නේපාලයේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහන රැගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානය නේපාලයේ කත්මන්දු නුවර බලා අද උදෑසන පිටිත්ව ගියේය.
නේපාල ජනතාවට අවශ්‍ය වියළි ආහාර, පාණීය ජල බෝතල් ඇතුළු කිලෝ ග්‍රෑම් 13000 ක් බරැති අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය එහි ගෙන ගිය බව ගුවන් හමුදාව කියයි.
නේපාලයේ භූමිකම්පාවෙන් සතියකට පසු නේපාල රජය පැවසූවේ භූමිකම්පාවට අසු වූවන් තවමත් පනපිටින් සිටිය නොහැකි බවයි.
දැනට 6000 කට ආසන්න පිරිසක් මිය ගොස් දස දහසකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව නේපාල රජය පවසයි.
භූ චලනය සිදු වු සැනින්ම පසුගිය 26 දා ගුවන් හමුදාවේ මෙම සී 130 දරණ ගුවන් යානය නේපාලය බලා වෛද්‍යවරුන්, සහන සේවකයින් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන නේපාලයට ගියේය. පසුව එහි සිරවී සිටි ශ්‍රී ලාංකිකයෝ 42 දෙනෙක් මුදවාගෙන එනු ලබුහ.
මීට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ භාන්ඩ ප්‍රවාහන යානාවක්ද නේපාලය බලා අත්‍යවහ්‍ය ද්‍රවය සහ සහනසේවකයෝ රැගෙන නේපාලය බලා පිටත්ව ගියේය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාලා නුවර තුන්බියට පොද වැස්සක් (නි)
ලංකාවෙන් දුන් ආධාර ප්‍රසිද්ධිය බලාගෙන දුන් දේවල් නොවේ. ඒක දුප්පත් මිනිසුන් හිඟන්නෙකුට සතයක් දෙනවා වගේ යහපත් සිතින් දුන් දේ බව පෙනෙනවා. (නි)
බුදු සරණ ලැබේවා! (නි)
ඉතාමත් හොඳ දෙයක් (නි)
අපි සැබෑ මානවවාදී රටක් බව ලෝකයට පෙන්වූ අවස්ථාවක්. ජනපතිට ,රජයට ස්තුතියි! (නි)
සුබ ගමන් ඔබ සැමට! (නි)
මගේ රටේ හමුදාව ගැන මේ රටවල ප්‍රධාන ප්‍රවෘත්ති වලට ගිය පළවෙනි දවස අද තමා. රටක් දිනු මගේ සෙබළු ලෝකයක් දිනන්නේ මනුස්සකම පෙන්නලා මිසක් අවියෙන් නොවෙන බව කවදාවත් හමුදාවක සේවය නොකළ බොහොමයක් අවබෝධ කරගන්නේ නැත (නි)