අනුරාධපුර සිංහ කණුව අසළ 69 හැවිරිදි යාචක කතක කෙළෙසා මරා දැමූ බව කියන තිදෙනෙක් අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
හමුදාවෙන් පළා ගිය පුද්ගලයකු ද, කුළී වැඩ කරන්නකු ද, රබන් ගසන්නකු ද මත් පැන් බී ඇය කෙළසා ගෙල මිරිකා මරන්නට ඇතැයි පොලීසිය පවසයි.
හමුදාවේ ද පුතකු සිටින ඇය රත්ගම පදිංචිකාරියකි.
ඇගේ බැංකුපොතේ රුපියල් 39,000ක් ද, ඇය ළඟ රුපියල් 6200ක් ද, තුබූ බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාවකාලිකව හරි එල්ලුම්ගස ක්‍රියාත්මක කරන්න.න්‍යායවාදීව මෙම ප්‍රශ්න වලට විසදුම් සෙවිය නොහැක. අපරාධ කරන සුළු පිරිසක් නිසා රටම පහත් කරන්න එපා. මෙවාට වීරුධ වැඩි පිරිස අයත් පහත් මිනිස්සුද.මෙහි ලියන අයද සමග අපේ රටේ වැඩි පිරිසක් උතුම් මිනිසුන් තමයි.(නු)
අපේ රටේ කාන්තා හිංසනය වැඩි වෙලා.. මේ පුවත් ලෝකෙම දකිනවා.. (නු)
මේවාට වැඩි වඩා පහත් අපරාධ ස්ත්‍රී හිංසන,ළමා අපචාර සුද්දන් 1880 වල අපේ රටේ කළා. එතකොට සුද්දන්ගේ රටත් පහත් කියන්න බැරි ඇයි? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු..!(නු)
ඔවුන්ට ප්‍රසිද්ධියේ මරණ දඩුවම දියයුතුයි. (නි)
මිනිස්කමට නිගා දෙන නින්දිත වැඩක්.. සමහර අම්මලා වයසට යනකොට හිතුවක්කාර වෙනවා.. මේ අම්මත් එහෙම වෙන්න ඇති.. වයසට යද්දි අඹු දරුවන් ළග පිනක් දහමක් කරගෙන ඉන්න පුළුවං කම තියෙද්දි වෙන වෙන දේවල් කිරීමට යාමෙන් නැති ප්‍රශ්ණ ඇති වෙනවා.!(නු)
දකුණුඅප්‍රිකාවෙ වයසක කාන්තාවක් අවුරුදු අටක ලමයෙක් සමග විවාහවීම ගැන අදහස් දාපු අය මේකට මොකද දන්නේ නැහැ කියන්නේ..!(නු)
කාන්තාවකට තනියම නම් පාරෙ බැහැලා යන්න බැරිවෙයි ඉදිරියට..!(නු)
මේ අයට ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද ? (ස)
ලංකාවේ දැන් ඉතුරුවෙලා තියෙන ගණිකා මඩම් ටිකයි, සම්බාහන ආයතන ටිකයි වහන එකේ ආනිසංස තමයි මේ. (නි)
හරියට හරි ෆීඩා ශර්යා නීතිය ඕන මේ වගේ දේවල් වලටයි.. මරණ දඩුවම නැවත පටන්ගත යුතුයි..!(නු)
වගකිවයුත්තන්ගේ දෑස්වලට යොමුවේවා .. ඉක්මන් විසදුමක් ලබා දීමට කටයුතු කරන්න..!(නු)
මේවාට ක්‍රියාත්මක වෙන අය කෝ..!(නු)
මෙවැනි අපරාධ වලට කරන්න පුලුවන් එකම වැඩේ එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීම පමණයි. (නි)
ෂික් විතරක් මෙහෙමත් මිනිස්සු (ස)
තරුණ කාන්තාවන් ගැන තව මොන කතාද ?(ස)
