විදේශිකයන් ලවා සිංහරාජ වනාන්තරයේ වෙසෙන ඒක දේශික (ලංකාවට පමණක් ආවේනික) කෘමින් ඇතුළු කෘමින් රැසක් ජාන ලබාගැනීම ස`දහා රැස් කිරීමේ ව්‍යාපාරයක් ඇති බවට වනජිවි දෙපාර්තමේන්තුව සැක කරයි.
සංචාරක විසා මත එන ඇතැම් යුරෝපා ජාතිකයන් මෙම කෘමින් අල්ලන බවට තොරතුරු අනාවරණය කර ගැනිමට වනජිවි දෙපාර්තමේන්තුවට හැකිවී තිබේ.
මකුළුවන්, තණකොළපෙත්තන්, කංගන්, කැලෑ හුනන්, පළ`ගැටියන්, කළු කැරපොත්තන් ඇතුළු කෘමීන් රැසක් සමග නෙදර්ලන්ත ජාතිකයකු කලවාන සංචාරක හෝටලයකින් දින කිහිපයකට ඉහතදී අත්අඩංගුවට ගත් බව ද දෙපාර්තමේන්තුව පවසයි.
ඇමැස්ටර්ඩෑම් නුවර පදිංචි විජ්නාඞ් රොයෙලොන් බරෙන්ඞ් හෙයිට්මන් (58* රිමාන්ඞ්භාරයට පත්කර ඇත.ඔහු සිටි හෝටල කාමරයේ තිබී කෘමීන් රැසක් සොයාගනු ලැබීය. කුඩා පොලිතීන් කවරවල සිට මෙම කෘමීනට ආහාර ද දමා තිබිණි. මෙම නෙදර්ලන්ත ජාතිකයා 2010 දෙසැම්බර් 17 දින ලංකාවට පැමිණ 2011 ජනවාරි 8 දින පිටව ගොස් ඇති අතර 2012 අපේ‍්‍රල් 5 දින යළ ලංකාවට පැමිණ ඇත. ඔහු එරට රසායනාගාර විශේෂඥයකු බව පවසා ඇතත් සනාථ කිරීමට ලියකියවිලි සතුව තිබී නැත. මීට පෙර සිංහරාජ වනාන්තරයේ සමනලයින් ඇල්ලූ විදේශකයෙක් අත්අඩංගුවටගනු ලැබීය.




1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිව මංකොල්ල කන්න, බලන් ඉන්න කට්ටිය...
මේ වැඩ වලට වහා වැට බැදිය යුතුය
ඔය සත්තුන්ට ලෙඩ බෝ කරලා ආයිත් ගෙනත් දැම්මොත් කොච්චර භයානකද?
විදේශිකයන් අපේ රටට අවිට, ඔවුන් මොනවාද කරන්නේ කියා අපි හොදේ සිහි බුද්ඩියෙන් සිටිය යුතුය. NGO අය පසුගිය කාලයේ කල දේවල් අපට මතකනේ. ඔය අහුඋනේ මගේ හිතේ 1000 කට එකක් විතර, අහුනොවී තව කියක් යන්න ඇතිද? අනික ඔය අහුඋනේ කව්රුහරි කෙනෙක් හොද සිහිබුද්ඩියෙන් සිටිය නිසා. විදේශීය ජාතිකයන් දුටුවිට අපි මානසික බෙලහීන තත්වයකට පත්නොවී අපේ රටත් ජාතියත්(ශ්‍රී ලංකික) උසස් යයි කියා සිතන්න පුලුවනි නම්මෙම බොහෝ ප්‍රශ්න වලට උත්තර සොයාගත හැකියි. එතකොට ඔය අයට හිතු හැටියට අපේ රටට ඇවිත් නැටුම් නටන්න හම්බවෙන්නේ නැ.
ඕස්ට්‍රේලියාව් මේ වගේ දෙයක් සිද්ධ වුණා නම් මිලියන ගාණක් දඩ ගහනවා. අපේ රටට කරපු මේ ආක්‍රමණයට උපරිම දඩුවම් ලබා දිය යුතුයි
ඉන්දියානුවො පෙනුමෙන් බොහෝ දුරට අපි හා සමානයි. ඒ නිසා අපි හොද කල්පනාවෙන් ඉන්න ඕනි.