ඩ්‍රීම් ස්ටාර් ගායකයකු වන එම්.ජී.ධනුෂ්ක අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (3) වරෙන්තු නිකුත් කළේය.
බයිලා ගායක එම්.එස්.ප්‍රනාන්දුගේ ගීත ගායනා නොකරන ලෙස ඔහුට දැනටත් අධිකරණයෙන් වාරණයක් පනවා තිබේ. එම නඩුවට පෙනී සිටීම සඳහා අද උසාවි නොපැමිණීම නිසා එම වරෙන්තුව නිකුත් කැරිණි.
COMMENTS
අද දවසේ ගායක ගායිකාවන් බිහිවෙන්නේ නැහැ. අනුන්ගේ සින්දු කියලා සල්ලි හම්බ කරන්නේ ගායකයෝද? තමන්ගේම නිර්මාණ කරලා ජනතාව අතරට යන්න තරම් හැකියාවක් ඇති අය අද නැහැ. සංගීත ක්ෂේත්රයම ඉවරයි. අහගෙන ඉන්න හැකි නවීන ගී කීයක් මෙයාලා හදලා තියෙනවද? ඒවායේ අර්ථයක් තියෙනවද? 80 දශකයේ වගේ ගීත නිර්මාණය කරන්න බැරි අැයි? සංගීත විද්වතුන් මීට අවදානය යොමු කරන්න! (නි)
රටේ සියලුම පුරවැසියන් රටේ නීතියට යටත් වියයුතුය. (ර)
හොස්පිට්ල් එකේද දන්නෑ අසනීප වෙලා (බ)
නීතියට හිස නමන්න.ඔබගේ ජනප්‍රිය බව ඔබට පමණයි. (ම)
කොල්ලෝ ඇතුලට යන්න වුනොත් පපුව රිදෙනවා කියහන් සල්ලිත් තියෙන එකේ නවලෝකේ නවතින්න බැරියේ (බ)
අබේරත්නල වැඩි වැඩියෙන් අපේ රටට අවශ්‍ය වී ඇත. එතකොට නියම අනන්‍යතාවක් ඇති ගී ගැයීමට හැකි උදවිය පමණක් ගායකයන් වී සින්දු කීමට පමණක් හැකි උදවිය අනුන්ගේ සින්දුවක් කියාගන සතුටින් ඉඳීවි. අද අපට එදා වගේ ගායකයන් නොමැති වීමට හේතුවත් සින්දු කීමට හැකි වුන පලියට ගායකයන් වීමයි. (බ)
අර ස්ටාර්ලා මේ ස්ටාර්ලා සේරම බැරි වුනේ රටේ ජනප්රියතාවේ හිනි පෙත්තටම නැගපු ගායකයන්ගේ ගීත වලින් බව අපි කවුරුත් දන්නා කරුණක් නමුත් සමහර ස්ටාර් කියාගන්න පිරිසක් ඉන්නවා අනුන්ගේ සින්දු තමුන්ගේ වගේ කියනවා ගීතයේ අයිතිකරුගේ නමවත් නොකිය අපි ඔය ස්ටාර්ලගෙන් ඉල්ලනේ, තමුන්ටම කියලා අනන්‍යතාවයක් හදාගෙන කරලියේ වැජඹෙන්න ඒ වටිනා ගායකයන්ගේ හඩ විනාශ නොකර (බ)
මමත් හොඳ ගායකයෙක්....ඒත් මට අනුන්ගේ ගීත පමණයි ගායනා කරන්නට පුළුවන්... ප්‍රසිද්ධ හොරෙක් වෙන්න හිතක් නැති නිසා සහ මට කියල අනන්‍යතාවයක් නැති නිසා ප්‍රසිද්ධියේ ගායනා අතහැරලා පාටියකදී විතරක් යාලුවොත් එක්ක ගී ගයලා සතුටු වෙනවා...(බ)
ප්‍රසිද්ධ වේදිකා වල අාධුනිකයෝ කොයිතරම් අනුන්ගේ ගීත ගායනය කරනවද? ධනුෂ්ක හැබෑම දක්ෂයෙක්. සමාවක් දියයුතුයි (නි)