මේ වගේ අය ටික ටික වද දීලයි මැරෙන්න අරින්න ඕනෑ. (නි)
දැන් තේරෙනවද ෂරියා නීතියේ වටිනාකම (අ)
ජනපතිතුමනි, දැන් ලංකාවේ මිනීමැරුම් වැඩියි. එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්නේ නැද්ද .? (ස)
අපේ රටේ තියෙන නීතිය හොදට ක්‍රියාත්මක වෙනවා නම් ඒ ඇති. (නි)
රත්ගම කාන්තාවක් නම් පුතා කරන්න ඕන ඒවා කරාවි...!(නු)
ඇයි මේ වගේ දෙයක් සිදුකරේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ හිදිනා අනුරපුරේ (ස)
චික් විතරක් මෙහෙමත් තිරිසන්නු (ස)
මේවැනි අපරාද දැං කීයක් නම් සිදුවුණාද? මේවා වැලැක්වීමට බලධාරීන් පියවර ගන්නේ නැත්තේ ඇයි.!(නු)
වයසක කාන්තාවන්ටත් හිරිහැර කරන මේ මිනිස්සු ඇත්තෙන්ම තිරිසනුන්ටත් වඩා පහත් (ස)
මෙවන් අයගේ අවයවයන් කපා දැමීමට නීති සකස්විය යුතුයි. (නි)
මෙවැනි අපචාර වැඩිවන්නේ ඇයි කියා සොයා බලන්න.!(නු)
වගකිවයුත්තන් නිදිද? (නි)
දැන් මනුෂ්‍ය ගුණධර්ම නැති මිනිස්සු හුගක් වැඩිවෙලා (නි)
පුතෙකුත් ඉඳලා, බැංකු පොත් වල සල්ලිත් තිබිලා සිඟමනේ ගිහිල්ලා මැරුම්කාලා , පව් අනේ (ස)
මරණ දඩුවම ක්‍රියාත්මක කළානම් මෙවැනි අපරාධ බොහොමයක් වලක්වා ගන්න තිබුණා..!(නු)
අපේ ආගමික නායකයන් එයාලගේ රාජකාරිය හරියට කලානම් මෙහෙම වෙන්නේ නැහැ (ස)
මේක අවාසනාවන්ත දෙයක් වුණත් බලන්න මේ කාන්තාව හිඟාකාල තියෙන්නේ බොරුවටනේ. (ස)
මේ තරම් පහත් තත්ත්වයකට රට පත් වෙලාත් සමහර අය කියනවා සුළු තරකයකගේ වැඩ නිසා රට පහත් කරන්න එපා කියලා.. (නු)
මේ සියල්ල හැමදාම මෙහෙම වෙද්දි අපි "උතුම් " ජාතිය යයි වංසේ කබල්ගාමු (ස)
අර ජාති ආගම් ගැන පුරාජේරුගහන අයගේ කටේ පිට්ටු හිරවෙලාද ?(ස)
ලංකාවට එල්ලුම්ගස ක්‍රියාත්මක කරන්න. ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදින අයත් වහළවල් උඩට නැගලා ඉල්ලන්නේ ඒකම නම්,හිරකරුවන්ම ඒ වැඩේට අත්සන් කරයි. ඇමරිකාවත් මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා නම්, ඇයි අපි විතරක් නැත්තේ. අපරාධ වැඩිවීමට හේතුවත් ඒකයි. න්‍යායවාදීව මෙම ප්‍රශ්න වලට විසදුම් සෙවිය නොහැක. අප කවුරුත් මානව හිතවාදීව කටයුතු කළ යුතුය.ස්ත්‍රී හිංසනය,ළමා අපචාර අනාගතයේදී මෙලෙසින් අසන්න දකින්න නොලැබේවායි ප්‍රාර්ථනා කරමි. (නි)
මේ තරම් පහත් තත්ව්යකට රට පත්වීමට කුමක්ද හේතුව. වග කිවයුත්තන් කෝ..? (නු)
මෙසහෙම දෙයක් කරන්න මේ මිනිසුන්ගේ හිත් මොනතරම් දරුණු වෙන්න ඕනද? (නු)