රෝගියා සිහිනැති නොකර සැත්කම සිදු කරන ප්‍රදේශය හිරිවැටිමට සලස්වා සැත්කම කළ හැකි උපකරණයක් ලොවට හඳුන්වා දුන් වෛද්‍ය අනුප හේරත් මහතාට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් විශේෂ උපහාර සම්මානයක් ප්‍රදානය කළේය.
පර්යන්ත ස්නායු උත්තේජක ඇත. දෑත දෙපා සහ රුධිර වාහිනිවල සිදු කරන සැත්කම් සඳහා මෙම උපකරණය යොදා ගත හැකිය.
මෙම උපකරණය ආධාර කරගෙන සාර්ථක සැත්කම් සියකට අධික සංථ්‍යාවක් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල මහනුවර මහ රෝහලේ සිදු කර ඇත.
ලොව සුප්‍රසිද්ධ ජිනිවා අන්තර්ජාතික නව නිර්මාණ හඳුන්වාදිමේ අවස්ථාවේදී මෙම උපකරණයට රන් පදක්කමක් සහ ජුරියේ විශේෂ සම්මානයක් හිමිකර ගනිමින් ශ්‍රි ලංකාවට කිර්තියක් අත්කර දුන්නේය.ලොව මෙවැනි නිර්මාණයක් බිහිකළ ප්‍රථම අවස්ථාව මෙයයි.මෙවන් උපකරණයක් නිර්මාණය කර ගැනිමට මාර්ගය පාදා දුන් නිර්වින්දන වෛද්‍ය විශේෂඥවරුන් ලෙස ක්‍රියා කරන වෛද්‍ය සමන් කරුණාතිලක, වෛද්‍ය ල්කෂ්මන් කරලියද්ද මහත්වරුන් සහ වෛද්‍ය වසන්ති පින්තු මහත්මියට සිය කෘතඥතාව පිරිනමයි.
වෛද්‍ය අනුප හේරත් මහතා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කොළඹ ජාතික රෝහලේ පුහුණුව ලබමින් සීටි.
උපහාර සම්මානය පිරිනැමු අවස්ඛාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල , වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ,කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ මහාචාර්ය චන්දික විජයරත්න විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන සම්බන්ධිකරණ මහලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක මහාචාර්ය අජිත් අල්විස් , ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය ජේකොබ් කුමාරයන් මහත්වරු සහභාගි වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොවටම සෙතක් ලංකාවට ඉමහත් කීර්තියක්. (ර)
පැහැදිලි මදි බෙහෙතක් සොයාගත්තාද නැතිනමි උපකරනයක් සොයාගත්තාද.? දැනට දෂක කිහිපයක සිටම දියුනු රටවල සිහි නැති නොකර අදාල ස්ථානය හිරිවැටිමට සලස්වමින් සැත්කම් කරන වග මා මෙහි සටහන් තබන්නේ දෙවරකදිම මා විදේශයන්හිදි ශල්‍යකර්මයන්ට භාජනය වි ඇත්තේමි. (ර)
රටටම ආඩම්බරයක් , රෝගීන්ට සතුටු දායක පණිවිඩයක් , ඔබට අපේ සුබ පැතුම් ! (ම)
අහන්නත් සතුටුයි. (බ)
පසුගිය කලේ විද්‍යා තාක්ෂනය රට වෙනස් කළා (නදී)
රටට වගේම සියලුම ලක්වැසියන්ටත් ලොකු ආඩම්බරයක්. (නදී)