(රොමේෂ් මධූෂංඛ)
උතුරු ප්‍රදේශයේ ජීවත් වූ සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන් යුද්දයට පෙර සිටි අයුරින් එකම සහෝදරයින් ලෙසින් නැවත ජීවත් විය යුතු බව අස්ගිරි පාර්සවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියෝ වව්නියාව පොලිස් සංකීර්ණයේ ඉදිකරන ලද චෛත්යෙයහි කොත නිරාවරණය කිරීමේ උත්සවයට අද (06) සහභාගී වෙමින් පැවසුහ.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ගේ හා නියෝජ්‍ය පොලිස්පති වරුන්ගේද එයට එක්වුහ.
‘උතුරේ සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන් එකට ජීවත් වෙනවා. අපි අතර භේදයක් ඇති වුනේ මේ මෑතකදිනේ. මේ පළාත තුල සියලු දෙනාම සහෝදරයින් ලෙසින් ජීවත් වූ විදිහ නැවත ඇති විය යුතුයි මේ ඇණ කොටා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ අපි සමගියෙන් සමාදානයෙන් ජීවත් වීමෙන් තමයි මිනිසත් බව ඇතිවෙන්නේ මිනිසුන් කියන්නේ අනුන් ගැන හිතන්න පුලුවන් ක්‍රියාකරන්න පුලුවන් පිරිසක් මනුස්සත්වය අපි ඇතිකරගන්නට වර්ධනය කරගන්නට ඕනෑ බව හිමියෝ කිහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහා නායක හිමියනි. උතුරේ මිනිස්කම තිබුණු මිනිසුන් කිහිප දෙනෙක් ඉන්න ඇති . නමුත් ඒගොල්ල වැඩි දෙනෙකුගේ එදා තිබු මිනිස්කමේ අනුහස නිසා තමයි, මම අද මේ තරම් අන්ත දෙමල මුස්ලිම් විරෝධියෙක් වෙලා ඉන්නේ. මගේ පියා මුල් ගරුවරයෙක් .,පියාට තිබුනේ 2 පන්තියේ නිදහස් දුම්රිය බලපත්. එදා 1957-1959 වසරවල් අපි රාත්‍රී දුම්රිය වලින් අනුරපුර යද්දී ,මේ වැදහත් මහත්ම කම තිබුණු දෙමළුන් ආසන වල නිදි. මගේ මවටවත් අසුනක් දුන්නේ නැහැ. එදා පටන් ගත්ත වෛරය ,අනුරපුරයට කළ වින දැක්කහම දෙගුණ තෙගුණ වුණා
හොද අදහසක්.. නමුත් කිසිම බුදු පිළිමයක් උතුරේ හමුදා කදවුරු වලින් පිට තියන්න එපා කියල ආරක්ෂක ලේකම් ත්‍රිවිධ හමුදාවට නියෝග කළ බව හාමුදුරුවරු දන්නේ නැතිව ඇති නේද. ඒගැනත් හොයල බලන්න. වෙනම රාජ්‍යයකට පාර කපන බව ට පෙර ලකුණු බැවි හැගෙන්නේ.
ඔය බණ දෙසිය යුත්තේ දේශපාලකයින්ටයි.
දකුණු ආසියාවේ විශාලම මුස්ලිම් විශ්ව විද්‍යාලය නැගෙනහිර ඉදිවෙනව.උතුරු නැගෙනහිර සිංහලයෙක් ගෙයක් හැදුවොත් එලවනව. උන්ට ගල් ගහනවා. බුදු පිළිම කඩනවා. අළුතෙන් බුදුපිළිම හදන්න බෑ.මෙහෙම ගියොත් අපිට මොකද වෙන්නෙ හාමුදුරැවනේ... ඔබ වහන්සේලා අද මේවට විරුද්ධව පාරට නොබැස්සොත් කවදහරි ඔබවහන්සේලාව පාරට ඇදල දාන එක ඔය බුදු පිළිම කඩන අයට ලොකු දෙයක් නොවේවි.