන්ටෙර්නෙට් සෝන් ගන්න, ඔය කියපු එක දෙයක් වත් දැන් ලැබුනද. නැහැනේ ,,,ලංකාවේ ලක්ෂ 63ක් මෝඩයෝ ටික කරපු වින්නහියට දැන් හැමෝම විදවනවා.,රුපියල බාල්දුවෙනවා,මහබැංකුව මංකොල්ල කනවනවා, දේශීය සම්පත් විකුනන්නවා ,තව ටික කල් ගියොත්,ලංකාවේ ඉන්න මිනිස්සුත් වහල් සේවයට විකුණයි .එතරම්ම යහපාලනය ඇති විශිෂ්ටයි (බ)
ගොවි මහත්වරු කරුණාකර තමන්ගේ වි ටික සහල් කරගෙන පොඩි ලොරියක පටවාගෙන යන්න සතොස ඉස්සරහට එතන මිනිස්සු ඉන්නවා සහල් ගන්න පෝලිමේ , සාධාරණ මිලකට අලුත් සහල් වික්කොත් පැය2-3 යනකොට කිලෝ 500 - 1000 විකුණා ගන්න පුළුවන් , මෙදාපාර නම් හොර මුදලාලිට දෙන්න එපා .(බ)
ගොවියන් විසින්ම වී සහල්කොට විකිණීම ගැන මතුව ඇති අදහස්, බොහෝ ප්‍රායෝගික ගැටළු තිබුනත්, හොඳ විකල්පයක්. එය කළහැකිද? මේ වැඩේ ස්වෙච්ඡා ගොවි සමිති හැදුවොත් පර්යේක්ෂණ මට්ටමේ අතහදා බැලිය හැකියි. එදා වේල නැති ගොවියාගෙන් අඩු මිලට මෙරට මධ්‍යම පන්තියට හාල් අවශ්‍ය නැහැ. නමුත් දැන් වෙන්නේ ගොවියාගෙන් අඩුම මිලට අරන් වී රැස්කොට තබාගෙන ඇති ඉහළ මිලක විකුණන මාෆියාවයි. (නි)
මේ ජාවාරම්කාරයෝ පහුගිය කාලේ සහල් තොග හංගගෙන ඉඳලා, සහල් මිල ඉහළ දම්මලා, පිටරටින් හාල් ගෙනාවේ මේ මංකොල්ලෙට තමයි. දැන් ගොයම් කැපෙන කාලේ. දැන් ඉතින් මේ ලෑස්තිය පිටරටින් ගේන හාල් පෙන්නලා ගොවියන්ගේ වී ටික කුණු කොල්ලෙකට කොල්ල කා ගන්න හදන්නෙ. අපේ රටවලට කිසි දියුණුවක් නැත්තේ මහන්සි වෙලා වැඩක් කරන ගොවියන්ට, නිෂ්පාදකයින්ට කිසි ලාබයක් නොලැබෙන විදියට ඔවුන් තලාපෙලා දමන අතරමැදියෝ නිසයි. වෙන රටවල මේවට නිසි වැඩපිළිවෙලවල් තියනවා ගොවියා සුරක්ෂිත කරන්න. අපේ ආණ්ඩු බලන් ඉන්නේ ජාවාරම්කාරයෝ එක්ක එකතුවෙලා ගොවියෝ කොල්ලකන්න (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
මේක හරියට "ඉබ්බා දියට දන්නා හදනකොට ඇන්නාවේ කිවුවලු" වගේ වැඩක්නේ. (නි)